(කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර, කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර නෙත්තසිංහ)
රටක් දියුණු කිරීමට නම් විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් දායකයන් එක්ව නිවැරැදි තීන්දු තීරණ ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (28) පැවැසීය.
එහෙත් මේ රජය දක්ෂයන් බිය වැද්දීම හා දක්ෂයින් නෙරපා හැරීම ආදි ක්‍රියා නිසා රාජ්‍ය පරිපාලනය කඩා වැටී රට එකතැන නතරවූ බවද ඔහු කීය.
කුලියාපිටිය, සිරිමාලි ද නිකේතනයේදී පෙරේදා පැවැති වියත් මඟ කතිකාවට එක්වෙමින් හෙතෙම මේ බව කීය.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය.
කාර්මික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම, දෙස් විදෙස් ආයෝජකයින්ට ඔවුන්ගේ ආයෝජනයන් සඳහා සුදුසු පරිසරයක් සැකසීම අපට රජයක් විදිහට කළ හැකියි.
ලෝක ආර්ථික හැකියාව, බලය, යුධ ශක්තිය, ආදිය අද වනවිට ආසියා ප්‍රදේශයට ගලා එමින් තිබෙනවා. ආර්ථික දියුණුව ආදිය පාවිච්චි කරන්නට අපි සූදානම් නොවෙනවා නම් අපි හදන්නේ අපිට නිතැතින්ම ලැබෙන අවස්ථාව අහිමි කරගන්න එක. ඉදිරියේදී වත් එම අවස්ථා ගිලිහී යන්නට නොදී ජනතාවගේ ආර්ථිකය, ජීවන තත්වය වැනි දේ දියුණු කරන්නට නම් මෙවැනි විද්වත් කථිකා අවශ්‍යම වෙනවා.
රජයක් විසින් දියුණු කළයුතු කාර්මික ප්‍රතිපත්ති, මේ රජය විසින් ක්‍රියාත්මක කළේ නැහැ. පසුගිය වකවානුවේ රාජ්‍ය පරිපාලනය කඩා වැටුණා. දක්‍ෂයින් බියවැද්දුවා ඇතැම් දක්‍ෂයින් නෙරපා හැරියා. ඔවුන් ගන්නා තීන්දු තීරණ සීමා කළා. විදෙස් ප්‍රතිපත්ති පිළිබඳව තැකීමක් නෑ. බල අරගලයක් ඇති වුණොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. අද අපි ඉන්නෙත් අන්න එවන් තැනක.
අන්න ඒ නිසයි අපේ විද්වතුන් බුද්ධිමතුන් ව්‍යවසායකයින් මෙන්ම සම්පත් දායකයින් එක්ව සාකච්ඡා කරලා නිවැරදිම තීන්දු ගත යුත්තේ. රට දියුණු කළ හැක්කේ සහ ජීවන තත්ත්වය ඉහළ දැමිය හැක්කේ ඒ විදියට පමණයි.
හිටපු යුද හමුදා 53 සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ පැවැසීය.
වසර 2500ක ඉතිහාසයේ අපේ රට අඳුරු යුග කිහිපයක් පසු කළා. ඉන් බරපතළම අඳුරු යුගය වෙන්නෙ 1983 ජූලි 23 සිට 2009 මැයි 19 දක්වා කාල වකවානුවයි. පෘතුගීසීන් ලන්දේසීන් සමයේදී පූර්ණ වශයෙන් රට යටත්කර ගැනීමට සමත් වුණේ නැහැ. එදා මහා පාවාදීම් කළේ අපේම මිනිසුන් කිහිපදෙනෙක්. ඒත් රටම වසාගත් රුදුරු කොටි ත්‍රස්තවාදය නම්වූ අඳුරුතම යුගය ජාත්‍යන්තර බලවේගයන්ට කිසිසේත් යටත් නොවී වසර දෙක හමාරක් වැනි කෙටි කලකින් නිමාකරපු නායකයා එක රැයින් ගෙදර යැවීමේ මහා පාවාදීම සිදුකළේ 20ක් 30ක් නෙවෙයි ලක්‍ෂ 62ක් ජනතාව එකතුවෙලා.
අද වෙනකොට යුධ හමුදාවට අත්වෙලා තියන ඉරනම හරිම ඛේදනීයයි. මම වසර 35ක් සක්‍රීයව යුධ හමුදාවේ හිටියා විතරක් නෙවෙයි මගේ තරුණ දිවියම කැපකරලා යුද්ධය ආරම්භයේ සිට අවසානය දක්වාම හිටියා. අවසන් අවස්ථාවෙ නන්දිකඩාල් කලපුවට 23 වෙනි සේනාංකයේ අණ දෙන නිලධාරියා හැටියම ප්‍රභාකරන්ගේ අවසන් අවස්ථාවට මම දායක වුණා මහත් අභිමානයෙන්.
