IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකා ජාතික වතුකම්කරු සංගමය ජනපතිට

(අංජුල මහික වීරරත්න)

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අද (12) පැවසීය.

වතු කම්කරු ජනතාව ලක්ෂ 17 ක් සමඟ තමන් එම තීරණය ගත් බවද “එක්ව ජයගමු” මාධ්‍ය හමුවට කොළඹදී එක් වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේය. 

තමන් ඇතුළු ලංකා ජාතික වතුකම්කරු සංගමයේ දේශපාලන මණ්ඩලය රැස්ව මේ ගැන අවශ්‍ය තීන්දු තීරණ ගත් බවත් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීම තවදුරටත් කල් දැමීමට සිටියත් ජනාධිපතිවරයා අන් කිසිදු රාජ්‍ය නායකයෙක් ලබා නුදුන් සහන රාශියක් වතු කම්කරු ජනතාව වෙත ලබා දුන් නිසා ජනාධිපතිවරයා සහය දීමේ තීරණය ඉක්මනින්ම දැනුම් දීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 

වතු කම්කරු වැටුප්, නිවාස සහ ගුරු සහායක ඇතුළු රැකියා ලබා දෙමින් වතුකරයේ ජනතාවගේ ගැටළු විශාල ප්‍රමාණයක් විසඳීමට ජනාධිපතිවරයාට හැකි වූ බවද වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.



අදහස් (0)

ලංකා ජාතික වතුකම්කරු සංගමය ජනපතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site