(සිටිනාමළුව - අනීෂා මානගේ)
අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවට මේ රටේ සම්පත් දේපළ විකුණන එකට මිනිස්සු හිරේ දාලා නවත්වන්න බැහැ. ඒ නිසා මේ රටේ ජාතික සම්පත් වෙනුවෙන් හැමදාම ඒකාබද්ධ විපක්ෂය සැබෑ විපක්ෂය හැටියට අපි හැමදාම පෙනී ඉන්නවා. මේ අත්අඩංගුවට ගැනීම ඉතාම අසාධාරණයි. මේක හොද පෙරහුරුවක් නෙවෙයි කියලා අපි ආණ්ඩුවට කියනවා යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ තංගල්ල බන්ධනාගාරයට ඉකුත්දා පැමිණි අවස්ථාවේදීය.
ඔහු සමග තිස්ස අත්තනායක හා ටිරාන් අලස් මහත්වරුද පැමිණියහ. ඔවුන් මෙලෙස තංගල්ල බන්ධනාගාරයට පැමිණියේ පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූ මන්ත‍්‍රීවරුන් ඇතුළු_ පිරිසගේ සුවදුක් විමසීමටය.
මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
පසුගියදා හම්බන්තොට ගුවන්තොටුපොළ විකිණීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට සම්බන්ධ වුණා කියලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ඇතුළු_ පළාත් සභා මන්ත‍්‍රීවරු, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු තිහකට ආසන්න ප‍්‍රමාණයක් බන්ධනාගාරගත කරලා තියෙනවා. ඉතිහාසයේ මේ වගේ විරෝධතා අනන්ත අප‍්‍රමාණ තියනවා අපි දැකලා තියෙනවා. හැබැයි කවදාවත් විරෝධතාවලට ආපු අයට මේ විදියට අමානුෂික විදියට වතුර ගහලා, කදුළු ගෑස් ගහලා හිරේ දැම්මෙ නැහැ. අපි දැක්කා ඉතිහාසයේ ආණ්ඩු කිහිපයක් මේ රට පාලනය කරා. හැබැයි කවදාවත් එහෙම කළේ නැහැ. හැබැයි මේ පහරදීමත් එක එක දේශපාලන පක්ෂවලට කරන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ විරෝධතා වලට අධිකරණ නියෝග ගන්නවා. ඒ වගේම වතුර ගහනවා. හැබැයි ඒවට කදුළු ගෑස් ගහන්නේ නෑ. අත්අඩංගුවට ගන්නෙත් නෑ. පෙරටුගාමී එකටයි ඒකාබද්ධ විපක්ෂයටයි විතරයි මේ කටයුත්ත කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් ඒ ගොල්ලො අධිකරණයට දාන්නෙත් නැති නීති දෙකක්. පැහැදිලිව මේ හදන්නේ මර්දනය.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඇතුළු පිරිස පිටත්ව ගොස් පැය භාගයකට පමණ පසු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියද තංගල්ල බන්ධනාගාරය වෙත පැමිණියාය. ඇය මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
විපක්ෂය මර්දනය කිරීම මේ ආණ්ඩුවේ ප‍්‍රධාන පරමාර්ථයයි. මේ රටේ පොදු දේපළ විකිණීමට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණයක් කරපු විශාල සංඛ්‍යාවක් අද හිරගත කරලා තියෙනවා නොයෙකුත් බරපතළ චෝදනා දමමින්. අපට අහන්න තියෙන්නේ මේ ක‍්‍රියාත්මක වෙන්නේ යහපාලනයද කියලා. මේ ආණ්ඩුව සෑම විටම තමන් සිර භාරයට ගත යුතුයි කියලා හිතන පුද්ගලයින් තෝරා බේරාගෙන නායකයින්ව හිරගත කරනවා. සැමට නීතිය සාධාරණ නැහැ.
විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයක් නම් ඔවුන් හිරගත කරන්නේ නෑ. හැබැයි ආණ්ඩුවට විරුද්ධ නම් පුද්ගලයින් හොය හොයා හිරගත කරනවා. මේ මව්බිමේ සම්පත් බේරාගැනීම සඳහා මව්බිමේ සම්පත් තුට්ටු දෙකට විකිණීමට විරුද්ධව සාමකාමී උද්ඝෝෂණයක් කරපු මුස්ලිම් තරුණයින්, කාන්තාවන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අද පොදු දේපළ පනත යටතේ චෝදනා නගමින් බන්ධනාගාරගත කිරීමට කටයුතු කරගෙන යනවා.