අද වෙනකොට ඒ රුදුරු කොටි ත්‍රස්තයින් මෙල්ල කරපු 53 වැනි සේනාංකය එවනවා නාරම්මල පැත්තේ රිළවු පන්නන්න. පුදුම වේදනාවක් එවැනි සිද්ධින්. අපි අද මේ සේරම කරන්නේ ත්‍රිවිධ හමුදා සිදුකළ අමිල සේවය නිසා. ඒ අය මියැදෙන තුරාවට ස්මරණය කරන්න. අද වෙන්නේ යුධ අපරාධ කළා කියලා හිරේ දාන එක. අද වෙනකොට මහා පිරිසක් ඉන්නවා සිපිරි ගෙවල් ඇතුළේ. ඒ හැමෝම රටට සේවය කරන්න ගිහිල්ලා.
අන්තර් ජාතික ප්‍රජාවගේ බලපෑම හා දෙමළ ඩයස් පෝරාවේ බලපෑමට තමයි ව්‍යවස්ථානුකූලව බලය දෙන්නත් රටේ හමුදාවට දඬුවම් කරන්නත් තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසයි අපි මේ ව්‍යවස්ථාව ගෙන එනවාට විරුද්ධ. අද වෙනකොට ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කියලා වැඩියෙන් කියන අය අතරට ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවා. කලබල අස්සේ අතුරුදහන් වූවන් සම්බන්ධ පනතත් සම්මත කරගෙන.
මේ අය දිගන සිද්ධිය දැම්මේ අන්න ඒවා සම්මත කරන්න තමයි. දැක්කනේ මම අණ දීපු 53 සේනාකයේ යුධ ටැංකි පවා ගෙනිහින් මහා භයානක පරිසරයක් මවා පාලා යුද්ධය කරන කාලෙවත් නැති හදිසි නීතිය පවා දාලා තමයි ඒ පනත් සම්මත කරලා තියෙන්නේ. බලහත්කාරයෙන්. අතුරුදන් පනත නම් අපේ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ ගිහින් ජනාධිපතිවරයා එක්ක සාකච්ඡා කරලා තාවකාලිකව මැඩ පැවැත්වුවා.
මා එක්ක එකට ඉගන ගත්ත වත්මන් යුධ හමුදාපතිවරයා හමුදා කඳවුරකින් වතුර උගුරක්වත් දෙන්න එපා කියලා නියෝග නිකුත් කරලා. ඒකට කමක් නැහැ.
මෙහිදී ආචාර්ය නාලක ගොඩහේවා, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, අද්මිරාල් මොහාන් විජේවික්‍රම යන මහත්වරුද සභාව ඇමතීය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය නීතිඥ, වෛද්‍ය, ගුරු, ක්‍ෂේත්‍ර ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කළ විශාල පිරිසක් සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂයන් බියවැද්දීම කියනකොට මට මැවී පෙනෙන්නේ මොහු බලයේ ඉන්න වෙලාවේ උද්ගෝෂණයකදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට කාගෙන් අහලද එතැනට ගියේ වහාම පිටවෙලා යනු කියා 9 ය සමත් ඇමතිගේ සෙල් ෆෝනය මගින් ප්‍රසිද්ධියේ තර්ජනය කල වීඩියෝව . මොහු හිතනවා ඇති මිනිසුන් මැරිලා ඉපදිලා කියලා නේද ?
මේ නිකම දැන් මහා ප්‍රාඥයෙක් වගේ කතාව. මෙයාට තියෙන වයිරී මානසික තත්වේ දන්නේ ලඟින් හිටපු මිනිස්සු විතරයි.
මොහු හමුදාවෙන් ඉවත් වූයේ මානසික ආබාධයක් තියන බව ඇඟවීමෙන් යයි කතාවක් අප අසා ඇත. දැන්නම් ලෙඩේ උත්සන්න වෙලා දැයි සැක හිතෙනවා!
යහපාලනය දැන් ජනතාවට තිත්ත වෙලා. ගෝඨාභය තීරණ ගැනීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ආපසු නොහැරෙන බව ජනමතයයි. මේ රටේ ජනයාගේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තද පාලනයක් මහින්දටත් වඩා දැන් දැන් ගෝඨාභයට පාර කපා දෙන්නට උනන්දුවෙන තත්ත්වයක් දක්නට ලැබේ. වර්ජන තර්ජන වල සීමාවක් තිබෙනවද? ඒ අනුව රට පාලනය කරන්නේ කෙසේද?
ගෝටගේ මහිදගේ සිහින සබැවෙන පිළිවෙල බලාගන්න පුළුවන් විශ්වාසභංගය පැරදුනාට පස්සේ වතුර නටනකල් කියනවනේ කකුළුවා නටන්නේ අපි බල ඉදිමු . විද්වතුන්, බුද්ධිමතුන් හා ව්‍යවසායකයන් මෙන්ම සම්පත් පරිහරණය කල ආකාරයත් ඒවාට කල කී දේවලුත් රටම දන්නවා විද්වතුන්, බුද්ධිමතුන් සැලකුව ආකාරයත් ඔවුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්න වුණු ආකාරයත් රටම විතරක් නොවේ, ලොවම දන්නවා.. මොහු හිතනවා ඇති මිනිසුන් මැරිලා ඉපදිලා කියලා නේද?
