(විනීතා එම් ගමගේ)
රටේ දේපල සංවර්ධනය සඳහා හෝ ආයෝජනයක් ලෙස දෙනවාට වඩා එක එක රටවල ආරක්ෂාවට යොදවා ගන්නා බව මත්තල ගුවන්තොටුපල සම්බන්ධ සිද්ධියෙන් පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් වැඩි දිනක් නොගොස් විදේශයකට විකුණනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ලක්ෂමන් යාපා මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවක දීය. මෑතක දී ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ. එම මාධ්‍ය හමුව අමතමින් මෙසේ ද පැවැසීය.
මත්තල ගුවන් තොටුපල 70 ට 30 වශයෙන් ඉන්දියාවට විකිණීමට පියවර අරන්. පාර්ලිමේන්තුවේ පනත වෙසන් කර තුනෙන් දෙක නැතිව සාමාන්‍ය ඡුන්දයකින් වෙනස් කර 70 ට 30 වශයෙන් ඉන්දියාවට මත්තල දෙන්න සියල්ල සුදානම්. නිමල් සිරිපාල අමාත්‍යවරයා හමුවී මේ ගැන කථා කළාම එතුමා කිව්වේ ආණ්ඩුවේ තීරණය කි‍්‍රයාත්මක කරන්න තමන් බැඳී සිටිනවා කියලයි.
අපිත් ආණ්ඩුවේ හිටියා. අපි නම් එහෙම කියන කියන දේ කරන්න බැඳිල හිටියේ නැහැ. රාජ්‍ය ආරක්ෂාව ගැන රාජ්‍ය දේපල විකිණීමට ඇති අයිතිය ගැන ඇති ගැටළු කථා කරනවා. එහෙම බලද්දි අපි ආණ්ඩුවෙන් ඉවත් වුණ මූලික පරමාර්ථ ශක්තිමත්.
මේ මොහොත වනවිට අපි පොදු ශක්තිමත් විපක්ෂයක් බවට පත්ව සිටිනවා. පොදු ජන පෙරමුණ එක්සත් ඒකාබද්ධ පොදු ජන පෙරමුණ විදියට කි‍්‍රයාත්මකයි. අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩු විරෝධී බලවේගය මේ වනවිට ඇතිවී තිබෙනවා. අපි ආණ්ඩු විරෝධී දැවැන්ත බලවේගයක්. වෙන වෙනම ප‍්‍රකාශ නැහැ. පොදු එකඟතා පමණයි.
සමහරු අහවි අපේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද කියලා. අපි මේ රටේ වෙන ව්‍යසනවලට එරෙහිව සටන් කරනවා. දැන් 70 ක් ලෙස පාර්ලිමේන්තුවේ ඉන්න අපි ඉස්සරහට තව සංඛ්‍යාව වැඩිවේවි.
උතුරේ ඡුන්දය කල් දමද්දි ඇයි උතුර නිහඬ දැන් උතුරේ ඡන්දය පවත්වන්නේ නැහැ වගේ. මේ සුදානම් වන්නේ ව්‍යවස්ථා සංශෝධනය ඉක්මණින් ගෙන එන්නයි. මෙතන තියෙන්නේ දේශපාලන බලාපොරොත්තු ඉටුකර ගැනීමක්.
(ඡායාරූපය - ඉෂාන් සංජීව)

2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘
Raveendra Friday, 20 July 2018 11:21 AM
ඉතින් ඔහෙලා දෙපැත්තටම පැන පැන පිනටම කකා බිබී ඉඳලා දැන් මෙතන " බයිලා රචනා" ලියනවද? ලැජ්ජයි ඕයි ලැජ්ජයි..!!!