IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘රජය විපක්ෂයේ අනාගත නායකයන්ට එරෙහි කුමන්ත්‍රණයක’

(මහේෂ් කීර්තිරත්න )
 
අදිසි දේශපාලන හස්තය තුළින් විපක්ෂයේ සිටින  අනාගත ජාතික නායකයින් දේශපාලන වශයෙන් විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් වත්මන් රජය සිදුකරමින් සිටින බවත් චම්පික රණවක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනිම එක් පියවරක්  බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි(එ.ජා.ප) රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අද (22) මාතලේ දි පැවසුවාය.
 
මන්ත්‍රිවරිය මේ බව ප්‍රකාශ කළේ “ඇතිකරනවා යැයි කියු මහත්මා දේශපාලනය මෙයද?දේශපාලන පළිගැනිම් නවතනු! ‘‘ යුක්තියේ හඩ - මාතලේ දිසාව“ සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.එ ම මාධ්‍ය හමුව ජාතික හෙළ උරුමයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක තීක්ෂණ ගම්මන්පිළ මහතාගේ  මාතලේ නාගොල්ල  කාර්යාලයේදි පැවැත්විණි.
 
වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
 
“පසුගිය මැතිවරණ සමයේ එවකට විපක්ෂය කතා කළේ මහ බැංකු බැදුම්කරය, පාස්කු ප්‍රහාරය වැනි සිද්ධිවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන කටයුතු කරනවා කියලා. නමුත් ආණ්ඩු බලය අරන් මාසයක් ගතවන විට ගත්තේ රථ වාහන වැරැද්දක් විදිහට නඩු කටයුතු අවසන් කළ සිද්ධියකට අපේ කඳවුරේ සිටින වත්මන් ආණ්ඩුවට අභීයෝගයක් වන බෞද්ධ ජන නායකයෙක්වයි. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව ලෙස අපි දැඩි පිළිකුලෙන් මෙය හෙළා දකිනවා. මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිළිබඳව පාර්ලිමෙන්තු සම්ප්‍රදානයක් උල්ලංඝණය කරමින් පොලිසිය කටයුතු කරල. මේ සිදුවීම් පිටුපස අදිසි දේශපාලන හස්තයන් තියනවා. යහපාලන රජය ස්වාධීන කොමිෂන් සභා ඇති කරමින් මේ රටේ නිදහස් වටපිටාවක් ඇති කරන්න කටයුතු කළා. 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය ඇති කරමින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. නමුත් වර්තමානය වන විට රට තුළ නීතිය ක්‍රියාත්මක විමේ ගැටලුවක් කියනවා. නීතිය අපගමනය කරමින් සිටින්නේ වත්මන් පාලකයින්. ඔවුන් බලයට ගෙන්න කටයුතු කළ උගතුන් වියතුන් වැනි අය දැන් මුනිවත රකිමින් සිටිනවා. මේ රට මර්දනයෙන් ගර්ජනයෙන්, භීෂණයෙන් පාලනය කරන්න වත්මන් පාලකයින් පිඹුරුපත් සකස් කරමින් සිටිනවා” යැයිද ඒ මහත්මිය පැවසුවාය.
 

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මෙසේ කීය.
 
“වෛරී දේශපාලන කටයුතු කිරීමෙන් රටේ සංවර්ධනය ආපස්සට යනවා. රටේ අනාගතය බාර ගන්න සිටින නායකයින් මෙසේ විනාශයට පත් කිරීම තුළින් රට මහත් පරිහානියට පත්වෙනවා. ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම ඉදිරියට කරගෙන යාමට නම් මෙවැනි දේශපාලන දඩයම් කිරීම් වහා නතර කළ යුතුයි. එසේ නොවුණහොත් තමන් බලාපොරොත්තු වුණ දේ සිදු කර ගැනීමට නොහැකි තත්වයක් ඇති වේවි. රටේ නීතිය පොලිසියට අවශ්‍ය ආකාරයෙන් සකස් කරන යුගයක් නැවතත් ආරම්භ වෙලා තියෙන්නේ. රට නැවතත් දඩයම් යුගයකට පැමිණ තියනවා. මේ තත්වය ජනතාව තේරුම් ගත යුතුයි. වත්මන් පාලකයින් බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරය වැනි දේවල් ජනතාව මත කියමින් නමුත් දැන් සිදු කරමින් සිටින්නේ වෙනත් දෙයක්” බවද අලුවිහාරේ මහතා පැවසීය.
 
දඹුල්ල  ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රියාන් විජේරත්න මහතා මෙසේ කීය.
 
“ජනාධිපතිවරණ නිමවී දින 35ක් යන විට මධ්‍යස්ථ මතධාරීන් මර්දනනකට වත්මන් රජය කටයුතු කරමින්. වසර 72ක් තිස්සේ මේ රටේ සංවර්ධනය මෙන්ම අනෙකුත් දේවල් අපට අහිමි වුණේ මේ වෛරි දේශපාලනය නිසයි. ත්‍රස්තවාදයෙන් රටේ ජාතික නායකයින් කිහිපදෙනෙකු අපට නැති වුණා. වර්තමානයේ දි මෙවැනි ක්‍රියා තුළින් රටේ ජාතික නායකයින් විනාශ කිරීමට කටයුතු කරමින් සිටනවා. අපි වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස කතා කළා. වර්තමානයේදිත් අපට සිදු වන්නේ මෙවැනි සුළු කාරණා මත පිහිටා ඒ වැඩ පමණක් කිරිමේන් රට නැවතත් වසර ගණනාවක් යන තෙක් පමණයි. යහපාලන රජය මගින් ජනතාවට අවශ්‍ය නිදහස මෙන්ම අනෙකුත් ආයතන වෙත ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව තිබුණා. නමුත් දැන් ඒ ආයතවලින්ද ස්වාධීන කටයුතු වනවාද නැද්ද කියන එක අපට ප්‍රශ්නයක්. මෙවැනි ජාතික නායකයින්ගේ දේශපාලන කටයුතු අඩ පණ කිරීම රටට මහත් පාඩුවක්” යැයිද විජේරත්න මහතා පැවසීය.
 
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික හෙළ උරුමයේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක තීක්ෂණ ගම්මන්පිල මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


 



අදහස් (1)

‘රජය විපක්ෂයේ අනාගත නායකයන්ට එරෙහි කුමන්ත්‍රණයක’

haramanis Tuesday, 07 January 2020 02:21 AM

ඇයි ඔයාලට දැන් නායකයෙක් ඉන්නවනේ වැඩිය නායකයෝ හිටියම ප්‍රශ්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 629 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site