IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර

(ජුඩ් සමන්ත)


අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්‍රභාකරන් කෙනෙක්වත්,මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු තීරණ ගන්නා නායකයෙකු යැයි වාරි මාර්ග,ජල කළමණාකරන හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.


බත්තුළුඔය සිටඋඩප්පුව හරහා ආඩිමුනේ දක්වා ඇති  මාර්ගයේ  මෝය කට අසල පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.


මෙම පාලම ඉදිකිරීම සදහා රජය රුපියල් ලක්ෂ 4140 ක මුදලක් වෙන්  කර ඇත.


වැසි කාලයේදී උඩප්පුව මෝය තුළින් වැඩි ජලය මුහුදට ගලා නොයාම හේතුවෙන් පසුගිය කාලය පුරා ගැටළු ඇති විය.උඩප්පුව මෝය කපා නොදැමීමෙන් බත්තුළුඔය,පුලිච්චාකුලම,මුන්දලම ආදී ප්‍රදේශ ජලයෙන් යට වන අතර,මෝය කපා දැමූ විට බත්තුළුඔය සිට උඩප්පුව හරහා ආඩිමුනේ දක්වා ගමන් කිරීමට නොහැකි වනු ඇත.


ඊට පිලියමක් ලෙස නව පාලම ඉදි කෙරේ.


මෙහිදී තව දුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයා පසුගිය දිනක මහනුවරදී දැඩි ප්‍රකාශයක් කරමින් මත්කුඩු ජාවාරම් නිරතව සිට දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින අයට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් බල ප්‍රකාශ කළා.


එය ඉතාමත්ම හොද තීරණයක්.මත් කුඩු ජාවාරම්කරුවන්ට පමණක් නොව සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ නීති විරෝධී ගිනි අවි භාවිතා කරමින් ජන ජීවිතය අවුල් කරන අපරාධකරුවන්ටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට මම යෝජනා කරනවා.


මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි,ශාන්ත සිසිර අබේසේකර,හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්ටනි බියන්විල,පුත්තලම දිසා ලේකම් එන්.එච්.චිත්‍රානන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.



අදහස් (1)

‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර

kalani Friday, 13 July 2018 03:45 AM

අනේ ඉතින් ඔබේ පක්ෂයට ලික්වාන් යු වැනි නායකයෙක් පත්කර අපේ මව්බිම ගොඩ ගන්නකො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site