IMG-LOGO

’ලියාගත ‍නොහැකි අධ්‍යයනය සටහන් රජයේ වියදමින් පිටපත් කරනවා’

(අංජුල මහික වීරරත්න සහ එස්.ඩී. කොඩිකාර,ඡායාරූප - ඉෂංක සුනිමල්)

‘ඉදිරි විභාගවලට පෙනී සිටීමට නියමිත ගංවතුර සහ නායයෑමෙන් විපතට පත් සිසු සිසුවියන් වෙනුවෙන් රජය සහනයක් දෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දෙනියාය කොටපොලදී පැවැසීය.

ගංවතුර සහ නායයෑම් හේතුවෙන් වූ විපත් නිසා අධ්‍යාපන කටයුතු අවසන් කර ගැනීමට නොහැකිවී නම් ඔවුනට වසරක් පමාවී විභාගයට පෙනී සිටීමට හෝ නියමිත වසරේදීම විභාගයට පෙනී සිටිනවා නම් අධ්‍යාපන සටහන් රජය වියදමින් ඡායා පිටපත් කරදීමේ වැඩපිළිවෙළක් හෝ ක‍්‍රියාත්මක කරන්න හැකියාව තිබෙන්නේ යයි ද අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසුයේ මාතර දිස්ත‍්‍රික්කයේ ගංවතුර හා නායයෑමෙන් විපතට පත් ප‍්‍රදේශවලට ගොස් හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව දිස්ත‍්‍රික්කයේ  රජ්‍ය නිලධාරීන්ට උපදෙස් දීම සඳහා පැවැති සාකච්ඡාවේදීය.

කොටපොල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මාතර දිස්ත‍්‍රික්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරු අගමැති වෙත තම ප‍්‍රදේශයේ ගැටලූ ඉදිරිපත් කළහ.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා අදාළ ආයතන වෙත ජනතා ගැටලූ යොමුකර කඩිනම් විසඳුම් දෙන ලෙසට නියෝග කරනු ලැබීය.

සාකච්ඡාවේදී නිලධාරීන් සහ මහජන නියෝජිතයින් දැක්වූ අදහස් මෙසේය.

මාතර දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප්  රත්නායක මහතා: අවතැන් වූ අය නැවත පදිංචි කිරීම සඳහා මේ වනවිට ඉඩම් සොයමින් සිටිනවා. හානියට පත් නිවාස වෙනුවට නව ඉඩම් සහ නිවාස හැකි ඉක්මනින් දීම අපේ අරමුණයි.

පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම්: අප කොට්ඨාසයේ සියලූම ග‍්‍රාම නිලධාරී වසම් ආපදාවට ලක්වුණා. අවතැන් පවුල් නැවත පදිංචි කරන්න ඉඩම් අක්කර 100ක් පමණ අවශ්‍යයි. ඊට වතු සමාගම් යටතේ ඇති ඉඩම් පවරා ගත යුතුව තිබෙනවා. එය ගැටලූවක් වේවි ද?

අගමැති: වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සමග සාකච්ඡුා කර ඒ කාරණය ඉටුකර දෙන්නම්. නැවත පදිංචියට ඉඩම් වෙන් කිරීමේදී විශාල වශයෙන් ප‍්‍රශ්න පැන නගිනවා. නමුත් ප‍්‍රශ්න කෙසේ හෝ විසඳාගත යුතුයි.

වැලිවේරිය ප‍්‍රාදේශීය ලේකම්: ග‍්‍රාම නිලධාරී වසම් 36ක් ආපදාවට ලක්වුණා. මේ වනවිට හානි තක්සේරු කරමින් සිටිනවා.

මාලිම්බඩ ප‍්‍රාදේශීය ලේකම්: පවුල් 4800කට පමණ හානිය බලපා තිබෙනවා. බොහෝ පවුල් අවදානම් ස්ථානවල සිටියත් ඒ තැන්වලින් ඉවත් වෙන්න අකමැතියි. පවුල් 40ක් පමණ ඉවත් කිරීම සඳහා හඳුනාගෙන සිටිනවා.

 අගමැති: ජනතාව කැමති නිවාස හානි සඳහා මුදල් දෙනවාට ද? රජය විසින් නිවාස ඉදිකර දෙනවාට ද?