මේ ආණ්ඩුවෙන් අපිට අහන්න තියෙන්නේ මේකද මේ රටේ ජනතාවට ඔබ දුන්නු යහපාලනය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යාවන්ගේ ඔළු පළලා ලේ විසිවෙන්න ඔළු පළනවා උද්ඝෝෂණ කරනකොට. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාවට කියපු කාරණා අද ඒ විදියට ඉටු වෙන්නේ නැහැ කියන එකයි අපිට කියන්න තියෙන්නේ යැයි ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් නැවත බලයට අවොත් පසුගිය කාලේ කලාවගේ හොරකම් කරන්නත් යමක් ඉතිරිවෙලා තිබෙන්න එපායැ
ජාතික සම්පත රැකුනොත් නේද ඔහෙලගෙ බඩ ගෝස්තරය රැක්කෙන්නේ..... මේවා නැත්නම් කොහොමද තමුනැහෙලා කෝටිපතියන් වෙන්නේ.
නැතුව, ජාතික සම්පත් වෙනුවෙන් පෙනී හිටිය නිසානේ එංගලන්තේ තට්ටු ගෙවල් ගත්තේ.
අර නාවලපිටියේ තිබෙන , දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපල ජාතික සම්පත් ගණයට නොගැනෙන නිසා , ඒවා වෙනත් අයෙකු අයතා පරිදී පරහරණය කරනු ඇතැයි යන උපකල්පනය නිසා වෙන්න ඇති ඒවා යථා පරිදී පරිහරණය කළේ.
නැතුව නැතුව අපි නොඳන්නවැයි ඉතිං.
හ්ම්ම්, කලිනුත් පෙනී හිටියනේ... හා නැත්ද.... ?
ගෙදර අරගෙන යන්නද ? ඔබ සියලුදෙනා ගැන අපි රටවැසියන් ලෙස සියලුදේ දනී.
වරාය නගරය ඇතුළු ගාලුමුවදොර කාට වික්කද කීයට වික්කද කියල හෙව්වෙ නැත්තෙ ඇයි ඒ දවස්වල
මෙයාට මතක නැහැ එයාල ඒ කාලේ කරපු දේවල්.
ඔය දැන් කෑගහන හිටපු මැති ඇමතිලා කෑගහන්නේ රටට ආදරයට නොව තමන්ගේ වාසිය බලාගෙනය. පසුගිය රජය ගාලු මුවදොර හමුදාවට අයත් ඉඩම් විකුනණ කොට මොවුන්ගේ රටට ජාතියට ඇති කැක්කුම උගස් කර තිබුනේද ? එසේ නැත්නම් එකල රටට ආදරයක් නොතිබුණේද ?
රටේ සම්පත් වෙනුවෙන් පෙනී හිටියෙත් ඒවා හැමදාම භුක්ති වින්දෙත් මේ කට්ටියම තමා.
මේ මිනිස්සුන්ට ජනතාවගෙන් මේ වගේ විරෝධයක් තිබුනත් වැඩක් නෑ. අපේ රටේ මොනවා කරත් ඡන්දෙ දෙන අය මෙයාලට දෙනවා.
දැන් කිබුල් කදුළු හෙලනවා
මේවා මේ අයගේ බොරු සංදර්ශන. රටේ ජනතාවගේ මුදල් හොරකම් කල අයට සහ කරන අයට නිසි දඩුවම් දෙනතුරු ජනතාව බලාගෙන ඉන්නේ. බොරු කතා වලට රැවටුනා ඇති.
මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරගන්න බලය තිබිණ කාලේ බැරිවුනේ එදා ඔය දේශප්‍රේමී ජවය නොතිබුණු හින්ද කියල අපට දැන් පැහැදිලියි. ඔබලා වැඩ කරන්න දක්ෂ ඒකාබද්ධ විරුද්ධ පක්ෂය හැටියට නම් ඕගොල්ලෝ නොකිව්වත් ජනතාව ඊළඟ මැතිවරණයේදී ඕගොල්ලන්ව විරුද්ධ වාදීන් ලෙසම තබන්න තීරණය කරනවා. හැබැයි පුතෝ එතන ඉඳල යුරෝපයේ මන්දිර ගන්න නම් ලෙහෙසි වෙන එකක් නැහැ.
මේ වගේ අය ආයිත් නම් කවුන්සිලේට යවන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලා සිටිනව.... අපේ රටේ ගරු ජනතාවගෙන්....