IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රාජිත නිදහස්කර ගන්න සෑම සටනක්ම කරනවා

(*** අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවය ගොඩනැංවීම සඳහා අමිල මෙහෙවරක් කළ රාජිත සේනාරත්න මහතා නිදහස් කරගැනීම සඳහා කළ යුතු සියලු‍ ප්‍රජාතන්ත්‍රවාදී සටන් ක්‍රියාත්මක කරන බව සමගි ජනබලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවක දී ඊයේ (26) පැවැසීය.

කොළඹ 05, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

රාජ්‍ය භීෂණය නිසා සිරගතව සිටින රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අප සියලු‍ දෙනා එක්ව එතුමාගේ නිදහස තහවුරු කිරීම සඳහා කටයුතු කරනවා. රාජිත සේනාරත්න මහතා ජනතාව වෙනුවෙන් අමිල සේවයක් කළ ජනතාව ජීවත් කරවීම සඳහා කටයුතු කළ ජන නායකයෙකු බව අමුතුවෙන් කිවයුතු නැහැ. එතුමා ප්‍රායෝගික නායකයෙක්. රටේ ජනතාව සෞඛ්‍ය සම්පන්න කිරීම සඳහා අලු‍ත් චින්තනයක් අනුව එතුමා කටයුතු කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දුම්කොළ සමාගම් මාෆියාවට එරෙහිව ඉදිරියට පැමිණ දුම්පානය මෙරටින් තුරන් කිරීම සඳහා දැවැන්ත ක්‍රියාවලියක නිරත වුණා. මත්පැන් භාවිතය අවම කිරීම සඳහාත් ඍජුවම කටයුතු කළා. ඖෂධ මාෆියාවට අසුනොවූ සේනාරත්න මහතා මෙරට දුප්පත් ජනතාව වෙනුවෙන් ඖෂධ මිල අඩුකර දැවැන්ත සහනයක් ලබා දුන්නා.

රාජිත සේනාරත්න මහතා කිසි විටෙක මුදලට යටවුණේ නැහැ. බහු ජාතික සමාගම්වල බලයට යට නොවී ඍජුව රටදැය වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා. හෘද සැත්කම් වෙනුවෙන් පැවති පෝලිම් යුගය අවසන් කිරීමට එතුමා කටයුතු කළා. නොමිලේ ස්ටෙන්ට් ලබා දුන්නා. අනාගත සෞඛ්‍ය සම්පන්න යුගය තහවුරු කරන්නට කටයුතු කළා. ජනතාව වෙනුවෙන් අක්ෂි කාච නොමිලේ ලබා දුන්නා.

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කිසිදාක ක්‍රියාත්මක නොවූ තරම් සහන ලබා දෙන්නට රාජිත සේනාරත්න යුගයේදී කටයුතු කළා. අප රටේ සියලු‍ ජනතාවගේ හදවත්හි ඒ සේවය සටහන් වී ඇතැයි අප විශ්වාස කරනවා.

එවැනි විශිෂ්ට යුගපුරුෂයකු අද රාජ්‍ය දඩයම නිසා සිරගත වී සිටිනවා. එතුමාගේ නිදහස වෙනුවෙන් කටයුතු කරන්නැයි මා රජයෙන් ඉල්ලා සිටිනවා.

මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වූ පමණින් සිරගත කිරීමකට ලක් කිරීම රටේ අවාසනාවක්. රාජිත සේනාරත්න මහතා ඉලක්ක කරගෙන මෙවැනි පළිගැනීම් ක්‍රියාත්මක කරන්නේ ඇයි? එතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හැමවිටම පෙනී සිටියා. එමෙන්ම එතුමන්ට ඕනෑම පහරක් විඳ දරා ගන්නට හැකි හදවතක් සහ කශේරුකාවක් තිබුණා. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් අප රාජිත සේනාරත්න මහතාගේ නිදහස සඳහා උපරිමයෙන් ඇප කැප වෙන බව කිවයුතුයි.


ජාතික හෙළ උරුමයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා:-     
රාජිත සේනාරත්න මහතා සිරගතකොට අදට දින 13ක් ගතවුණා. එතුමා සිරගත කළේ නීතිවිරෝධී ක්‍රියාවක් නිසා නොවේ. එතුමා සිරගත කිරීමට හේතුව නම් පළිගැනීමයි. එමෙන්ම මෙම පීඩාකාරී පාලනයට එරෙහිව රාජිත සේනාරත්න මහතා විසින් ජනතාව පෙලගස්වනු ඇතැයි ඇතිවූ බියයි.

