IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ලොවම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරද්දී මාතෘ භූමිය ගෝත්‍රික පාලනයකට ඇද දාන්න එපා

මුළු ලොවම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන අවධියක ශ්‍රී ලංකා මාතෘ භූමිය ගෝත්‍රික වහල් පාලනයකට ඇද දමන්නට එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා  සිටින බව ද රැවටිලිකාරී දේශපාලනයට එරෙහිව ජනතාව සමඟ භූමියේ සටනට එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබා දෙන බව ද එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රුවන් විජයවර්ධන මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

මුළු ලොවම ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල නිදහස, අධිකරණයේ ස්වාධීනත්වය සහ රාජ්‍ය මූල්‍ය, මැතිවරණ, රාජ්‍ය සේවය, පොලිසිය ඇතුළු ආයතන පද්ධතිය දේශපාලන අයුතු බලපෑම්වලින් තොර ස්වාධීන, අපක්ෂපාතී ව්‍යුහයන් බවට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින මොහොතක සියල්ල දේශපාලනයේ අයුතු සිරවීම්වලට ලක්කරමින් තම දේශපාලන කඳවුරු සවිමත් කරගැනීම සඳහා වත්මන් ආණ්ඩුව සිදුකරන උත්සාහයන් අපි හෙළාදකිමු.

2015 වසරේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් අප දිනා දුන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැවත උදුරාගැනීමට යම් කණ්ඩායමක්  උත්සාහ කරන්නේ නම් එය මෙරට ඉතිහාසය තුළ සිදුකරන ඓතිහාසික වරදක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.
ජනාධිපතිවරයකු සතු අසීමිත විධායක බලතල ප්‍රමාණය හරහා රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය, පොලිස් දෙපාර්තමේන්තුව, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය, විගණන පද්ධතිය ඇතුළු අංශ  ගණනාවක් තම හිතු මනාපය පරිදි අත්තනෝමතික ලෙස පාලනය කරමින්  සිදුකළ සමාජ පරිහානිය පිළිබඳ ඉතිහාසය සාක්ෂි දරයි.

රටේ නීතිය සියල්ලන්ටම පොදු විය යුතුය. පුරවැසියකු වරදක් කළත් ජනාධිපතිවරයකුට වරදක් කළ නොහැක. එමෙන්ම රටත් ජනතාවත් වෙනුවෙන් සද්භාවයෙන් යුක්තව ජනාධිපතිවරයකු ගන්නා තීරණයක් වරදක් ලෙස දැකීමට කිසිවෙක් උත්සාහ කරන්නේ ද නැත. නමුත් විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නිර්මාණය කෙරෙන ජනාධිපතිවරයා රටේ පවත්නා නීතියට යටත් වූ පුද්ගලයකු නොවේ.

රාජ්‍ය පාලනයට සම්බන්ධ වූ හෝ නොවූ හෝ ඕනෑම ආකාරයක කටයුත්තක් / වරදක් සිදුකරමින් නීතියෙන් ගැලවී සිටීමට ඔහුට පුළුවන.
ද්විත්ව පුරවැසියන් යනු තමන්ගේ රටේ මෙන්ම වෙනත් රටක ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටින අයයි. එවැනි පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව සලසා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කුමන හේතුවක් නිසා දැයි අපට තිබෙන්නේ බරපතළ ප්‍රශ්නයකි. අවසානයේ විදේශ රටවල සිටින එල්.ටී.ටී.ඊ හිතවාදීන් පවා උතුරු නැගෙනහිරට ගොස් අන්තවාදය පෝෂණය කොට බලයට පත් වුවහොත් මේ ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නන් හෝ ඒවා අනුමත කරන්නන් ඊට වගකියන්නේ ද?

රටේ විගණන ක්‍රියාවලිය මුළුමනින්ම දේශපාලන අධිකාරිය යටතට පත් කිරීම වෙනුවෙන් නව ව්‍යවස්ථා සංශෝධනය හරහා පිඹුරුපත් සකස් කෙරේ.

මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය අහිමි කරවීමට සූදානම්ය.

