(රන්න -චන්ද්‍රසේන ගමගේ )
රට තුළ නීතියේ ආධිපත්‍යය හා රජයේ පාලනය බිද වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) වීරකැටියේදී පැවසීය.
වීරකැටිය කොන්දගල රජමහා විහාර භූමියේ අලුතින් ඉදි කරනු ලබන නව බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල් ගල් තැබීමේ උත්සවයට සහභාගි වූ හිටපු ජනාධිපති වරයා මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
‘නමුත් මේ සිද්ධියට විවිධ අර්ථ කථන පොලීසිය ලබා දෙමින් තිබෙනවා. මම ඊයේ ඒ විනිසුරු තුමාට දුරකථනයෙන් කථා කළා .එතුමා කියනවා තමාට එල්ල කළ වෙඩි ප්‍රහාරයක් තමන්ගේ ළග අවුරුදු 15 ක් සේවය කළ පොලිස් නිළධාරියාට වැදුනු බව.මේ තත්වය ඉතා බරපතල තත්වයක්. මේ සදහා ආණ්ඩුව වහා පරීක්ෂණයක් සිදු කොට සැබෑ තත්වය සොයා ගත යුතු වෙනවා. මීට පෙර එල්.ටී.ටී.ඊ. එක යුද්ධය පටන් ගත්තෙත් ඔය විදියටයි. දකුණේ මෙවැනි සිදු වීමක් වුණා නම් පාතාලයට ඇගිල්ල දික් කරන්න පුළුවන්. නමුත් පාතාලයට වඩා බරපතල දෙයක් උතුරේ සිදු වෙමින් තිබෙන බව ආණ්ඩුව තේරුම් ගත යුතු වෙනවා.‘ යැයි ද රාජපක්ෂ මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ පාලනය බිඳ වැටිලා - හිටපු ජනපති