(නිමල කොඩිතුවක්කු)
පසුගිය වසරේ නොවැම්බර් මාසය දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 5697කින් වැඩිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පැවසීය.
රාජ්‍ය සේවය කප්පාදු කළ රනිල්, මෛත‍්‍රි, රාජපක්ෂ කණ්ඩායම්වලට රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නොමැති බවද ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයන් ගස් බැන්ද රෙජීමය නැවත ගෙන්නවත්, රජයේ සේවකයන් දන ගැස්සවූ යහපාලනය රකින්නවත් තැපැල් චන්දය පාවිච්චි කරන්න මෙදා රජයේ සේවකයන් සුදානම් නැ. ජ.වී.පෙ.ට ජය.
රාජ්‍ය සේවකයෝ නොවන අය ජීවත් වෙන්ඩ ඕනේ හුලන් බීලද?
දේසපාලුවන්ටයි, රජයේ සේවකයින්ටයි පඩි වැඩිකරගෙන අපිට අර බදු මෙබදු වැට් බදු කියලා ගැහැව්වාම අපි කොහොමද ගෙවන්නේ? අපි ගහන, ගහන්න නැති වුනොත් මැරෙන ඉන්සුලින් එකටත් වැට් බද්ද ගහනවා. පුලුවන්නම් ඒක නැති කරන්න
එතකොට විශ්‍රාමික අයට එපාද ?
වැටුප් නොලබන පිරිස ගැන මොකද කියන්නේ? ඒ මිනිසුන්ට ජීවන වියදම දැනෙන්නේ නැද්ද? අද රජයේ සේවය ගුණාත්මක භාවයෙන් පිරිහිලා බව කවුරුත් දන්නවා. එක්තරා රාජ්‍ය ආයතනයකින් රාජකාරියක් ඉටු කර ගන්න මට අවුරුදු හයක් ගත වුණා. එහෙමවත් ඒක කෙරුනේ ඉහළ මට්ටමකට යොමු වුනාට පස්සේ. මගේ විශ්‍රාම වැටුප් විෂමතාව නිවැරදි කර ගන්න අවුරුද්දකට වැඩි කාලයක් ගත වුණා. තවමත් ඉන්නවා ඒක හදා ගන්න බැරි වුන මිනිස්සු. ආණ්ඩුවේ කන්තෝරුවකින් අද වැඩක් කර ගන්න ඒක ලේසි නැහැ! ඒ හින්දද අායෙමත් පඩි වැඩි කරන්න කියන්නේ?