මෙම ක්‍රියාවට එරෙහිව අප සියලු‍ම දෙනා සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවේ අරමුණ වන්නේ සක්‍රිය විපක්ෂය නිහඬ කිරීමයි. මේ බියවැද්දීම්වලට අප යටත් වන්නේ නැහැ. කවර මර්දනකාරී තත්ත්වයක් පැනනැගුන ද රජයට එරෙහි ක්‍රියාදාමය අප ඉදිරියටත් ගෙනයනවා.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කැපීපෙනෙන දියුණුවක් ඇති කිරීමට කටයුතු කළ අමාත්‍යවරයෙක් බව කිව යුතුයි. දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය 170 කින් පමණ වැඩි කිරීමට එතුමා කටයුතු කළා. එමෙන්ම දිවයිනේ මුළු රෝහල් පද්ධතියම එක ලෙස දියුණු කරන්නට එතුමා කටයුතු කළා.

සෞඛ්‍ය අමාත්‍යංශයට ස්ථිර අමාත්‍යංශ ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. ඒ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකළේත් රාජිත සේනාරත්න මහතායි. සෞඛ්‍ය අංශයේ භෞතික දියුණුව මෙන්ම හෙදියන් සඳහා උපාධිය පිරිනැමීම වැනි තීරණ ගනු ලැබුවා. සියලු‍ සුව සේවා මණ්ඩලවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කළා.

පසුගිය පාලන යුගවල සෞඛ්‍යට සහ අධ්‍යාපනයට මුදල් වෙන් කළේ නැහැ. නමුත් යහපාලන රජය යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය නැංවීමට විශේෂ පිරිවැයක් දරනු ලැබුවා.

වැඩ කරන්නයැයි කියා පැමිණි ජනාධිපති මේ මාස හය ඇතුළත එක ගඩොලක්වත් තබා නැහැ. කළ එකම දේ බදු පිට බදු පැනවීමයි. අද ජනතාව සාගතයෙන් මියයන තත්ත්වයකට පත්වෙලා. මෙවැනි වාතාවරණයක් තුළ  ආණ්ඩුව ජනතා සටන් මෙහෙයවිය හැකි නායකයන් සිරගත කරනවා. මෙම ක්‍රියාවලියට එරෙහිව අප අධිකරණ ක්‍රියාමාර්ගවලට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී සටන් අරඹන බව කිව යුතුයි.


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා :-
මැතිවරණයක් කට උඩ තිබියදී අපේ නායකයන් දඩයම් කිරීමට එරෙහිව සියලු‍ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට අප ප්‍රතිඥා දෙනවා. අපට කළ හැකි සියල්ල උපරිමයෙන්ම කරනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ගොඩනැංවීමට රාජිත සේනාරත්න මහතා කළ සේවය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. එමෙන්ම සෞඛ්‍ය ගැටලුවක් පවතින වත්මන් යුගයේදී එම අංශයෙන් විපක්ෂයේ සිට ප්‍රබල විද්‍යාත්මක හඬක් නැංවීමට සිටි රාජිත සේනාරත්න මහතා සිරගත කිරීම ගැටලු සහගතයි.

 



අදහස් (2)

රාජිත නිදහස්කර ගන්න සෑම සටනක්ම කරනවා

Jayantha Wednesday, 27 May 2020 10:43 PM

එතකොට අර රුපවාහිනි නාලිකා ගණනාවක් ඉදිරියේදී බොරු රවුල් කාරයෝ දෙන්නෙකුත් ගෙනවිත් රාජිත කරපු නීති විරෝධී රංගනය මේ පක්ෂයේ අනුමැතිය ඇතිවද සිද්ද උනේ? ඔබතුමා රටේ නායකයා වීමට නිකම් හරි බලාපොරොත්තුවක් තිබේ නම් කලයුතු වන්නේ රාජිත හිටපු ඇමතිවරයා කල දෙය වැරදි සහගත බව කීමයි. එහෙම නොකරන්නේ නම් ඔබතුමාද විශ්වාස කටයුතු පුද්ගලයෙකු ලෙස රටේ ජනතාව සලකාවි...

:       0       0

Sugandhi Thursday, 28 May 2020 05:38 AM

1987 - 89 කාලේදී පියානෝට කරපු මෙහෙවරට උපහාර කරන්නත් එපායැ, නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site