IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘රජය රට වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළහි විසිල් බල්ටි නෑ‘

(නිමල කොඩිතුවක්කු)     

පසුගිය වසර තුනක කාළය තුළ ජාතික රජය රට වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළ ගැන විසිල් බල්ටි, කටවුට්, පෝස්ටර් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක විදුලි සංදේශ හා  ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා අද(22) පැවසීය.

රජය රට වෙනුවෙන්  සිදුවන කාර්යභාරයට එරෙහිව බිල්ලන් මවා ඉන් මහා වින්දනයක්  ආශ්වාදයක් ලබන පිරිසක් සිටින බවත් රටේ අනාගතය විනාශ කිරීම ඔවුන්ගේ  අරමුණ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

රටේ සංවර්ධනය ගැන බඩු මිළ  ගැන අද විපක්ෂය ලොකුවට බිල්ලො මවමින් සිටිනවා. ඩොලරය, ස්ටලිං  පවුමේ අගය වැඩිවනවිට මේ අය ගොඩක් හයියෙන් කෑ ගැහනවා. 

දැන්  අද වනවිට රුපියල ස්ථාවර විමක් දක්නට තියෙනවා. 220ට  තිබුණ පවුම දැන් රුපියල් 200ට පමණ අඩු වෙලා තියෙනවා. රුපියල හිමින් හිමින් ස්ථාවර වෙමින් යයනවා. අද මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

අද වෛද්‍යවරුන්ට තමයි සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන විශාල වශයෙන් ප‍්‍රශ්න තියෙන්නේ. ලංකාවේ ඖෂධ මිල සම්බන්ධයෙන්  මහාචාර්ය අසිත ද සිල්වා මහතා  මට පහුගියදා වාර්ථාවක් ලබා දුන්නා. 

අත්‍යවශ්‍ය ඖෂධ 42ක මිළ පාලනයක් අපි සිදු කළා. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අනුව පැරසිටිමෝල් එකේ සිට අත්‍යශ්‍ය ඖෂධ  මිළ අපි අඩු කරලා තියෙනවා.

අධි රුධිර පීඩනය, දියවැඩියාව තියෙන රෝගියකුට ඖෂධ සදහා දිනකට රුපියල් 262ක් පමණ වැයවනවා.ඔඅපි මේක රුපියල් 103කට අඩු කරලා තියෙනවා. ඒ අනුව එක මනුස්සයකුට  මාසයකට රුපියල් 4500කට වඩා ඉතුරු වෙනවා. යතුරු පැදියක යන පුද්ගලයකුට මේ මුදලින් ඉන්ධන මිල ඉතුරු කර ගන්න හැකියාව තියෙනවා.

අපි මේ ගැන කතාකලේ නැහැ.  මට දුක මේ ගැන වෛද්‍යවරුන් පවා කතා නොකිරීමයි. වෛද්‍යවරුන් රෝගින්ට බෙහෙත් දෙන්නේ නැතුව  දේශපාලඥයන් සමඟ හැප්පි හැප්පි ඉන්නවා. මේ හොද දේවල් වලට උදවු කරා නම් හොද නැද්ද කියන එක අපි ඒ අයගෙන් අහනවා.

ණය වෙච්ච අදුරු අතීතයක හිටපු අපි රටක් විදියට ඉදිරියට යන්න සුබවාදිව  හිතන්න  ඕන. අපේ විය හියදම් තියෙනවනම්  ඒවා අඩු කරගන්නවා වගේම අපි අලූත් වෙළඳපොළවල්, ආර්ථිකයන් හොයා  ගන්න වෙනවා.

 



අදහස් (1)

‘රජය රට වෙනුවෙන් සිදුකළ වැඩපිළිවෙළහි විසිල් බල්ටි නෑ‘

senarath Friday, 24 August 2018 03:42 AM

මෙයා හීනෙන් නං දොඩවනවද කොහෙද . එහෙම නැත්නම් ඉන්නේ ලංකාවේ නෙමෙයි . රුපියල ස්ථාවර වෙලාලු. ඒ වුනාට රුපියලේ බැස්ම ගැන නිතරම පත්තර තියෙනවා . ඊයේ වෙනකොට ඩොලරයට රුපියල් 161.93 ක් ගෙවන්න වෙලා. මේක 2015 දී තිබුනේ 132 ට . රටේ සංවර්දනය , මේ අවුරැදු 3 ඇතුලතම තිබුනේ 4% ට අඩුවෙන්. ඒ වුනාට කියනවා " අපි විසිල් බල්ටි ගැහුවේ නැහැ " කියල. රටේ ජනතාව හමුවෙලා බලන්න , ජනතාව ගහන විසිල් වලට , මැරුණු සියාට ආච්චිටත් කෙම්බිහිලි යනවා ඇති. අමතිලට මන්තිරිලට 225% ක පඩි වැඩිවීමක් ගන්න සුදානම. ලජ්ජා නැතිද ? රජයේ බැංකුවක සාමාන්‍යාදිකාරිගේ වැටුප ලක්ෂ 21 ක් .මෙහෙම ගෙවන්නේ ඒ බැංකුවත් කොල්ල කන්නද . මේකද යහ පාලනය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 665 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17749 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site