(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට කළ දේම නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතාටද සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.
අද මහින්ද මහත්තයා පොහොට්ටුවට කතිරය ගහන්න කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිය - බර අඩු කරන්නයි මේ යන්නේ.අපි තේරුම් ගන්න ඕන 2009 මැයි මාසේ 20 වැනි දා යුද්ධය අවසන් කරනවා, ඒ යුද්ධය දිනුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති, ගෝඨාභය ආරක්ෂක ලේකම්, යුද හමුදාපති සරත් ෆොන්සේකා නිසා.
යුද්ධය අවසන් වෙලා සරත් ෆොන්සේකා හොඳම හමුදාපති කියලා රට වටේම අරන් ගියා, කටවුට් ගැහුවා, උත්සව තිබ්බා, බොහොම වර්ණාවෙන් කතා කලා.හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2010 ජනාධිපතිවරණයේදී එතුමත් එක්ක සරත් ෆොන්සේකා මහත්තයා තරග කළා කියලා ජම්පරේ ඇන්දුවා.
මෙන්න මහින්ද මහත්තයාගේ හැටි. යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න ෆොන්සේකා මහත්තයා තමන් එක්ක ජන්දය ඉල්ලපු තරහට, වෛරයට , පළිගන්න ජම්පරය ඇන්දුවා.අද මහින්ද මහත්තයා නිකං හරි රණවිරුවෙක් හිරේට ගියොත් රණවිරු දඩයම කියලා බොහොම දුකින් කථා කරනවා.හැබැයි රට බේරා ගත්ත, යුද්ධය වෙලාවේ යුද්ධය කරපු සරත් ෆොන්සේකා මහත්තයා එයත් එක්ක තරග කරපු තරහට ජම්පරය ඇන්දුවා.
අද කරන්නෙත් එදා කරපු වැඩේමයි.ඒ වගේම දෙයක් මෛත්‍රී මහත්තයයි එයයි ඡන්දය ඉල්ලුවා, මෛත්‍රී මහත්තයා දිනුවා. සභාපති පැරදුණා දැන් මෙයා අලුත් පක්ෂයක් හැදුවේ ශ්‍රී ලංකාකාරයින්ගෙන් සහ මෛත්‍රීගෙන් පළිගන්නයි.දිනපු මෛත්‍රීට බාධා කරන්නයි යැයි ශ්‍රිලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකාට කළේ කුමක්ද? ෆොන්සේකාට ජනතාව කරපුදේ බලලා කතාකරන්න. ෆොන්සේකා කව්ද කියා ඔබ තවමත් ඉගෙනගෙන නැද්ද? අනේ පව්...
මෛත්‍රි ඡන්දේ ඉල්ලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොවේ. ඒක දුමින්ද දිසානායකට අමතක වුණාට ජනතාවට අමතක නැහැ. ලක්ෂ 58 අපි ඡන්දේ දුන්නේ මහින්ද මැතිඳුන්ට මිසක් හංසයාට නොවේ. අපේ ඒ වටිනා ඡන්දය අරගෙන වත්මන් ජනාධිපති පැරදුණු අපේක්ෂකයන් පත්කර ඇමතිකම් දුන්නා. අපේ ඡන්දය අවභාවිත කළා.
ෆොන්සේකාට ඒක කලේ මෛත්‍රී ඇමතිවරයෙක්ව හිටපු ආණ්ඩුවෙන් බව අමතකද?
නෑ දුමින්දට වැරදිලා. මෛත්‍රීට ඒක කරන්නේ දැනට ඔහු විසින්ම බලගන්වපු එජාපයේ ලොක්කා රනිල් ජනාධිපති ලෙස පත්වීමෙන් පසුවයි.
අපේ රටේ දේශපාලකයෙක් වෙමින් බලයක් ලැබෙනවා කියන්නේ සක්විති රජකමක් ලැබුනා වගෙයි.. බොරුනම් බලන්නකෝ එක කලිසම හෝදහොදා ඇන්දා කියපු, ෆුට් බයිසිකලයක් ගන්න රුපියල් සීයක් තිබුණේ නැහැ කියා ඔහුගේ කටින්ම කියපු අර වංශවත් දේශපාලකයාගේ අද තිබෙන වත්කම...
මහින්ද මහත්තයාගේ මුහුණේ ඉරියව් දිහා හොඳින් බලනවිට බයත් හිතෙනවා..
මේ කරන්නේ නම් මහ ජරා වැඩක්නේ...
බමුණුආරච්චි !!! ඔලුව නරක් වෙලාද මඤ්ඤං කියවන්නේ!! ෆොන්සේකා කව්ද කියල කිව්වා නම් අනිත් අයටත් දැනගන්න!!
කිසිම ප්‍රශ්නයක් නැහැ
ෆොන්සේකා හොඳ රටට සේවයක් කල විරුවෙක් තමයි. නමුත් ෆොන්සේකා කළේ කුමක්ද? මහින්දට එරෙහිව එන්ජීඕ කොන්ත්‍රාත් එකක් කිරීමයි.