මාලිම්බඩ ප‍්‍රාදේශීය ලේකම්:  බහුතරයක් දෙනා මුදල් ගෙන තමන් විසින් නිවාස ඉදිකර ගන්න කැමතියි.

අගමැති: ජනතාව කැමති ආකාරයට කටයුතු කරන්න.

කිරින්ද ප‍්‍රාදේශීය ලේකම්: ප‍්‍රදේශයේ පාලම්වලට හානි වෙලා නිවාස 54ක් පමණ හානිවී තිබෙනවා.

අකුරැස්ස ප‍්‍රාදේශීය ලේකම්: නිවාස 78ක් පමණ සම්පූර්ණයෙන්ම කැඞී ගිහිල්ලා. අවදානම් ස්ථාන තිබෙනවා. ගඟ දෙපස තේ වතුවලට හානිවෙලා. ඊට ආධාර දිය යුතුයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරී මහතා: වගා හානි පිළිබඳව මේ වනවිට වාර්තා ගනිමින් සිටිනවා. පූර්ණ හා අර්ධ හානි සඳහා තේ පැළ නොමිලේ දෙන්න අප කටයුතු කරනවා. එමෙන්ම සියයට 6 පොලියට සහන ණය දෙනවා.

අමාත්‍ය  සාගල රත්නායක මහතා: නැවත වගා කරන්න නොහැකි තරමට හානි වූ ඉඩම් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරී: එවැනි ඉඩම් හඳුනාගෙන ඒ වෙනුවට විකල්ප ඉඩම් දීමට තීරණය කළා.

අමාත්‍ය සාගල රත්නායක මහතා: එසේ නැතිනම් ඒ ජනතාව සඳහා සුදුසු වන්දියක් දෙන්න සමහර තේ ඉඩම්වල උණ ගස්, කොටන් ආදිය වෙළඳ වගා හානි වෙලා. ඒවාටත් වන්දියක් දෙන්න කටයුතු කරන්න.

වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරී මහතා: ගඟ දෙපස උණ ගස් සිටුවීම මීට ඉහතදී පාංශු සංරක්ෂණ ක‍්‍රමය ලෙස අනුගමන කළා. නමුත් ඒ ක‍්‍රමය සුදුසු නැති බව දැන් පෙනෙන්න තිබෙනවා. සැඩ පහරට උණ ගස් පිටින් ගැලවී ගඟ හරස්වීම ගං වතුර උවදුර තවත් උග‍්‍රවීමට හේතු වූවා. ඒ නිසා උණ ගස් වෙනුවට කුඹුක් ගස් සිටුවීම සුදුසුයි කියා හිතනවා.

අගමැති: ඒ කාරණය ගැන ප‍්‍රතිපත්ති තීරණයකට එළැඹිය යුතුයි. උණ ගස් ගංවතුර වැඩි කරන්න හේතු වෙනවා නම් යම් ප‍්‍රතිපත්තිමය තීරණයක් ගන්න වෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධරයා: ගං ඉවුර  ආසන්නයටම තේ වැවීමත් සුදුසු නැහැ. ඒ වගේම බොහෝ තැන්වල පිටාර මට්ටම අවහිර වන අයුරින් අනවසර ඉදිකිරීම් කරලා. ඒ ඉදිකිරීම් ඉවත් කිරීම ප‍්‍රශ්නයක් වෙලා.

අගමැති: ගංගා අවහිර වන ලෙස අනවසර ඉදිකිරීම් කර තිබෙනවා නම් ඒ සම්බන්ධව ක‍්‍රියා කරන්න.

මාතර ප‍්‍රාදේශීය ලේකම්: මාතර නගරයෙන් විශාල ප‍්‍රදේශයක් ජලයෙන් යටවුණා. නගරයේ සීයට 30ක් පමණ ජලයෙන් යටවූ බව කිව හැකියි.

කඹුරුපිටිය ප‍්‍රාදේශීය ලේකම්: අප ප‍්‍රදේශයේ මාර්ග, පාලම්, බෝක්කුවලට දැඩි ලෙස හානි වෙලා. ඇතැම් මාර්ග තිබූ තැන් පවා සොයා ගන්න බැහැ.

අතුරලිය ප‍්‍රාදේශීය ලේකම්: මාර්ග බොහොමයක් ගංවතුරින් යට වුණා. මේ සඳහා දිගුකාලීන හා විසඳුම් අවශ්‍යයි.

