ආරියරත්න රණබාහු
රට අස්ථාවර වී ඇත්තේ රට පාලනය කරන වත්මන් කැඳ හවුල නිසා යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මහරගම දී අද (31) පැවසීය.
2015 ජනවාරි 8 වැනි දා යින් පසු හවුල් ආණ්ඩුව කිසියම් දිස්නයක් දුන්න ද ඉන්පසු එය වාෂ්ප වී ගිය බව පැවසු ගුණවර්ධන මහතා ශ්‍රීලනිපයෙන් ආණෟඩුවට එක්වු කොටස් කැඩී කැඩී යන්නට පටන් ගෙන ඇතැයි ද කීය.
අර්ජුන් ඇලෝසියස් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරු 118 දෙනා හෙළි කිරිම රජයේ දෙපාර්තමේන්තුවට අයත් කාර්යයක් කී මන්ත්‍රීවරයා එවැනි අය පාර්ලිමේන්තුවට කෝප් කමිටුවට යළි පත්කර ඇතැයි ද කීය.
පාර්ලිමේන්තු කමිටුවල ගෞරවය රැක ගැනීමට සඳහා එවැනි පත්කිරිම් නුසුදුසු බවත් ඒ පිළිබඳව කටයුතු කිරිමේ පුර්ණ බලය ඇත්තේ කතානායකවරයාට බවත් හෙතෙම පැවසීය.
උතුරුමැද ,සබරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල මැතිවරණය පැවැත්ම ඉතා ඉක්මනින් සිදු කළ යුතු බව පැවසු මන්ත්‍රීවරයා ඉදිරියේ දී ඒ පිළිබඳ විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවද කීය.
මහරගම මහජන එක්සත් පෙරමුණු කාර්යාලයේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් දැක්වීම සිදු කෙරිණි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘රට අස්ථාවර වී ඇත්තේ වත්මන් කැඳ හවුල නිසා’- දිනේෂ්
Saththaya Friday, 01 June 2018 04:03 AM
රට අස්ථාවර වුනේ පසුගිය රජ කාලයේ වුනු හොර මැරකම් , දුෂණ වංචා නිසා . ඔවුන්ගේ සැගවුණු වත්කම් සෙවීම වහාම කල යුතු දෙයක් .
Chanak Los angelesSaturday, 02 June 2018 09:56 AM
සම්පුර්ණ ඇත්ත. ඒවා කියන්න කල්පයක් ගතහොත් කල්පය ගෙවිලා යන එක පමණයි සිදුවෙන්නේ