IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරුවන් දඩයම් කරනවා - ජනිපෙ කියයි

 

(නිමල කොඩිතුවක්කු)

රට තුළ පවතින අර්බුධ හමුවේ වත්මන් රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරු දඩයම වෙනත් මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්ත සමරවිර මහතා පැවසීය.

රජයේ මෙම කූට උපක‍්‍රම පැරදවිමට ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය. 

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අද(15)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයන්ත සමරවිර මහතා මෙසේද කීය.

     ‘‘මේ ආණ්ඩුව රණවිරුවන්ව දඩයම් කිරීම දැන් නව වටයකින් ආරම්භ කරලා තියෙනවා.තෙල්දෙනියේ ගින්න අසේසෙයි ෆේස් බුක් තහනම අසසේ තමයි මේ කටයුතු සිද්ධවෙන්නේ. බලහත්කාරයෙන් පුද්ගලයින් අතුරුදහන් කිරීම වැලැක්වීමේ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නොතකා, මන්තී‍්‍රවරුන්ගේ විරෝධතාවය නොතකා මෙම සම්මුතිය ලංකාවේ නීතියට ඇතුළු කළා.

ලෝකයේ කිසිම රටක් එක තමන්ගේ රටේ නීතියට ඇතුළු කරගෙන නැහැ. ඒ වගේම නිමල්කා ප‍්‍රනාන්දුව දාලා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සිදු කළා.

දැන් බුද්ධි අංශ දඩයම් කිරීම ආරම්භ කරලා තියෙනවා. සිංහල මුස්ලිම් ලේ ගලාගෙන යන්න ආණ්ඩුව සලස්සලා තියෙනවා. බුද්ධි අංශ මේවා අනාවරණය කර ගැනීමට අසමත්වෙලා තියෙනවා කියලත් කියනවා.

ඒ  විදිහට බුද්ධි අංශ වලට චෝදනා කරන ගමන් කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කරන්න දිවි නොතකා කටයුතු කළ රණවිරුවන්, බුද්ධි අංශ දඩයම් කිරීමත් ආරම්භ කරලා තියෙනවා. 

මංගල සමරවීර , සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව පිළි ගෙන එහි කොන්දේසි එකින්  එක කි‍්‍රයාත්මක කරනවා. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් මේ යපාලන ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ඒවා ක‍්‍රියාත්මක කර ගැනීමටයි.

ඇමරිකානු  තානාපති කාර්යාලයත්, ඉන්දියානු  මහකොමසාරිස් කාර්යාලය පෙබරවාරි 10 වැනිදා  නොනිදා කටයුතු කළේ ඔවුන්ගේ  ඕනෑ එපාකම් ඉටුකර ගැනීමටයි. මේ හංසපූට්ටුව තවදුරටත් යන්න  ඕනේ කියලා  ඔවුන් බලකරලා තියෙනවා. ඔවුන්ගේ උවමනාවන් මත අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම  දැන් එක පැත්තකින් සිදු කළා.



අදහස් (2)

රජය ජාත්‍යන්තරය හා එක්ව රණවිරුවන් දඩයම් කරනවා - ජනිපෙ කියයි

rocky Friday, 16 March 2018 01:50 PM

කට තිබුණු පලියට නිකං මිනිස්සුන්ව අවුස්සන්න එපා මහත්තයෝ! රණ විරුවන් කියන්නේ කාටද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. මොන විරුවා වුනත් අපරාධ කරලා තියනවා නම් ඒවාට නීතියෙන් කටයුතු කරන්න ඕනෑ. ඒවා ඔය ලේබල් ගහලා ඔහෙට ඕන විදිහට අහෝසිකර්ම කරන්න බැහැ නෙව... ඒ ඇරත් තමන් වැරදි කරලා නැත්නම් ජාත්‍යන්තර මැදිහත්වීම් වලට ඇයි බය? ඒවාට එකඟ වුනේ ඔහෙලගේ ලොකු උන්නහැම නේද?

:       0       1

Chandra Saturday, 17 March 2018 02:10 AM

රණවිරුවන් නැති කරන්න ත්‍රස්තවාදීන්ට සල්ලි දුන්නු අය තවමත් නිදැල්ලේ නේද?

:       0       353

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site