IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ

 

(නිමල කොඩිතුවක්කු)


මහර බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකර රජය ජනතාවට ඇත්ත හෙලි කළ යුතු බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා කොළඹදී අද(02)පැවසීය.


මහර සිදුවීම ගැන වෙන  වෙන ප්‍රකාශ සිදුකරමින් රජයේ නිලධාරීන්ගේ කර මත තබා ආණ්ඩුව ඇඟ බේරා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.


කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මෙසේද කීවේය.


   "බන්ධනාගාර තුළ උණුසුම් වාතාවරණයක් ඇතිව තිබෙනවා.  ආසන්නතම සිද්ධිය මහර බන්ධනාගාරයේ සිද්ධියයි. මේ සිද්ධියට වගකිවයුතු රජය අද ලබා දෙන උත්තරය දිහා මුළු රටම අවධානයෙන් බලා සිටිනවා.


දැන් මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඒක සාධාරණීකරණය කරන්න කතා කරනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හරහා තමයි මහර සිද්ධ නිර්මාණය වුණේ කියලා විමල් වීරවංශ මහත්තයා කියනවා.


මහර සිද්ධියෙන් කෝටි දහයකට අධික සම්පත් ප්‍රමාණයක් අහිමි වුණා. රැඳවියන් 11 ක් ජීවිතක්ෂයට පත්වුණා. වීරවංශ මහත්තයාගේ ප්‍රකාශය අනුව එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වලක්වන්න ගෝඨාභය රාජපක්ෂ කියන විරුවාට වසරක පමණ කාලයක් අවසන් ව තිබුණත්  නොහැකි වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ෆේල්  කියලා අපි කියන කතාව සියයට සියක් ඇත්ත කියල විමල් වීරවංශ මහත්තයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනවා.


මේ රටේ රාජ්‍ය පාලනයට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණ තවදුරටත් එන්න පුළුවන් වටපිටාවක් ඇවිත් කියන එක උත්තරීතර පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ෆේල් කියලා කියවෙනවා.


විමල් වීරවංශ මහතා 20 ගැන  සිංහනාද නගලා බලු කෙදිරිලි වලින් අවසන් කිරීම ගැන එතුමට ගෝඨාභය රාජපක්ෂ එක්ක ප්‍රශ්නයක් ඇති. හැබැයි කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරයෙක් විදිහට මේ වගේ ගොන් කතා කියලා රටේ ජනතාවගේ බුද්ධියට අවමන් කරන්න එපා කියලා අපි විමල් වීරවංශට කියනවා.

ඒ විරෝධය වලක්වන්න ඇඟේ හයියෙන් සීමාවන් අතික්‍රමණය කරල රජය ගත් ක්‍රියාමාර්ග නිසා තමයි මේ ගැටුම නිර්මාණය වුණේ.
දැන් එක එක බෙහෙත් පෙති ගැන කියනවා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියනවා. එවැනි තත්ත්වයන්පාලනය කරන්න බැරි මේ ආණ්ඩුව එදා පාස්කු ප්‍රහාරයේ වගකීම අපේ කරමත තියලා අපට චෝදනා නැගුවා.


එදා රට බේරගන්න පෙරට ආපු ඔය කියන විරැවා  තමයි අද රටේ ජනාධිපති. බුද්ධි අංශය භාරව ඉන්න නායකයා මේ රටේ ජනාධිපති ඉදිද්දි  බන්ධනාගාර ඇතුළට ඔය කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ යන්නේ කොහොමද?


අනවශ්‍ය ප්‍රමාණයෙන් මත් පෙති තියෙනවා කියලා කියනවනම් මත් පෙති එන්නේ කොහොමද?


මහර සිදුවීම ගැන වෙන වෙන ප්‍රකාශ කරලා රජයේ නිලධාරීන්ගේ කරමත තියලා ආණ්ඩුව ඇග බේරගන්න හදනවා නම් ඒක වැරදියි.
අමාත්‍යංශ ලේකම්ගේ පරීක්ෂණය පිළිගන්න තරම් මේ රටේ ජනතාව එකඟ වෙන එකක් නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලනවා. ස්වාධීන පරීක්ෂණයක් මඟින් රටේ ජනතාවට ඇත්ත හෙලි කරන්න කියලා අපි රජයට කියනවා. එහෙම නැතුව ඔලමොට්ටල ඇමැතිවරුන්ගේ ප්‍රකාශවලින් මේ සිද්ධිය වහන්න උත්සාහ කරන්න එපා කියලා අපි අවධාරණය කරනවා. යයිද ඔහු එහිදී පැවසීය.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.


   "ආණ්ඩුව දිගින් දිගටම අසමත් කියලා ඔප්පු කරමින් සිටිනවා. විමල් වීරවංශ මහතා දිගින් දිගටම ජාත්‍යන්තරයට අභියෝග කරනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ  මහතා ලංකාවට එද්දී එතුමා කොහෙද හිටියේ කියලා අපි අහනවා.


මේ ඇමතිවරු අද බොරු ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවමින් සිටිනවා. මේ ආණ්ඩුවට ඡන්දය දුන් බොහෝ ජනතාව අද කණගාටුවෙන් ඉන්නේ. මේ ආණ්ඩුව අසමත් භාවය වහගන්න කරන වැඩ නිසා ජනතාවට තව තවත් මේ ආණ්ඩුව එපා වෙනවා.
රාජපක්ෂ ආණ්ඩුවේ ඉතිහාසය දිහා බැලුවහම වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තිබ්බා. පී.සී. ආර් පරීක්ෂණ කරන්න කියපු රැඳවියන්ට දැන් වෙඩි තියලා තියෙනවා. ආණ්ඩුව මේ සිද්ධියේ වගකීම භාර ගන්නවාලු. දැන් ආණ්ඩුව ෆේල් වෙලා ඉවරයි.


ආණ්ඩුව බන්ධනාගාර භාරව සිටි රාජ්‍ය අමාත්‍යවරිය මාරු කරා. දැන් මේ අමාත්‍ය ධුරය දරන්නේ විවිධ චෝදනාවට ලක්ව බන්ධනාගාර ගතව සිටි අමාත්‍යවරයෙක්. අමාත්‍යධුර පත් කිරීමේදී විද්‍යාත්මක භාවය කෙසේ වෙතත්  බන්ධනාගාර රැදවියන්ගේ ආරක්ෂාවට බරපතළ ගැටලුවක් මතුව තිබෙනවා.

 



අදහස් (3)

මහර බන්ධනාගාරයේ සිද්ධිය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ

විජේ Wednesday, 02 December 2020 02:13 PM

ඔබතුමා දැක්කම මට මතක්වෙන්නේ දෙශපාලකයෙක් නෙවේ... ඔයා රනිල්ගාව ඉන්න ඕනේ...

:       2       4

Bamunuarachchi Saturday, 05 December 2020 11:57 PM

පරීක්ෂණ කලේ නැතිනම් ජම්පර් අන්දනවා කියන්න.

:       0       2

NM Sunday, 06 December 2020 05:11 PM

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් නොව විපක්ෂ නායක සජිතුත් ෆේල්.... එක තමා මේ වනවිට රටේ ජනතා මතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17123 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site