අමාත්‍ය මණ්ඩලයක සිටිය යුතු අමාත්‍ය ධුර සංඛ්‍යාව 30ක් විය යුතු බව දහනව වන ආණ්ඩුක්‍රම සංශෝධන හරහා තීරණය කරනු ලැබුවේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි වීම හරහා සිදුවන අනවශ්‍ය මුදල් නාස්තියත්, විෂය පථයන් සී සී කඩ විසිර යාම නිසා සිදුවන පාලන ක්‍රමයෙහි දුර්වලතාවත් සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව සමස්ත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම කෙළෙසා දැමීමකි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නැගූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් ප්‍රමුඛ ජනතාවාදී බලවේගයන්, දේශප්‍රේමී සිවිල් සංවිධාන සමඟ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ශක්තිමත් කිරීම වෙනුවෙන් සටන් බිමට අවතීර්ණ වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම්වල දැඩි  කැපවීම් මැද ගෙන ආ දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තනිව අයිතිවාසිකම් කීමට ඉදිරිපත් වූ  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද සිටින්නේ දහනමය අහෝසි කොට ඒකාධිපති බලකාමය ශක්තිමත් කරමින් විසි වන ආණ්ඩුක්‍රම සංශෝධනය ඉදිරිපත් කිරීමට උත්සාහ දරන පිලේ වීම දෛවයේ සරදමක් වැනිය.

දහනමය ගෙන ඒමට අප හා කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නිදහස් පක්ෂයේ කණ්ඩායම, දහනමය අහෝසි කොට විසි වන ආණ්ඩුක්‍රම සංශෝධනය ගෙන ඒමට පක්ෂ ද? විපක්ෂ ද? යන්න වහා රට ට හෙළි කළ යුතුය.

රටේ නීතිය නවනවා යැයි එදා චෝදනා කළ අය අද නීතිය කුඩු කොට, දිය කොට ඉන් තමන්ට රිසි රිසි අයුරින් සිතුවම් අඳිමින් සිටින බව නම් පැහැදිලිය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා ගරු නොකරන දූෂිත ආණ්ඩුව මීනීමැරුම් නඩුවක වරදකරුවෙකු කර අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ පුද්ගලයකුට රටේ නීති සම්පාදනය කෙරෙන උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ඉඩ හරින තැනට කටයුතු කිරීම කෙතරම් අභාග්‍ය සම්පන්න කරුණක් ද?

ජාත්‍යන්තර පුවත් වාර්තා තුළ පවා මෙම සිදුවීම රටට බරපතළ අපකීර්තියක් සිදුකරමින් වාර්තා කර තිබුණි. සිංහරාජය දෙපළු කරමින් මාවතක් ඉදිකරන විට, රැම්සාර් තෙත් බිම් ඩෝසර් කරන විට, කඩොලාන පරිසර පද්ධති කපා බිම හෙළන විට, නකල්ස් රක්ෂිතය වනසන විට, රටේ සමස්ත පරිසර පද්ධතිය, පුරාවිද්‍යා උරුමයන් වස්තු තණ්හාවේ සහ බලලෝභී දේශපාලනයේ ගොදුරු බවට පත්වන විට පසුගිය කාලයේ පරිසර විනාශ පිළිබඳ කරුණු ගෙන හැර දක්වමින් ඝෝෂා කළ කණ්ඩායම් නිහඬවීම තුළ ඇත්තේ ඔවුන් සියල්ල වත්මන් ආණ්ඩුවේම අවස්ථාවාදී සහ පටු දේශපාලන වුවමනාවන් ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බලාත්මක කර තිබූ කල්ලි සහ පිල්ලි බව පැහැදිලි වීමයි.

රටේ ආර්ථිකය සහමුලින්ම බිඳ වැටී තිබේ. රාජ්‍ය ආයතන වැටුප් ගෙවා ගැනීමට නොහැකිව වසා දමන තැනට පත්ව තිබේ. නමුත් වත්මන් ආණ්ඩුව සත්‍ය තත්ත්වය වසන් කරමින් සියල්ල විවිධ සංදර්ශන තුළට ලඝු කරමින් ජනතාවගේ ජීවිත ටිකෙන් ටික සිර කිරීමකට ලක් කරමින් සිටී.

