IMG-LOGO

‘රාජපක්ෂවරු යළිත් බලය ඉල්ලීම ගැන ජනතාව පුදුම විය යුතුයි’

(නිමල කොඩිතුවක්කු)

වසර 12ක් රට පාලනය කිරීමට තිබියදී වසර 10කින් රට බංකොලොත් කර පාලන බලය අතහැරිය රාජපක්ෂවරුන් යළිත් බලය ඉල්ලා සිටීම ගැන ජනතාව පුදුම විය යුතු යැයි මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම  මහතා පැවසීය.

රට ජනතාව සහ රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙළන රාජපක්ෂවරුන් හමුදා මූලස්ථානය චීනයට පවරා දෙමින්  රටේ සම්පත් කුණු කොල්ලයට විදේශීකයන්ට පැවරූ බව ජනතාව සිහි තබා ගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම  මහතා මෙසේ ද කීවේය.

 ‘‘2015 ජනාවාරි 8 ජනතාව අපට බලය දුන්නේ ඒකාධිපති පාලනය පලවා හරිමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස්ථාපිත කරන්න කියලයි. එදා අධික ණය කන්දක් සහිත රටක් තමයි තිබුනේ.  හිටපු  ජනාධිපතිවරයාට ජනතා බලය අවුරුදු 12ක් දුන්නහම ණය ගෙවා ගන්න බැරුව අවුරුදු 10න්  දමලා ගෙදර ගියා.

රාජපක්ෂවරුන්  අද බලය ගන්න එල්ලූනාට එදා අවුරුදු දෙකක් තමන්ට රට පාලනය කරන්න තියෙද්දි  ණය උගුලට මුහුණ දෙන්න බැරුව පැනලා ගියා.

වැටුප් විෂමතාවයක් නිසා  පසුගිය දිනවල රාජ්‍ය සේවකයන් උද්ඝෝෂණය කළා. මේ වැටුප් විෂමතාවය  ආවේ 1997 ඉඳන්. එහෙනම්  2005 ඉඳන් 2015 වෙනකම් රාජපක්ෂවරුන්ට මේක නිවැරදි කරන්න තිබුණා. එදා රාජ්‍ය සේවකයන්  ජනතාව විරෝධතා ඉදිරිපත් කරන්න පවා බිය වුණා. අද දුම්රිය රියදුරන් විරෝධතා කරනවා. මේවා අද ඊයේ ඉඳන්  ආපු ප‍්‍රශ්න නෙමෙයි.

ඇයි රාජපක්ෂ පාලන සමයේදී මේ විරෝධතා පැවැත්වුණේ නැත්තේ. සුදු වෑන් සංස්කෘතිය, මර්දනය, ඝාතන නිසා ජනතා ප‍්‍රශ්න එළියට ආවේ නැහැ. ජනතාව අපිව විශ්වාස කරලා දැන් ඔවුන්ගේ ප‍්‍රශ්න බය නැතුව ඉදිරිපත් කරනවා. අනික් පැත්තෙන් අපි හදපු ලස්සන රට කැත කරමින් රාජපක්ෂවරුන් විරෝධතා සංවිධානය කරමින් සිටිනවා.

යුද්ධය ඉවර කරලා වසර 6ක් රට පාලනය කරපු රාජපක්ෂවරුන්ට ආබාධිත රණවිරු ප‍්‍රශ්නය එදා විසඳන්න තිබුණේ. ඇයි අද මේ කිඹුල් කදුළු හෙළන්නේ කියලා අපි අහනවා. එදා ඔවුන් රණවිරු ප‍්‍රශ්න විසඳනවා වෙනුවට රණවිරු මූලස්ථානයත් චීන සමාගමකට විකුණුවා.

ආබාධිත රණවිරුවන්ටත් 2015ට පෙර ඒ අයගේ ඉල්ලීම රාජපක්ෂ පාලනයෙන් ඉල්ලන්න තිබුණණේ. හැබැයි එදා ආබාධිත රණවිරුවන්ටවත් පාරේ බහින්න පැලූවන් කමතක් තිබුණේ නැහැ. ආබාධිත රණවිරුවන් එදා මෙහෙම විරෝධතා පැවැත්වුවා නම් උදේ වෙනකොට මළ කඳක් බවට පත් වෙන්න තිබුණා.

