නාලක සංජීව දහනායක
රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය නතර කිරීමට රජය විසින් ගත් තීරණය කිසිදු ප‍්‍රයෝජනයක් නැතැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය.
සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ලබාගෙන තිබෙන බවත් කී මන්ත‍්‍රීවරයා ජනතාව රවට්ටන ප‍්‍රකාශ නොකර ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය මීට වඩා වැදගත් ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවද කීය.
එමෙන්ම වාහන ආනයනය කිරීමේදී විශාල වශයෙන් වංචා හා දුෂණ සිදුවන බවත් ආනයනික වාහන සඳහා එන්ජින් ධාරිතාවය මත බදු අයකිරීමෙන් වංචා හා දුෂණ අවම කර ගතහැකි බවද පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දුටු පුවතකට අනුව ඇමෙරිකාව ලබන වසරේ ඔවුන්ගේ පොලි අනුපාතය අවම වශයෙන් දෙවරක්වත් ඉහල දැමීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඩොලර් ආනයන සඳහා භාවිතා කරන සියලු රටවලට අයහපත් පුවතක්.
ඉක්මනට බලය අල්ලාගෙන පසුගිය වකවානුවේ කළා වගේ පලක් ඇති වැඩ කරන්න. අර ඉමක් කොනක් නැතුව ඉතා අධික මිල වාහන ගෙනැල්ලා රටේ හැමතැනම හංගලා තිබුනේ රුපියල අවප්‍රමාණය පාලනයට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම ඵලක් නැති හින්දා වෙන්න ඇති. දැන් අපේ බදු බර මොනවා නිසාද දන්නේ නැහැ. තවමත් හොයනවා. හොයන්න කවුරුත් නැහැ. පොරොන්දු වූ පරිදි හරි සැප...
මෙයා කියන තර්ක අමුතු ඒවා. 2500 මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?
බන්දුල මහතා අපිත් ඔය අදහස පලකළා. ඕකත් හරියට බැංකුව කොල්ලකෑවට පසු අධිපති පන්න ගත්තා වගේ. වාහන සියල්ල ගෙන්වාගෙන දැන් වාරණ නීති දානවා. අර 62ටම ඔබින කතා...