IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රටත් ජනතාවත් බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ

(ජයන්ත සමරකෝන්)
රටත්, ජනතාවත් විනාශයට පත්වීමට වැළැක්වීමට නම් මේ ආණ්ඩුව අවසන් කළ යුතු යැයි දල අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ ඒ නිසා යැයි දල ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ  (19 වැනිදා) පැවැසීය. 

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති ධුරයට පත් කිරීමටත්ල ඔහුට බහුතරය අහිමිවීමෙන් පසුව ධුරයෙන් ඉවත් කිරීමටත් ජනපතිවරයාට හැකියාව පවතින බව ද බොරැල්ල ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මන්ත්‍රීවරයා කීය.

සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡා සංවිධානය කර තිබිණි. 

එහිදී වාසුදේව නානායක්කාර මහතා මෙසේ ද කීය. 

සමහර ලේකම්වරුන් කියා ගන්නා පුද්ගලයන් කියනවා විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් ආණ්ඩුවට විරුද්ධව පමණයි කියලාග අගමැතිවරයාට විරුද්ධව එහෙම එකක් ගෙනෙන්නට බැහැ කියලා. 

ආණ්ඩුවක් ඉවත් කරන්නට ව්‍යවස්ථාවේ අවස්ථා තුනක් තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අගමැතිවරයාට එරෙහිව නැගී සිටියාට පසු කළ හැකි දෙයක් නැහැ. 
2018 වසරේ රටේ ආර්ථීක වර්ධන වේගය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3ග1 ක් බවටත්, අවසන් කාර්තුවේ එය සියයට 1.3 ක බැස්මක් පැවැති බවටත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ පළකර තිබුණා. 

ආණ්ඩුවේ බලපෑමක් මත මෙය වහාම වෙබ් අඩවියෙන් ඉවත් කරලා. 

ආණ්ඩුව තම පැවැත්ම උදෙසා රටේ යථාර්ථයත් සත්‍යයත් වෙනස් කරන්නට උත්සාහ දරන ආකාරය එබඳුයි. 
මේ අතර අයවැයෙන් පරිබාහිරව රජයේ ගාස්තු හිටිහැටියේ වැඩි කරනවාග ඒ අනුව දුම්රිය ගාස්තු සියයට 15 කින් වැඩි කරලාග තව තවත් වක්‍ර බදු ජනතාව මත පැටවෙනවා.

ආණ්ඩුව සංහිඳියාව ගැන කතා කරනවාග රටේ ජන කොටස් අතර ප්‍රශ්න ඇති කරන සමාජ මාධ්‍ය ජාල පිළිබඳව කිසියම් මැදිහත්වීමක් සිදුකිරීම යුක්ති සහගතයි.

අලුත්ගම සිද්ධියේදී බොදු බල සේනා සංවිධානයේ ඥානසාර හිමි ඊට අදාළ උසිගැන්වීම් කළ බව කවුරුත් දන්නවාග ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත්තේ නැහැ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව රජයත් ජනතාවත් අතර ප්‍රතිවිරෝධය පෙන්නුම් කර තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රධාන පක්‍ෂ දෙක ඊට පිළියම් නොයොදා පක්‍ෂ අභ්‍යන්තරයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරලාල තම ඡන්ද පදනම රැක ගන්න හදනවා. 

කබල් අශ්වයෝ අයින් කරලා අලුත් අශ්වයෝ තෝරගන්නයි එම පක්‍ෂ නායකයෝ සූදානම් වන්නේ. දුර පනින්නට පුළුවන අශ්වයන් දානොගත්තොත් වැඩක් නැති වෙනවා. 

පවතින ධනේශ්වර ක්‍රමයෙන් පිට පැනලා ජනතාවාදී පියවර අනුගමනය කරන්නට වෙන්නේ ඒ අශ්වයන්ටය.ප්‍රතිපත්ති වෙනස් නොකර තනතුරු වෙනස් වෙලා වැඩක් වෙන්නේ නැහැ.

ලංකා සම සමාජ පක්‍ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණල සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් රාජා කොල්ලුරේ යන මහත්වරුද දේශ විමුක්ති ජනතා පක්‍ෂයේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (2)

රටත් ජනතාවත් බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ

Rohana Wednesday, 21 March 2018 05:42 AM

හොරුටික බේරගන්න නම් මේ ආණ්ඩුව වට්ටන්නම ඕනෑ

:       0       139

Chandra Friday, 23 March 2018 06:15 AM

රටත් ජනතාවත් බේරගන්න නම් රටම සුරා කාපු දේශපාලුවන් රටෙනුත් පන්නා දැමිය යුතුයි.

:       0       251

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site