සපුමල් ඔව් මම තමයි සපුමල්... මේ අය හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලාද දන්නේ නැහැ නේද? අපි දන්නවා ගොනා හැරෙන කොට පැලේ කන්න කියලා. යහපාලනය හොඳ නැත්නම් හොඳ මොකක්ද? අයහපත් පාලනයද? මතක තියාගන්න ඕනෑ ඒ කාලේ කෙලි ආයෙත් කරන්න අපි ඉඩ දෙන්නේ නැති බව. භයානක ඒකාධිපති පාලනයක් සඳහා ඇති ඉඩකඩ දැන් වසා ඇති බව. දක්ෂ තරුණ නායකයන් නියම වෙලාවට ඉදිරියට එන බව. ඒ වගේම අද ඉන්න තරුණ පිරිස් පරණ විදිහේ දුෂිත, මිනීමරු, තක්කඩි, මහජනයා පෙලන පාලනයකට තව දුරටත් අකමැති බව. ඒ නිසා අපි බලමු.
රජයේ වැටුපක් ලබාගෙන වසර4 කින් කෝටිපතියෙක් වෙන්න හැකි ක්‍රමයක් තියෙනවා නම් අපටත් කියාදෙනවද? ගොඨභය මහත්තයා නම් ඒ ක්‍රම දන්නවා.
මෙයාල යුද්දේ ලකුණු ගෙන දැන් වීරයෝ වෙන්න හදනවා. එ්කේ ගෞරවය සරත් ෆොන්සේකාටම පමණයි. මෙයා හිටියේ හැංගිලා 15 වසරක් ඇමරිකාවේ එකේ ගෞරවය සරත් ෆොන්සේකාටම මිස ඔය කාටවත් දෙන්න බැහැ. මෙයා හිටිය යුද්ධයට ගෙනාපු සියලු යුද මිග් යානා වලින් ගහපුවා සොයන්න ආණ්ඩුවක් අාවා නම් රටේ ජනතාවට පෙන්වා දෙන්න තිබුණා. ආව අය කලේ මේ අය කරපු දේම තමයි. යුද වෙළඳම, කුඩු වෙළදාම නීති ගතකළා. ඔක්කොම කරපු දේවල් දැනටත් තර්ජනය කරන්නේ මරණ බව, පලි ගන්නාබවයි. සී.අයි.ඩී. එකට එෆ්.සී.අයි.ඩී. එකට මෙහෙම අය කෝටි පතියන් වුනේ කොහොමද? දේශ ප්‍රේමය විකුණමින් රට උකස් කර අද මහා ධනස්කන්දයකට උරුමකම් කිව්වේ කොහොමද කියලම ඉමුද?
අවුරුදු 70 ක් තිස්සේ කව්රුත් බලයට අවේ නිවැරදි තීරණ තීන්දු ගැනීමටය. තව කොපමණ කලක් අපි මේ වීරයන්ගේ කතා අසමුද? ජනතාවටද මේ අච්චාරුවේ රස නොබලාම බැරි නිසා මුට්ටිය මාරු කරනවාට වඩා කිසිවක් දකින්නටද නැත.
ව්‍යවස්ථාව ගෙන එනවාට විරුද්ධ පළාත් සභා බලවත් කරනවා කියන්නේ ආගම, ජාතිය පදනම් වූ රාජ්‍යන් කිහිපයකට මග පැදීමයි.
මේ ඔක්කොම ජනතාව බය කරගෙන හිටි හැටි අපි දැක්කා. ඒත් මේ ආණ්ඩුවේ ජනාධිපතිගේත්, අගමැතිගේත්, නොහැකියාව නිසා, රටම විනාශ වෙමින් තියෙන්නේ. රටේ ජනතාවගේ බදු බර මුදල් අැමැතිට තේරෙන්නේ නැහැ. 2020 දි මේ ජනාධිපතිටත්, අගමැතිටත් යන එන මගක් නැති වෙනවා. මේ රජය වට කරන් ඉන්නේ මෝඩ රැලක්. ඉතින් ගෝඨාලා, මහින්දලා දිනනවා.
ලෝකයේ ඕනෙම රටක හමුදාවට සම්බන්ධ කෙනෙක් පාලන බලය අතට ගත්තම මිනිසුන්ට කිසිම අයිතිවාසිකමක් නැතිව වහලුන් වගේ ජීවත් වෙන්න සිදු වෙනවා. මෙය අප්‍රිකානු, ආසියාතික සහ මැද පෙරදිග රටවල අතීතයේ සිදුවුණු සිද්ධීන්.... ඊළඟ මැතිවරණයට නීතිගරුක මිනිසුන් ඉදිරිපත් විය යුතුය.
ඔබ වටේ ඉන්න බුද්දිමතුන් ගැනද කියන්නෙ ? කබ්රාල් 2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය අපේරටට ගන්න කෝච්චි ගියහැටි මතකයි . වාසනාවට ඒක නොලැබුනේ. මෙවැනි බුද්ධිමත්තු කල දෙයෙන් රට ණය අගුලක හිරවුනා.