
(නිමල කොඩිතුවක්කු සහ ජේ. ඒ. එල් ජයසිංහ)
රට විනාශ කරන රට ගිනිබත් කරන රනිල් වික්‍රමසිංහ අනුර දිසානායක අයිය මලෝ ජනාධිපතිවරණයේදි තමන්ව පැරදවීම අරමුණ කරගනිමින් දෙවැනි මනාප බෙදාගෙන ඇති බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවසීය.
රටේ ජනතාව දේශපාලන ඩීල්වලට රැවටෙන්නේ නැති බැවින් දෙවැනි මනාප අවශ්‍ය නොවන බවත් පළමු වටයෙන්ම සමගි ජන බලවේගය ජයග්‍රහණය කර රනිල් අනුර මහා කුමන්ත්‍රණය පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කලේය.
රනිල්, අනුර එක්ක ඩීල් දාන්න පෙර පාස්පෝට් සහ වීසා පොළිම් නැති කරන්නැයි ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 41 වැනි විජයග්‍රාහී ජන රැළිය මහනුවර දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේය.
රටේ ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වී ඇති නමුත් ඔහුට පාස්පෝට් හෝ වීසා ගැටලුව විසදන්න බැරි වී ඇති බවත් මේ අයට රටේ ප්‍රශ්න විසදන්න නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ගැනුම්කරුවන්ට සැපයම්කරුවන්ට තාක්ෂණික සේවා සපයන අයට රටට ඒමට වීසා දෙන්න බැරි වී ඇති බව ඒකාබද්ධ ඇගලුම් සංගමය පවසන බවත් සංචාරක ක්ෂේත්‍රය පවා කඩා වැටෙමින් මෙය අප රටට දැඩිව බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අනුර සමග හොර ඩීල් නොගහ පාස්පෝට් සහ වීසා දෙන වැඩපිළිවෙළ සකස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ අය රටේ වගකීම බාර ගත්තොත් රටට ඇපත් නැති සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
සමගි ජන බලවේග රජයක් තුළ මේ වීසා හා පාස්පෝට් පෝලිමට තුඩුදුන් හොරකම් ටික ජනතාවට හෙළිදරව් කර වැරදි කළ අය නීතිය හමුවට ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වතුප්‍රජාවත් ඉඩමක අයිතියක් ඇති තරුණ ප්‍රජාවත් වෙනුවෙන් වගා නොකළ ඉඩම් ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස ඔවුන් සවිබල ගන්වන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සෑම තැනම නිවාස සහ නාගරික ගැටලු ඇති නිසා විධිමත් නගර සංවර්ධනයක් කරා යන බවත් ජලය නොමැති පැතිවලට ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නැවත වරක් ගෙවල් හදන ගම් උදා යුගය ආරම්භ කරන බවත් ඔහු සඳහන් කලේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ පාලනය කාලයේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ගත් අමනෝඥ තීන්දු නිසා දුප්පත්කම වැඩි වී ඇති බවත් රජය මැදිහත් වී සිමාසහිත කාලයක් තුළ දුප්පත් කම තුරන් කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
ගැමිදිරිය අස්වැසුම ජනසවිය සමෘද්ධි වැඩසටහන්හි හොද ගුණාංග ගෙන නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවත් මාස 24ක මාසෙට රු 20000 දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ඉදිරිපත් කළේ දළදා වහන්සේ බවත් බංකොලොත් රට යළි ගොඩනගන ගමන වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා එක්ව ජනතාව සමග සමාජ ගිවිසුමකට එලැඹුණු බවත් ඔහු සඳහන් කළේය.
රටේ උග්‍ර පොහොසතුන් හැරුණු කොට ලක්ෂ 220 ජනතාව දරාගත නොහැකි දුකක් විදින බවත් මේ දුුකින් ජනතාව මුදවා ගැනීම තමගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ් කිරිඇල්ල මහතා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

COMMENTS
ඔයාගේ කාලයේ සිද්ධ වුණ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය පිළිබදව පරික්ෂණ නැවතුනේ අනුර රනිල් එක්ක තිබුණ ඩීල් එක නිසා වෙන්න ඇති. සජබ මන්ත්‍රිවරුන්ට බාර් පර්මිට් ලැබුණොත්, හන්තානෙන් ඉඩම් ලැබුණොත්, හර්ෂ වගේ මන්ත්‍රිවරුන්ගේ යෝජනා වලට මුදල් ලැබුණොත් අනුර රනිල් එක්ක දාලා තියෙන ඩීල් එක නිසාද කියලා ඔයා අපිට පැහැදිලි කරලා දූන්නා නම් හරි...
කෑ ගසා හඞන , නීරස කතා නොව අනුර වගේ ණැනවත් කතාවක් කවදා හරි කරන්න
අනුර රනිල් ඩීල් එක පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. 2010 දී. ඒක ඔඩු දුවා ගියේ 2015දී අනුර කුමාර හොරු අල්ලන්න කියලා අරලියාගහ මන්දිරේ පදිංචි උණු දවසේ. කුටප්‍රාප්තිය තමයි රනිල් ජනපති වූ වහාම ජවිපෙය පූස් පැටව රොත්තක් බවට පත්වීම. දැන් ඉතින් රනිල්ගේ විතරක් නෙවෙයි, ඉන්දියාවේ අදානිගේත්, ඇමරිකානු එම්බසියේත් සුවච කීකරු ගෝලය අනුර කුමාර දිසානායක.
