IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘යකඩ මිනිස්සු අව්වට වැස්සට වේළෙමින් සටනක නිරතවනවා’

(නාලක සංජීව දහනායක)

 

ආණ්ඩුව යකඩ මිනිස්සු ගැන දැන්වීම් දාන විට ඇත්තම ඇත්ත යකඩ මිනිස්සු තමන්ගේ විශ‍්‍රාම වැටුප ලබාගැනීමට අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් දුම්රියපළ ඉදිරිපිට සටනක නිරතව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (15) පැවැසීය.

ආණ්ඩුවේ ප‍්‍රචාරණය හා මහපොළවේ යථාර්තය අතර තිබෙන්නා වූ පරස්පරතාවයට හොඳම නිදසුන එය යැයි ද ඔහු කීය.

මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ද පැවැසීය.

සජිත් පේ‍්‍රමදාස මහත්තයා අද රණවිරුවෝ ගැන කතා කරනවා. ආණ්ඩුව රණවිරුවන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා විට සජිත් පේ‍්‍රමදාස මහත්තයා හිටියේ කොහෙද කියල අපි අහනවා. රණවිරුවන්ට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට කැබිනට් මණ්ඩලයේදී, පාර්ලිමේන්තුවේද ඔහු අත ඉස්සුවා. ආණ්ඩුව යකඩ මිනිස්සු ගැන දැන්වීම් දානවා. ඒත් ඇත්තම ඇත්ත යකඩ මිනිස්සු අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් තමන්ගේ විශ‍්‍රාම වැටුප ගන්න කොටුව දුම්රියපළ ඉදිරිපිට සටන් කරනවා. ඒ මිනිස්සුන්ට උදව් කරන්න ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. නමුත් ආණ්ඩුව ඒ අවස්ථාව මග හරිනවා. මේ ආණ්ඩුවේ ප‍්‍රචාරණයයි, මහපොළවයි අතර තියෙන පරස්පරතාවයට හොඳම නිදසුන ඒකයි. මේ වනවිට මුළු රටම රාජ්‍ය යාන්ත‍්‍රණය දරුණු කඩාවැටීමකට ලක්වෙමින් තිබෙනවා. නමුත් රනිල් - සජිත් ගැටුමට මුවාවෙලා ඒ සියල්ල යට ගහන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ජනතාවගේ සැබෑ ප‍්‍රශ්නවලට මේ ආණ්ඩුවට කිසිම විසඳුමක් නැහැ.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (15) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



අදහස් (1)

‘යකඩ මිනිස්සු අව්වට වැස්සට වේළෙමින් සටනක නිරතවනවා’

Nalaka Tuesday, 01 October 2019 09:59 PM

ඒක වෙන්න ඇති ගෝඨා කියනදෙයක් කරමු කිව්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site