නාලක සංජීව දහනායක
රුපියල අවප‍්‍රමාණය වීම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන ආනයනය නතර කිරීමට රජය විසින් ගත් තීරණය කිසිදු ප‍්‍රයෝජනයක් නැතැයි කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (30) පැවසීය.
සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ලබාගෙන තිබෙන බවත් කී මන්ත‍්‍රීවරයා ජනතාව රවට්ටන ප‍්‍රකාශ නොකර ආර්ථික අර්බුදය විසඳීම සඳහා රජය මීට වඩා වැදගත් ප‍්‍රතිපත්තිමය තීරණ ගත යුතු බවද කීය.
එමෙන්ම වාහන ආනයනය කිරීමේදී විශාල වශයෙන් වංචා හා දුෂණ සිදුවන බවත් ආනයනික වාහන සඳහා එන්ජින් ධාරිතාවය මත බදු අයකිරීමෙන් වංචා හා දුෂණ අවම කර ගතහැකි බවද පැවසීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රම විහාරයේදී අද (30) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කීවේය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රුපියල අවප්‍රමාණය පාලනයට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම ඵලක් නෑ’
lakmal Sunday, 30 September 2018 01:18 PM
මා දුටු පුවතකට අනුව ඇමෙරිකාව ලබන වසරේ ඔවුන්ගේ පොලි අනුපාතය අවම වශයෙන් දෙවරක්වත් ඉහල දැමීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඩොලර් ආනයන සඳහා භාවිතා කරන සියලු රටවලට අයහපත් පුවතක්.
Saththaya Sunday, 30 September 2018 02:17 PM
ඉක්මනට බලය අල්ලාගෙන පසුගිය වකවානුවේ කළා වගේ පලක් ඇති වැඩ කරන්න. අර ඉමක් කොනක් නැතුව ඉතා අධික මිල වාහන ගෙනැල්ලා රටේ හැමතැනම හංගලා තිබුනේ රුපියල අවප්‍රමාණය පාලනයට තීරුබදු රහිත වාහන ආනයනය නැවැත්වීම ඵලක් නැති හින්දා වෙන්න ඇති. දැන් අපේ බදු බර මොනවා නිසාද දන්නේ නැහැ. තවමත් හොයනවා. හොයන්න කවුරුත් නැහැ. පොරොන්දු වූ පරිදි හරි සැප...
rohana Monday, 01 October 2018 05:06 AM
මෙයා කියන තර්ක අමුතු ඒවා. 2500 මාසයක් කන්න පුළුවන් කිව්වෙත් මෙයාම නේද?
Bamunuarachchi Monday, 01 October 2018 08:07 AM
බන්දුල මහතා අපිත් ඔය අදහස පලකළා. ඕකත් හරියට බැංකුව කොල්ලකෑවට පසු අධිපති පන්න ගත්තා වගේ. වාහන සියල්ල ගෙන්වාගෙන දැන් වාරණ නීති දානවා. අර 62ටම ඔබින කතා...