අර්තාපල් මිල පාලනය කිරීමට නොහැකි වන විට ඒවායේ මිල වැඩි කරන රජය පවසන්නේ දේශීය ගොවීන් වෙනුවෙන් එම තීරණය ගත් බවයි. අප දන්නා පරිදි දේශීය අර්තාපල් ගොවි මහතුන්ට ඉන් අත්වූ යහපතක් නැත. නමුත් සිදුව ඇත්තේ බහුතර පාරිභෝගික ජනතාව පිට අදාළ බර පැටවීම පමණි. අද පොල් ගෙඩියක් රුපියල් 100 ඉක්මවා ගොස් ඇත. සහල් මිල පාලනයක් නැත. ඉන්ධන මිල පහළ යාමේ සහනය මිල සූත්‍ර ජනතාවට අහිමිය.

අද රෝහල්වල බරපතළ ඖෂධ හිඟයක් නිර්මාණය වී තිබේ. මේ දක්වා ඊට විසඳුම් ලබා නොදෙන ආණ්ඩුව දේශීය කර්මාන්තයක් ලෙස ඖෂධ වර්ග නිෂ්පාදනය පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටී. තවදුරටත් මෙවැනි සංදර්ශනවලට මුළා වනවා දැයි ජනතාව තීරණය කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය වළක්වන බව පවසමින් පසු ගිය කාලයේ කටයුතු කළ රජය ඉන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි  පැහැදිලිව නොකියන්නේ ඇයි? බලාපොරොත්තුව ගව මස් කෑම වැළැක්වීම නම් ගව ඝාතනය හෝ මාංශ අලෙවිය හෝ ආනයනය කිරීම ආදී සියල්ල නීතියෙන් තහනම් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි ?

මේ සියල්ල තම ජාතිවාදී සහ අන්තවාදී දේශපාලන කඳවුරු පෝෂණය කරමින් සිදුකරන මාධ්‍ය සංදර්ශන පමණි.

රටේ සමස්ත ජනතාව වෙනුවෙන් දිනා දුන් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරාගැනීමට යම් කණ්ඩායමක් හෝ පුද්ගලයකු කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව සටන් කිරීම සියලු පුරවැසියන්ගේ වගකීම සහ යුතුකම බව ද අපි සිහිපත් කරමු.

(***)



අදහස් (2)

ලොවම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරද්දී මාතෘ භූමිය ගෝත්‍රික පාලනයකට ඇද දාන්න එපා

Bamunuarachchi Monday, 21 September 2020 11:56 AM

ජනාධිපතිට බලතල දීම ගෝත්‍රික පාලනයක් නම් මහගෝත්‍රිකයා ඔහේගේ මාමා. ගිය අවුරුදු 54ම තිබුණේ ගෝත්‍රික පාලනයක්.. ඒ නිසයි ජනතාව විසින් මාමලා බැනලා බිංදුවටම බැස්සුවේ. තව මෙතන පම්පෝරි ගහනවා.

:       2       7

pj Tuesday, 22 September 2020 11:47 AM

සාමාන්‍යයෙන් ඇත්ත පිළිනොගැනීම ගෝත්‍රිකයින්ගේ ප්‍රධානතම ලක්ෂණයයි. ඇත්ත පෙනෙන්නේ නයාට අඳුකොළ වගේ. මුළුරටම බිංදුවට බැහැපු බව පිළිගන්න තරම් බුද්ධියක් නොමැති වීම රටේ අවාසනාවක්. මම දන්න දෙපලක් ඉන්නවා තරුණ සේවා සභාවේ. පිරිමි කෙනා සුදුසුකමක් නැති ඩිරෙක්ටර් කෙනෙක් මාසික පඩිය ලක්ෂ 40ට වැඩියි. නෝනා දන්නේ නිවාස ප්ලෑන් අඳින්න විතරයි... ඔටෝ කැඩ්වලින්. එ්ත් එතන ලොකු තනතුරක් දරන්නෙ. එකම පුතා ඉගෙනගන්නේ නවසීලන්තයේද කොහෙද ඈත රටක. නුගේගොඩ උඩහමුල්ලේ තියෙනවා තට්ටු තුනක නවීන පන්නයේ නිවසක්... මේ සියලූ වරප්‍රසාද ලැබෙන්නේ රජපවුලට කඩේ යාමෙන්. නෝනාගේ කාර්යය මුහුණු පොත හරහා රජ පවුලේ සුදුහුණු ගෑමයි. විරුද්ධ හැමටම මඩ ගැසීමයි. නරක නැහැ නේද? කවුද අකමැති වන්නේ මේ වගෙ කඩේ යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2145 22

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3045 16

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3392 9

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2398 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 283 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1225 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1918 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1692 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site