සර් , සර් .කාර් පර්මිට් අත්සන් කරලා දෙන්න කියලා වැලපුනේ අනුරගේ ගෝලයෙක්ද ?
මරික්කාර් රනිල් කාර් ඩීල් දැක්කේ නැද්ද. අනේ අත්සන් කරන්න සර් කිව්ව දැක්කෙ නැද්ද පුතානෝ. Pankumburage
#මාලිමාවට චන්ද කෝටියක් # ජාතිකජනබලවේගයට ජයවේවා . අනුර කුමාරදිසානායක සහෝදරයා ජනාධිපති !!!
කියන්නම දෙයක් නැතිකල අවලාද විදිනව. අපිත් මාලිමාවට එත් අපිට මනාප දෙන්න අදහසක් නැහැ. ඔයා දන්නෙ කොහොමද අපට වඩා?
මරික්කාර්ට කියන්න කාර් ෆර්මිට් එක ඉල්ලුවෙ නැහැ කියල ප්‍රකාශ කරන්න කියල,
බොරුවෙන් ජනතාව මුලා නොකර ඇත්ත කියලා එන්න බලපන් බං.. උඹ එක්ක ඉන්න සේරම හොරු casino, සහ මත් ජාවාරම් කාරයෝ උන් එක්ක හදන රට.. අනේ මගේ කට..
පිස්සු පූසා වගේ දැන්
පලවෙනි මනාපෙ ගැන්නට පස්සෙ කවුරුවත් බලන්නෙ නැති වෙලාවක කොල්ලො දම්මලා දෙවෙනි මනාපෙට කතිරයක් ගහල, පස්සෙ නඩුවක්වත් දාල නැවත ගනන් කිරිමක් ඉල්ලන්න වගෙ නේද හදන්නෙ?
බය වෙන්න එපා දෙවැනි තැන කොහොමත් ඔයාට තමයි....
මම නම් පළවෙනි මනාපය කෙසේ වෙතත් දෙවෙනි මනාපය අනිවාර්යයෙන් රනිල්ට දෙන්න තීරණය කරලත් තියෙන්නේ. මොකද රට අරාජිත වෙලා කිසි කෙනෙක් රට භාරගන්න කැමති නැතිව වෙයි.. රටත් බංගලිදේශයක් වෙන්නේ ගිය වෙලාවේ රනිල් තමයි බය නැතුව ඉදිරිපත් වෙලා නැවතත් රටේ නීතිය හා සාමය ඇති කරලා රට සමාන්‍ය තත්වෙකට රට පත් කලේ. ඒ නිසා කළගුණ සළකන ජාතියක් හැටියට කාට ඡන්දය දුන්නත් රනිල්ට දෙවෙනි මනාපය දෙන එක යුතුකමක්
පරදින සජිත් දිනවන්න ට්‍රයි කරන කිරිඇල්ල.
මුන්ට නම් පිස්සු එක්කො මොලේ කුලප්පුව, හරේ අනුරය කියනව කෙලින්ම 16 ට කතිරෙ ගහන්න කියල , එක දෙක එපා කියනව , මුන් කියන විදියට රැට රැට අනුරව ලංකාවෙ පුරා ගෙවල් වලට ගිහිල්ල එක දෙක කියල ගහන්න කියනවද දන්නෙ නැ
අප්පා එජාපය අවසන් ගමනට යොමුකර මිය ගියා... පුතණ්ඩියා එජාපය පමණක් නොවෙයි. මෙතෙක් ලංකාවේ තිබුණු පක්ෂ නැත්තටම නැතිකිරීමේ මාර්ගය කාපට් කර මාලිමාව ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වී ඉන්නවා කියලා හිතෙනවා. කොහොම වුණත් ගෝඨාභය දිනවීමට ඇපකැප වී කටයුතු කළ අය එක්වී (ඒ ලක්ෂ හැටනවය මාලිමාවට නොගියොත් නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කරාවි) මාලිමාව දිනුවොත් කණකොක් සුද පේන්නේ ඉගිලෙන විට වගේ සජිත්ගේ උද්ධඡ්චකමේ හා මෝඩකමේ තරම පෙනේවි...
ඡන්දේ දෙන්නේ කාටද නැද්ද කියන තීරණය තියෙන්නේ ජනතාව අතේ. අමුතුවෙන් කියලා මොනවා බෙදා ගන්නද? අතීතයෙන් පාඩම් ඉගෙන ගත්තු ජනතාව මෙවර නිවැරැදි බුද්ධිමත් තීරණයක් ගනීවි .
අමුතුවෙන් කියලා බෙදා හදා ගන්ඩ දෙයක් නැහැ .තමුන්ගේ පක්ෂයේ අයයි,රනිල් ගේ අයයි දැන් එහෙට මෙහෙට පැනලා කොහොමද වැඩේ? .