IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


“රටේ ආර්ථිකය කාබාසිනියා කළ ආණ්ඩුව පන්නා දැමීමේ පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් තැබුවා“

(මුලටියන එස්.බාලසූරිය හා අකුරැස්ස සුජීව සමරක්කොඩි)

‘වසර හතර හමාරක් තිස්සේ රටේ ආර්ථිකය කාබාසිනියා කළ මේ ආණ්ඩුව පළවා හැරීමේ පළමු වෙඩිමුරය ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයෙන් පෙන්නුම් කළා. සියයට 70 ඡන්ද ප්‍රතිශතයක් ලබාදෙමින් මුළු රටම ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සපථ කෙරෙන බව සනාථ වුණා. ඇල්පිටිය ජනතාව මේ ආණ්ඩුවට කුජීත වෙන්නම දුන්නා’ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය බන්දුල (12) ගුණවර්ධන මහතා මාකඳුරේදී ඉකුත්දා (12) පැවසීය.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් හක්මණ මැතිවරණ  කොට්ඨාසයේ ජනතාව දැනුම්වත් කිරීම සඳහා පැවැති එම ජනහමුව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සංවිධානය කර තිබුණි.

බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේද කීය.

මේ ආණ්ඩුව බලයට පත් වෙන්න  බොරු පොරොන්දු රාශියක් ජනතාවට දුන්නා. ත්‍රිරෝද පදවන අයට රෝද  හතරේ වාහනයක් ගන්න රුපියල්  ලක්‍ෂ 20ක් දෙනවා කීවා. නව යුවතිපතින්ට නිවාසයක් හදාගන්න රුපියල් ලක්‍ෂ 100ක ණය මුදලක් සීයට 6ක පොලියට දෙනවා කීවා. ණයගන්න බැංකුවට ගියාම ශත 100ක්වත් ලැබුණේ නැහැ. එදා කුඩා මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ් 15යි. දැන් වාහන බද්ද විතරක් රුපියල් ලක්‍ෂ 15යි.  ණය පොලිය වැඩි කළා. තැන්පතු පොලිය අඩු කළා. ව්‍යාපාර ක්‍ෂේත්‍රය ඉවරයි. සමහර අය ණය ගෙවා ගන්න බැරිව වහබොනවා. ගිය රජය කාලයේ මුළු රටම වැඩබිමක් වෙලා තිබුණේ. දැන් කිසි දෙයක් කෙරෙන්නේ නැහැ. ජනතාව අගාධයටම වැටිලා.
 
මහින්ද මොකක්ද කළේ කියලා මේ ආණ්ඩුව අහනවා. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකුට බැරිවුණා. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා දරුණුම ත්‍රස්තවාදී  සංවිධානය වූ එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කරලා මුළු රටටම සාමය උදා කළා. ඒවාගේම ඉදිරි දැක්මක් ඇතිව රට සංවර්ධනය කිරීමට පියවර ගත්තා.

ඒ කාලයේ ජනතාවගේ අතේ මුදල් ගැවසුණා. හැම අංශයකින්ම රටේ දියුණුවක් ඇති වුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ වැඩ බිමක් වූ රට මුඩුබිමක් බවට පත්වුණා.

ලංකා ඉතිහාසයේ ගමන් මග වෙනස් කිරීමට දකුණේ මිනිසුන් පෙරගමන්කරුවන් වුණා. මෙවරත් ඒ යුතුකම  ඉටු කරන්න දකුණේ ජනතාව නොඉවසිල්ලෙන් ඉන්නවා. මේ රට යළි ගොඩනැගීමේ වගකීම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට භාරදීම සඳහා ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගොවියා, කර්මාන්තකරුවා  රජ කරවන යුගයක් ඇති කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. මවුබිම බේරාගන්න තිබෙන අන්තිම අවස්ථාව නොවැම්බර් මස 16 වැනිදායි. සක්විති රජකම ලැබුණත් ජාතිය පාවා නොදෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාට රට බාර දෙන්න.

