IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහබැංකුව හොරු කැඩීමෙන් සාමසර කන්ද වගේ රටේ සල්ලි නාය ගියා

(මුලටියන - එස්. බාලසූරිය)

අපේ රටේ දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙන්නේ මහ බැංකුව හොරු කැඩුව නිසයි. ඒ නිසා සාමසර කන්ද නාය ගියා වාගේ රටේ සල්ලි නාය ගියා. ඉදිරියේදී විදුලි බිල, ජල ගාස්තු, කිරි පිටි මිල, ඉන්ධන මිල ඉහළ දමනවා. බඩු මිල අහස උසට නගිනවා. මෙහෙම කරන්නේ රටේ සල්ලි නැති නිසයි යැයි හිටපු අමාත්‍ය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා මුලටියනදී ඉකුත් දා (26) පැවසීය.

2018 පළාත් පාලන ඡන්දයෙන් මුලටියන සභාවට තේරී පත් වූ මහජන නියෝජිතයන් පිළිගැනීමේ උත්සවයේදී ඔහු මේ බව සඳහන් කළේය. මුලටියන ප්‍රාදේශීය සභාවේ ලේකම් එච්.එම්. සිරියලතා මහත්මිය ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එම උත්සවය සංවිධානය කර තිබුණි. මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේද කීය.

“පළාත් පාලන මැතිවරණය මාස 40 ක් කල් දමා තිබුණා. මේ ආණ්ඩුව ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත්තා. දැඩි අරගලයකින් පසුව ජනතාවගේ එම අයිතිය යළි ලබා ගත්තා. දැන් අලුත් කාලයක් ආරම්භ වී තිබෙනවා. මේ අපගේ රටයි. මේ රට හැර වෙනත් රටක් නැහැ. අපේ රට පිළිබඳව අපට හැඟීමක් කැක්කුමක් තිබෙනවා. මේ ආණ්ඩුවේ ගත
වූ වසර තුනක කාල සීමාවේදී රට යන දිශාව පිළිබඳව සතුටු වෙන්න පුළුවන්ද? එදා මුලටියන හන්දිය තිබුණේ කොහොමද? මහින්ද රාජපක්ෂ යුගයේදී තමයි මුලටියන සංවර්ධනය කළේ.

රටේ ශීඝ්‍ර දියුණුවක් ඇති වුණේ ඒ යුගයේදීය. මේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හැදුවේ ණයට සල්ලි අරගෙන නොවෙයි මේ රටේ මහජනතාවගේ මුදල්වලින්. මහින්ද මහත්තයා මේ රට විකුණුවේ නැහැ. පාවා දුන්නේ නැහැ.
පසුගියදා සම්මත කර ගත් පනත අනුව ඕනෑම රටකින් ඕනෑම පොලියකට ණය ලබා ගන්න පුළුවන්. මීට පස්සේ හොරකම් කළාට උසාවි යන්න වෙන්නේ නැහැ. විශ්වාස භංගයෙන් ආණ්ඩුව පැරදුණත් 19 වැනි සංශෝධනය අනුව මේ ආණ්ඩුව විසුරුවන්න බැහැ. මහින්ද රාජපක්ෂ හා සරත් විජේසේකර යන මහත්වරුන් හැර අපත් ඒකට සම්මාදන්
වුණා. තවත් මාස 16කින් මහ මැතිවරණය පැවැත්වෙනවා. එදා බොරු ප්‍රචාර නිසා හංසයාට කතිරය ගැහුවා. ඒ වැරැද්ද නිවැරදි කර ගන්න පසුගිය පළාත් පාලන ඡන්දයේදී ජනතාව පොහොට්ටුවට ඡන්දය දුන්නා. මේ
රටේ ජනතාවගේ කැක්කුම තමයි ඒ පිට වුණේ. එහෙම කළේ මේ රටේ වැඩ කරපු යුගය යළි ගේන්නයි. මුලටියන සභාවට තේරුණු මහජන නියෝජිතයන්ට පැවරෙන වගකීම විශාලයි. නමුත් එදා වගේ ආණ්ඩුවෙන් මුදල් ලැබෙන
එකක් නැහැ. ඒ නිසා ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් අරපිරිමැස්මෙන් කටයුතු කරන්න. පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු හැම ගමකටම ඉන්න නිසා අපට දිගු ගමනක් යන්න පුළුවන්” යැයි ද ඔහු කීය.

මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා. “මුලටියන ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 13 ම අප ජයග්‍රහණය කළා. අප සියලුම දෙනා එකමුතුව කටයුතු කළා. ඒවාගේම ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ අනෙකුත්
පක්ෂවල මන්ත්‍රීවරුන් 11 දෙනා සමග එකතු වී මුලටියන ප්‍රාදේශීය සභාවේ උන්නතියට කටයුතු කිරීම අපගේ අරමුණයි. මුලටියන ප්‍රාදේශීය සභාව පිළිබඳව මුළු ලංකාව පුරාම දන්නවා. ඒ ප්‍රසිද්ධිය අපට ලබා දුන්නේ මාධ්‍යයයි. අඩුපාඩු වාගේම අප කරන සංවර්ධන කටයුතු පිළිබඳව ජනතාවට පෙන්වා දුන්නා. ඒ පිළිබඳවත් මාගේ ස්තුතිය
පිරිනමනවා.

කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව ප්‍රියනාත් මහතා ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.



අදහස් (1)

මහබැංකුව හොරු කැඩීමෙන් සාමසර කන්ද වගේ රටේ සල්ලි නාය ගියා

saththaya Friday, 30 March 2018 04:15 AM

ඔබලාගේ පාලන සමයේ රටම සුරා කෑමෙන් මහජනතාව අද බඩගින්නේ . ඒවා ගැන කතා කරන්න කැමති නැද්ද ? ඔබලානම් බඩ පුරෝගෙන ඉන්නේ එන ආත්මයටත් එක්ක . ඒක නේද ඇත්ත.

:       0       358

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site