නාලක සංජීව දහනායක
මේ වනවිට මාතෘභූමියට එල්ලවී තිබෙන තර්ජන මැඩලීම සඳහා විධිමත් දේශපාලන වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අද (15) පැවසීය.
ඒ සදහා ප‍්‍රගතිශිලි දේශපාලන පක්‍ෂ එකට එක්ව කටයුතු කළ යුතු බවද ඔහු කීය.
දේශපාලන පක්‍ෂ නියෝජිතයන් සමඟ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශලපාලන කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ජාතික කොංග‍්‍රසය, තමිල මහජන විමුක්ති සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය යන පක්‍ෂ නියෝජනය කරමින් දේශපාලන පක්‍ෂ නියෝජතයේ සහභාගී වූහ.
ඒ අනුව තම පක්‍ෂය ප‍්‍රමුඛ විපක්‍ෂයේ බලවේග විසින් ඉදිරියේදී පිහිටුවීමට නියමිත රජයක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සැකසීමේදී අනෙකුත් සියලූම දේශපාලන පක්‍ෂවල අදහස් ලබාගන්නා බවද බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී පැවැසීය.
සියලූම ජාතීන්ට එක්ව ජීවත්විය හැකි ස්ථාවර හා සංවර්ධිත රටක් බිහිකිරීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු බව තමන් විශ්වාස කරන බව සාකච්ඡාවට සහභාගීවූ දේශපාලන පක්‍ෂ නියෝජිතයේ සදහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මාතෘභූමියද ?
ඉස්සර වෙලාම රාජ්‍ය සේවයේ වැඩ නොකරන අකාර්යක්ෂම සේවකයින් තරාතිරම නොබලා විශ්‍රාම ගැන්විය යුතුයි. රජයේ සේවයේ එක ප්‍රතිපතියක් හැමෝටම තිබිය යුතුයි. ඒ වගේම හොඳ වැටුපක් ගෙවිය යුතුයි.
මේ සේවයේ වැඩ නොකරන අය නැහැ. වැඩ කරන්න නොදෙන නිලධාරිහු වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේකටයි. කරන්න ඕනේ ඒකාබද්ධ සේවයක් පිහිටුවලා ඕනෙම ආයතනයකට මාරුවෙන්න පුළුවන් විදියට සේවා ව්‍යස්ථාවක් යෙදීමත්, සෑම සේවකයෙක්ම එක ස්ථානයකින් පාලනය වීමත්... උදාහරණයක් ලෙස උසස්වීම්, වැටුප් වර්ධක අධ්‍යයන අවස්ථා එහෙම නැතිවුණාම වෙන්නේ වැඩ කරන දක්ෂයින් පැත්තකට කරලා අදක්ෂ, පක්ෂපාති කෙනා උඩට ගැනීමයි. වැඩ බැරි අය කාටවත් වැඩ කරන්න දෙන්නෙත් නෑ... ඒ අයට කරගන්නත් බෑ.. දේශපාලකයිනුත් මේ ගෙවන්නේ මේ අයගේ පව්... මොකද දේශපාලනේ කාටවත්, කිසිම දෙකට මුදල් වියදම් කරන්න අත්සනක්වත් ගහන්න බලයක් නෑ. නිලධාරින් තමයි දේශපාලනේ ඉන්න අයත් නොමග යවලා තියෙන්නේ...
බලය කෑදර කමට අයෙත් එල්ලෙන්න හදනවා . හිටපු කාලේ මොකද කරේ 10% සංවර්දනය කර එක විතරයි.
රටට තිබෙන එකම තර්ජනය ඔබලා වැනි මිනිස්සු දේශපාලනය කිරීමයි. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. හොරු සහ අපරාධ කාරයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් තැනිය යුතුයි.
විල්පත්තුවේ කැලේ කපලා විකුණාගෙන හිස්ඉඩම් ටික මිනිස්සුන්ට ගෙවල් හදන්න දුන්නා වගේද? අපි නොදන්නා බාප්පලා පුතාලගේ දේශපාලන වැඩපිළිවෙළ හිතා ඉන්නේ රටේ ජනතාව හරක් කියලද? තමන්ගේ තත්වෙන් රටේ ජනතාව මනින්න එපා...
අනේ10%යේ සාටකයෝ ඔය සාටකෙත් එල්ලාගෙන ලංකාවේ ජනතාව ඉදිරියට එන්න පුලුවන්ද?
තනිකර හොරගෙඩියෙක්, මතකද බලේ ඉන්නකාලේ කාපු කෑම? මතකද මහින්ද පැරදුණාම රට දාලා ඇමරිකාවට ගියහැටි මේ උන්නැහේ... ගාලු පාර දිගේ මෙයාට තියෙන හොටෙල් කොච්චර තියෙනවද මෙයාට...?
සාටක දේසපාලන භූමියෙන් අතුගා දැමුවොත් කිසිම වැඩපිළිවෙලක් හදන්න අවශ්‍ය වන්නේ නැහැ .
මල්වානේ ගෙදර අයිතිය කාගෙද, නඩුව ඉවරද?
කියන තැනකට වඳින්නම්... අායි එන්න එපා රටේ ජනතාව තාම විඳවනවා ඔබතුමා ගහපු ගැහිල්ලට... ඔයා අාවොත් අපිට වෙන්නේ මුහුදට පනින්න.
ඇමෙරිකානු පුරවැසියෙක් ජාතිය ගැන කැක්කුමකින් කතා කරන්නේ නිකම් නොවේ.
මාතෘභූමියට එල්ලවී තිබෙන ලොකුම තර්ජන මැඩලීමට උඹලාවගේ පවුල පිටින්ම රට කාබාසිනියා කර තොතබා කෙබර ඇදබාන බොරුව ඇත්තකර මෝඩ ජනතාව මුලාකර කම්බහොරුන් ලංකාවෙන් තුරන්කරදැමීම විතරයි අවශ්‍ය ලංකාව ගොඩ ගැනීමට. කොටින්ම කියනවා නම් රාජපක්ෂලා රටින් පිටුවහල් කළොත් රටේ තර්ජන වලින් 60% ම ඉවරයි.
බලයට ආවොත්නම් රට සංවර්ධනය කෙසේ වෙතත් එයාලගේ පරපුර නම් සංවර්ධනය වෙයි. මොකද අවුරුදු ගානක් බලයේ ඉන්නකොටත් කළෙම රට සංවර්ධනය කරන එකමනේ නේද ?
ලැජ්ජා නැතුව තව කයිවාරුත් ගහනවා. රාජපක්ෂ කල්ලිය තමයි අපේ රටට තියෙන තර්ජනය.