හිටපු අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා :- මුළු රටම ඉල්ලපු අපේක්‍ෂකයා දාලත් ඇල්පිටියෙන් එජාපයට ලැබුණේ සියයට 24යි. රනිල් මහත්තයා එදා සීයට 35ක් ගත්තා. රනිල්ට තරම්වත් සජිත්ට ජනතාව කැමති නැති බවයි ඒකෙන් පේන්නේ. 2015 ජනාධිපතිවරණයේදී හක්මණ ආසනයේ ඡන්ද ප්‍රතිශතය  දෙවැනි වුණේ තංගල්ලට විතරයි. මෙවර ජනාධිපතිවරණයේදී හක්මන ලංකාවේ පළමු තැනට ගේනවා.

මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න මේ ආණ්ඩුවට බැහැ. රටේ ආරක්‍ෂාව, විනය, ආර්ථිකය අන්තයටම පිරිහිලා. මේ රට බේරා ගන්න තිබෙන අවසාන අවස්ථාව උදාවෙලා තියෙන්නේ. මුළු රටම ඉල්ලන නායකයා මහින්ද රාජපක්‍ෂ මහතායි.
 ඒ මහතාගේ නායකත්වයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ විට මහින්ද  රාජපක්‍ෂ මහතා මේ රටේ අගමැති වෙනවා. ඉන් පස්සේ හක්මනට වගේම මුළු රටටත් සෞභාග්‍යමත් කාලයක් උදාවෙනවා. ඒ නිසා වාද භේදවලින් තොරව ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා එක්වෙන ලෙස හක්මන ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා :- රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී  මහින්දට බයේ සිරිසේන මහතා දැම්මා. 2019 දි ගෝඨාභයට බයේ සජිත් දැම්මා. ගෝඨාභය මහතා ඡන්දයට එන එක වළක්වන්න නඩු පිට නඩු  දැම්මා. උසාවි යනවා ගෝඨාභය මහතා ඒම නවත්වන්න මේවා කරන්නේ. දසරාජ ධර්මයෙන් රට පාලනය කරනවා කියලා සජිත් කියනවා. රිෂාඞ්ලා, වහාබ්වාදීන් වේදිකාව උඩ තියාගෙනද දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්නේ.

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා :- ජවිපෙට දැන් උතුර දකුණ මාරුවෙලා. ඒක බලාගන්න මාලිමාවෙන් එන්නේ. වසර හතර හමාරක් ආණ්ඩුව රැකගන්න කොටස් කරුවන් වෙලා හිටියේ. රනිල් සජිත්ට අපේක්‍ෂකත්වය දුන්නේ කැමැත්තෙන් නොවෙයි. බලහත්කාරයෙන් ගත්තේ. සජිත්ට අලියාගේ හෙණ්ඩුවත් නැහැ. හංසයා 16 වැනිදා පැරදුණාම තිබුණු ඇමතිකමත් නැතිවෙනවා. හංසයාට එක් පාරක් දුන්නා. දැන්  හංසයා කුරුල්ලෙක් වෙලා. කුරුල්ලන්ට ඡන්දය  දෙන්න මේ රටේ මිනිසුන් කැමැති නැහැ. වර්ගවාදි කතා කියලා  මැතිවරණය දිනන්න බැහැ. මුස්ලිම්, දෙමළ ජනතාවගේ සහයෝගයෙන් ලබාගත යුතුයි.

මහාචාර්ය රංජිත් මද්දුම බණ්ඩාර, ආචාර්ය මොහාන් සමරනායක යන මහත්වරුද එහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

“රටේ ආර්ථිකය කාබාසිනියා කළ ආණ්ඩුව පන්නා දැමීමේ පළමු වෙඩිමුරය ඇල්පිටියෙන් තැබුවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17749 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site