IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වගා ළිං ප්‍රතිසංසකරණය කරන්න මුදල් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

 

 

(දයාරත්න ඇඹෝගම)

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ළිඳක් ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා රුපියල් 20,000 ක මුදලක්ද, සිදී ඇති වැවක වගා ළිඳක් කපා ගැනීම සඳහා රුපියල් 30,000 ක් ද පොදු පානීය ළිඳක් අලුතින් ඉදි කිරීම සඳහා රුපියල් 30,000 ක් ද , පවතින පානීය ළිඳක් සුද්ධ පවිත්‍ර කරලා මඩ ඉවත් කර ගැනිම සදහා රුපියල් 25,000 ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළි දැක්වීම හා පවතින ආපදාවන්ට මුහුණ දීම පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් හා ආපදා සහන සේවා නිළධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ජාව පැවැත්විණි.

නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ළිං ඉදි කිරීම හා ප්‍රතිසංස්කරණය, සිදී ඇති වගා ළිං ඉදි කිරීම හා  ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.

නියඟය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වැව් හා වගා ළිං යථා තත්වයට පත් කිරීම පිළිබඳව අමාත්‍යය මණ්ඩල අනුමැතිය ලැබුණා.

පවතින නියං තත්වය හේතුවෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා වගා ළිං ආණ්ඩුව මගින් කපාදීම සිදු කළ යුතුයි කියලා අමාත්‍යය මණ්ඩලයට යෝජනා කළා. ඒ අනුව  කැබිනට් මණ්ඩලය මිලියන 200 ක් ඒ සඳහා වෙන් කරන්න අනුමත කළා.

ඉන් රුපියල් මිලියන 50 ක් මේ වන  විටත් ලබා දී තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉතාම කඩිනමින් වගාවන් බේරා ගන්න අවශ්‍යය කරන වගා ළිං ටික ඉදි කරන්න.

ඒ වගේම පානීය ජල ප්‍රශ්නයත් අපිට තියෙනවා, අපි කොච්චර ජලය බෙදුවත්  ඇතැම් ප්‍රදේශවල ජනතාවට ස්නානය කටයුතු වලට පවා ජලය නොමැති වී තිබෙනවා.ඒ නිසා මේ හරහා පානීය ජල අවශ්‍යතා සපයා ගැනීමටත් මේ හරහා යම් මුදලක් ලබා දෙනවා. නියඟයට ඔරොත්තු දෙන ලෙස පොදු පානීය ළිං ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කර ගැනීමට මේ මුදල් අපි වෙන් කරලා තියෙනවා.

 

 

ඒ නිසා ගොවි සංවිධානයට මේ මුදල් ලබා දුන්නා නම් ඒ අය ගොවි සංවිධානයේ මුදලුත් මේ සඳහා වැය කරලා තමන්ගේ අවශ්‍යතාවට ප්‍රමුඛතාවය ලබා දීලා මේ වැඩ ටික කරයි. ළිං සුද්ධ පවිත්‍ර කරන අවස්ථා වලදී බැකෝ යන්ත්‍ර යොදා ගන්න බැරි නම් ශ්‍රමයෙන් හෝ එය සුද්ධ කර ගත්තාට ගැටලුවක් නෑ, අපිට මේ වෙලාවේ අවශ්‍යය කරන්නේ වගාව බේරා ගැනීම වගේම පානීය ජලය ජනතාවට සැපයීමත් යැයි පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කිර්ති ගමගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) අනෝමා මානෙල් කාවින්ද දිසානායක යන මහත්ම මහත්මිහු ඇතුළු දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 



අදහස් (0)

වගා ළිං ප්‍රතිසංසකරණය කරන්න මුදල් දෙන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site