වැලිගම ප‍්‍රාදේශීය ලේකම්: මාතර කුණු ගෙනැවිත් දාන්නේ කොටගලටයි. ඒ කුණු ගංවතුරට සෝදාගෙන ඇවිත් ජනතාව සමේ රෝගවලට පවා ගොදුරු වුණා. අනාගතයේදී මේ නිසා තවත් රෝග ඇතිවිය හැකියි.

අමාත්‍ය සාගල රත්නායක මහතා: එය ඉතා භයානක තත්ත්වයක් වනවා. වහාම කඩිනම් පිළියම් සොයන්න.

පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම්: ගංවතුර උවදුරෙන් පසුව නායයෑමේ අවදානමක් ද පැමිණ තිබෙනවා. ගොඩනැගිලි පර්යේෂණ  ආයතනය මේ වනවිට පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා.

අගමැති: වතුරට යටවූ නගරවල ව්‍යාපාර කටයුතු ගොඩගැනීම සඳහා වහාම සැලසුම් සකස් කරන්න.

කොටපොල ප‍්‍රාදේශීය ලේකම්: නැවත පදිංචි කිරීම සඳහා පවුල් 80ක් වෙනත් ස්ථානවලට ගෙන යා යුතුව තිබෙනවා. මේ සංඛ්‍යාව තවත් වැඩිවිය හැකියි.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්: මාතර පාසල් 100ක් පමණ ආපදා වෙලා. පාසල් උපකරණ හානියට පත්වෙලා. මේවා ප‍්‍රතිසංස්කරණය කරන්න පහසුකම් අවශ්‍යයි.

අගමැති: සමහර තැන්වල දරුවන්ගේ පොත් පත් පවා නැති බව මට දැන ගන්න ලැබුණා. පුස්තකාලවලටත් පොත් නැහැ.

මහාමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතා: නායයෑමෙන් හානිවූ සියලූම මාර්ග ගමන් කළ හැකි මට්ටමකට ගෙන ඒමට හැකියා තිබුණා.

අගමැති: කුඩා තේ වතු හිමියන්ට තේ කම්හල්වලට දළු ප‍්‍රවාහනය කරන්න හැකිවන පරිදි  මාර්ග පද්ධතිය හැකි ඉක්මනින් හදා දෙන්න ගමේ ආර්ථිකය රැඳී ඇත්තේ තේ කර්මාන්තය මතයි. ඒ  ආර්ථිකය බිඳ වැටෙන්නේ නැති වන පරිදි කටයුතු කිරිම වැදගත් වෙනවා.

 ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා: සියලූම දෙනා ඒකාබද්ධ වී මෙහෙයුමක් ලෙස වැඩ කළා. විපත මේ තරම් හොඳට කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබුණේ ඒ නිසයි.

අගමැති: නිවාස අහිමි වූ අයට නව නිවාස හදනතුරු කූඩාරම්වල ඉන්න බැහැ. නිවාස කුලිය වශයෙන් 7500ක් දෙන්න.

දකුණු පළාත් සභා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා: නායයාමේ බිය නිසා බොහෝ අය රාත‍්‍රී කාලයේ ගෙවල්වලින් පිට නිදා ගන්නවා. කඳු සහිත ස්ථාන රැසක් අනාරක්ෂිතයි. මේවාට විධිමත් වැඩපිළිවෙළක් අව්‍යයි. මොරවක උසාවියත් අද පවතින්නේ අවදානම් තත්ත්වයකයි.  



අදහස් (2)

’ලියාගත ‍නොහැකි අධ්‍යයනය සටහන් රජයේ වියදමින් පිටපත් කරනවා’

hasantha Tuesday, 20 June 2017 07:28 PM

මේ ලිපිය කියවන නංගිලා මල්ලිලා, ඔබලාට මෙහෙම ගැටලුවක් තියෙනවා නම් මුහුණු පොතේ පලකරන්න. රජයට වඩා ඉකමනින් ඔය ගැටලුවට විසදුම් දෙන්න අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට පුළුවන්. චායා පිටපත් කරලම ගෙදරට එවන්නම්.

:       0       36

lalith Wednesday, 21 June 2017 12:08 PM

ඔබතුමාලටම ගිහින් විභාගේ ලියන්න වුණත් තිබුණා. ඔය පාර්ලිමේන්තුවේ පිරිසට මීට වැඩිය යමක් කරගන්න පුළුවන් කම තිබුණා නේද?

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site