අද අපි රණවිරුවන්ගේ, රාජ්‍ය සේවකයන්ගේ ප‍්‍රශ්ණ විසඳලා තියෙනවා. විරරෝධතාවලින්  රාජපක්ෂවරුන් කාලකන්නි සතුටක් ලැබුවත් අපේ අණේඩුව ජනතා හඬට කන් දෙමින් ඔවුන්ට සාධාරණය ඉටු කරමින් තිබෙනවා.

අද අපේ ජනාධිපති, අගමැති, ඇමතිවරුන් කොමිෂන් සභා හමුවේ පෙනී සිටිනවා, සාක්ෂි දෙනවා. හිටපු  ජනාදිපති මහින්ද රාජපක්ෂට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්න කිව්වා කියලා ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් පාර්ලිමේන්තුවේ බුදියන් හිටියා. අද නීතිය, අධිකරණය අපි ශක්තිමත් කරලා තියෙනවා.

රාජපක්ෂ පාලන සමයේ දී රට මීතොටමුල්ලක් කරලා තිබුණේ. අපි අද ලස්සන ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලා තියෙනවා. අද දූෂණය, වංචාව, ඝාතන, සුදුවෑන්, මාධ්‍ය මර්දනය වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරලා තියෙනවා.’’ යැයි ද එහිදී පැවසීය.



අදහස් (6)

‘රාජපක්ෂවරු යළිත් බලය ඉල්ලීම ගැන ජනතාව පුදුම විය යුතුයි’

Kumari Friday, 04 October 2019 10:49 AM

කරුණාකර බොරු කීමෙන් වළකින්න... අකුණු සහිත වැහි කාලගුණය නිසා...

:       70       106

ChathuriFriday, 04 October 2019 02:24 PM

අප්පච්චි, රට කරනකොට කොහෙද හිටියේ හැංගිලා... ඇඳ යට නේද? අමතක වෙන්න විදියක් නැහැ. නුඹට අවුරුදු 30ක් පැනලා, බේබිලා වගේ ඉගෙනීමක් නැති නිසා තේරුම් ගන්න බැරිව ඇති... මොලේ කල්පනා කරලා වැඩ කරන්න.. පොඩි එකෙක් වගේ උඩ පනින්නේ නැතිව. රට වල පල්ලට ගිහින් තියෙන්නේ තරුණ කට්ටිය බිලි ගන්නවා. කිසිම අයිතිවාසිකමක් කතා කරන්න බැහැ. මේවා තේරුම් ගන්න කියලා...

:       47       63

chin Saturday, 05 October 2019 02:12 PM

කොටි ගහනකොට ඇඳන් යට හිටි නිවටයන් දැන් වීරයෝ වෙලා . රටේ ජනතාව දන්නවා රට බේර ගත්තේ කවුද කියා.

:       41       46

pjSaturday, 05 October 2019 11:56 PM

කොටින්ට බයේ රටින් පැනලා ඇමරිකාවේ ඇඳක් යටට රිංගු නිවටයින් සරත් ෆොන්සේකාට පින් සිදු වන්න දැන් වීරයෝ වෙලා . ඔබ හරි. රටේ ජනතාව දන්නවා රට බේරගත්තේ කවුද කියලා.

:       64       83

lalithmMonday, 07 October 2019 10:18 AM

30 නොවෙයි 50 පැනල. බේබිල වගේ හොර සහතික නොවේ මොරටු විශ්ව විද්‍යාලේ හරිම ඉංජිනේරු සහතිකයක් තියෙන කෙනෙක්.

:       22       62

මහකුමාරිහාමිSaturday, 05 October 2019 12:47 PM

කුමාරියි චතුරියි දෙන්නම පාර්ලිමේන්තුවේ සිටින උගතෙකු මෙන්ම බුද්ධිමතෙකු වන මෙතුමාට අපහාස කල නිසා අකුණු ඇති වේලාවලදී එලිමහනේ නොසිටියොත් බේරේන්න පුළුවන් වේවි.

:       30       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 517 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 945 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site