IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රට වනසන ආණ්ඩුව පන්නන්න සියලු මන්ත්‍රීන්ලා එක්වන්න

(සුජිත් හේවාජුලිගේ)

රට වනසන ආණ්ඩුව පැන්නීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශමාමකත්වයෙන් යුතුව එක්රොක් වන්නැයි තමා ආයාචනයක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

සියලු මන්ත්‍රීවරුන් රට, ජාතිය ගැන හිතා මේ අවස්ථාවේදී වගකීමෙන් කටයුතු කළ යුතු බව කී ගුණවර්ධන මහතා විශ්වාසභංග යෝජනාව ලොකු ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බව ස්ථීර යැයිද ප්‍රකාශ කළේය.

ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී ඊයේ 2 වැනිදා පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

අපේ විශ්වාසභංගය වටා විශාල පිරිසක් එක්වී සිටිනවා. ආණ්ඩුව පරාජය කිරීමට අද සියලු දෙනා සූදානමින් සිටිනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා මීට අස්සන් කළා. අප මේ ගැන පැවැත්වූ සියලු සාකච්ඡා සාර්ථකයි. අපිට ලොකු ඡන්ද ප්‍රමාණයක් ලැබෙන බව ස්ථීරයි. බැඳුම්කර වංචාව ගැන අපි මින් ප්‍රධානම චෝදනා එල්ල කරනවා.
 අද සියලු දෙනා ආණ්ඩුව ගෙදර යැවීමට එක්වී සිටිනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේත් අද කැරැල්ලක් ඇතිවෙලා. ආණ්ඩුවට විරුද්ධව පුළුල් ජනමතයක් ඇතිවී තිබෙනවා.  අද ආණ්ඩුව ලොකු අවුල් ජාලාවක පැටලිලා. රටේ මූල්‍ය අර්බුදය උග්‍ර තැනකට පත්වෙලා. බදු පනත ලොකු පීඩනයක් බවට පත්වෙලා. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවේ වගකීමෙන් කටයුතු කළ යුතුයි. රට වනසන ආණ්ඩුව පැන්නීමට උදව් කරන්න කියල ආයාචනා කරනවා.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා :-

මෙය ඉලක්කයක් ඇතිව බාර දුන් යෝජනාවක්. ඉලක්කය අගමැති. ආපහු අපිට වනන්න බැහැ. අගමැතිගේ බලය බිඳින්න සියලු දෙනා එක මිටකට එකතු විය යුතුයි.

රනිල්ගේ වැටීමත් සමග යූඑන්පී ආධිපත්‍යත් වැටෙනවා. මහ ඡන්දයක් එනතුරු ආණ්ඩුව වෙනස් කරන්න බැහැ. රනිල්ගේ හිතුවක්කාරි බලය විස්ථාපනය කරන්න එකතු වෙන්න.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා :-

අගමැතිවරයා ගැන මහජනයාගේ විශ්වාසය භංග වී ඉවරයි. මේ විශ්වාසභංගය මහජන අයිතිවාසිකමක්. මේ ආණ්ඩුවට බලයේ ඉන්න කිසිම අයිතියක් නැහැ. 5 වැනිදා ඉර නගින්නේ අගමැති ප්‍රමුඛ ආණ්ඩුව කඩා වැටී තියෙද්දියි.
 අද රටම අවුල් ජාලයක්. රටේ පාලනයක් නැහැ. පාතාල කල්ලි හැම තැනම රජ කරනවා. මොකටද මෙහෙම ආණ්ඩුවක්. මේ වගේ අජූත ආණ්ඩුවක් තියාගෙන රටකට ඉදිරියට යන්න බැහැ.

රට අරාජිකත්වයෙන් බේරා ගැනීම අපේ වගකීමක්. දාම් පෙතේ පළමු ඉත්තා කපනවා. එතකොට අනික් ඉත්තො කැපෙන විදිය පෙනේවි. මුලින්ම අගමැති ඉත්තා කපල බලමු. මේකෙදි කෝටි ගණනට විකිණෙන මුහුණු ටිකක් බලාගන්න පුළුවන්. ආණ්ඩුව කරපු පව්වලට දඬුවම් විඳින්න සූදානම් වෙන්න. බැඳුම්කර හොරකමේ පළමු ප්‍රතිවිපාකය 4 වැනිදා ලැබේවි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා :- රනිල් ගෙදර යනකම් මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. මේ යෝජනාව අනිවාර්යයෙන්ම ජයගන්නවා. ඒකට අවශ්‍ය මන්ත්‍රීවරු ගණන සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 96 දෙනාම මෙයට සහයෝගය දක්වනවා. එක්සත් ජාතික පක්ෂයේ අය මේ විශ්වාසභංගය සමග හතරට කැඩෙනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කල් දාලා. මේ යෝජනාව දිනවීමට එක්සත් ජාතික පක්ෂයේ තරුණ පිරිසක් කටයුතු කරමින් සිටිනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා :-

සන්ධානයට මන්ත්‍රීධුර 96 ක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂයි. එක්සත් ජාතික පක්ෂයේ 27 ක්ද පක්ෂව ඡන්දය දෙනවා. අපේ ගණන 115 දක්වා වැඩිවෙනවා. දෙමළ ජාතික සංධානයේ පක්ෂ දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තියෙනවා. එතැන මන්ත්‍රීවරුන් පහයි. ඒ අනුව එජාපයේ ගොඩ 84 දක්වා අඩු වෙනවා. අගමැතිතුමාට තියෙන පළමු විකල්පය නම්බු පිටින් ගෙදර යෑමයි. අප අගමැති ගෙදර යැවීමට සියලු දේ කිරීමට සූදානම්. ඒ සඳහා සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා.

