IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විජයකලාගේ ප්‍රකාශය ගැන කළහකාරි හැසිරිම් වලින් වළකින්නැයි ඉල්ලයි


 
(නිමල කොඩිතුවක්කු)
 
උතුරු නැගෙනහිර පළාත් තුළ එල්. ටී. ටී. ඊ පාලනයක් ස්ථාපනය කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් කළහකාරි අයුරින් හැසිරීමෙන් වළකින ලෙසට තමන් සියලූම ජාතීන්ගෙන් ඉල්ලීමක් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා පැවසීය.


ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා විසින් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බවද ඔහු කියා සිටියේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අද (5) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඒ මහතා මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මෙසේද කීවේය.


‘‘උතුරේ ජනතාවට  සැනසිල්ලේ ජීවත්වීමට යළිත් වරක් කොටි සංවිධානය කරලියට පැමිණිය යුතුයි යනුයෙන් විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළ ප‍්‍රකාශය සාහසික  ප‍්‍රකාශයක්. සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූම ජනතාව මෙම  කතාව පදනම් කරගෙන කෝප වෙන්න ප‍්‍රතික‍්‍රියා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.


මේ රටේ  සෙසු ජන කොටස්   ප‍්‍රකෝප කරලා ජාතිවාදි තත්වයක් ඇති කරන  එක තමයි ඇයගේ  උත්සාහය වී තිබෙන්නේ. මෙම  උත්සාහයම තමයි ජාත්‍යන්තරයේ ඉන්න ඊලාම් වාදින්ටත් තියෙන්නේ.  මේ උත්සාහයම තමයි සිවාජලිංගම් කරන්නේත්.


මෙයට වඩා ටිකක් දැනුම හා උගත්කම තියෙන අය ජාතිවාදීව  කටයුතු කරන උතුරේ ඇතැම් නායකයන් මේ ව්‍යවස්තාව  උල්ලංඝණය නොවන පරිදි ජාතිවාදය අවුලන්නට  අදත් කටයුතු කරනවා. සමහරු  නීතීඥ වාත්තීයේ කෙල  පැමිණි උදවියයි.

යළිත් වරක් රටතුළ කළබලකාරි තත්වයක්  නිර්මාණය කරලා  ඒ තුළින් එල්. ටී. ටී. ඊ යට පන දීම මේ සියලූ දෙනාගේ උත්සාහය වී තිබෙනවා. ජාත්‍යන්තරයේ  සිටින කොටි සංවිධානයේ ප‍්‍රබලයින්  පිටුපසින් සිට මොවුන්ව ක‍්‍රියාත්මක කරනවා. 
 



අදහස් (0)

විජයකලාගේ ප්‍රකාශය ගැන කළහකාරි හැසිරිම් වලින් වළකින්නැයි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site