වත්මන් පාර්ලිමේන්තුවේ බල තුලනය තිබුණේ සන්ධානයට 96 ක් එජාපයට 107 ක් ජවිපෙ 6 ක් සහ දෙමළ සන්ධානය 16 ක් වශයෙන්. ශ්‍රිලනිප ඇමැතිවරු දෙදෙනෙකු මේ යෝජනාවට විරුද්ධ වේවි කියා අපි සැක කරනවා. අපි ඒ දෙදෙනා දිනා ගැනීමට උපරිම උත්සාහයක යෙදෙන අතරේ දැනට ඒ දෙදෙනාගේ සහාය අපිට නෑ කියලා හිතමුකො. එවිට පක්ෂව තිබෙන ඡන්ද ගණන 96 සිට 94 දක්වා අඩු වන විට විපක්ෂව තිබෙන ඡන්ද ගණන 107 සිට 109 දක්වා වැඩිවෙනවා.

 ජවිපෙ දැනටමත් යෝජනාවට පක්ෂ වී තිබෙනවා. ඒ නිසා පක්ෂ ගණන 100 දක්වා හයකින් වැඩිවෙනවා. එජාප මන්ත්‍රීවරුන් 27 ක් යෝජනාවට සහාය පල කර තිබෙනවා. ඒ අතරින් විවෘතවම රනිල් විරෝධය වපුරන අපිට විශ්වාසම මන්ත්‍රීවරු 15 ක් සිටිනවා. ඒ 15 එකතු කළාම පක්ෂ ගණන 100 සිට 115 දක්වා වැඩිවන විට විපක්ෂ ගණන 109 සිට 94 දක්වා අඩු වෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන් දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය:- නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවීම ගැන ලොකු කතාබහක් යනවා.

දිනේෂ් ගුණවර්ධන මහතා :- මීට ඉහතදීත් කතානායකවරු පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වුණා. තිලංග සුමතිපාල මාධ්‍ය සාකච්ඡාවකට යෑම වරදක් නැහැ. නියෝජ්‍ය කාරක සභා සභාපති ටෙලෝ සාකච්ඡාවට ගියා. මූලාසනයෙන් බැස්සට පස්සේ ඕනෑම දෙයක් කරන්න පුළුවන්.

ප්‍රශ්නය :- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අස්සන් කළේ නැහැ.

විමල් වීරවංශ මහතා :- හිටපු ජනාධිපතිතුමාගේ අත්සන විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය නැහැ. එතුමා 4 වැනිදා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවා. අස්සන් කළේ නැහැ කියලා වෙනත් අය ගන්න සිඟිති ආතල් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ.

මහින්ද අත්සන් නොකළා කියා දැනට පොඩි ආතල් එකක් ගත්තාට කමක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

විශ්වාසභංග යෝජනාව දිනවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් 4 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.

වීරවංශ මහතා මේ බව පැවැසුවේ බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා අනුස්මරණ ශාලාවේදී ඊයේ (2) පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විමල් වීරවංශ මහතා මෙසේද කීය.

විශ්වාසභංග යෝජනාවට එතුමාගේ අත්සන අවශ්‍ය නැහැ. විශ්වාසභංග යෝජනාවක් බාරදීමට අවශ්‍ය වන්නේ අස්සන් සීමිත ප්‍රමාණයක් පමණයි. ඒත් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්න මහින්ද රාජපක්ෂ මහතා 4 වැනිදා පාර්ලිමේන්තුවට එනවා. එතුමා යෝජනාවට අස්සන් කළේ නැහැ කියලා සමහරුන් ගන්නා සිඟිති ආතල් ගැන අපට ප්‍රශ්නයක් නැහැ.

 



අදහස් (3)

රට වනසන ආණ්ඩුව පන්නන්න සියලු මන්ත්‍රීන්ලා එක්වන්න

asela Tuesday, 03 April 2018 03:32 PM

ඕක දිනන්නේ ගෙම්බන් නැති පාර්ලිමේන්තුවකින් පමණි. නැත්තන් විශ්වාසභංගයට ඔවුන්ගේ මතය විමසනවා වෙනුවට ජනතා මතය විමසනවනම් 100% දිනුම්.

:       115       111

Saththaya Tuesday, 03 April 2018 03:39 PM

පසුගිය දශකයේ රට වනසපු අය පන්නන්න සියලු දෙනා එක්වන්න.

:       0       259

ajithkaru Thursday, 05 April 2018 03:01 AM

අපේ රටේ ඉන්න මැති ඇමතිවරු ඔබතුමාගේ වචන විශ්වාශ කරන්නේ නැහැ වගේ නේද? පොහොට්ටු කට්ටිය පවු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site