(දයාරත්න ඇඹෝගම)
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවා මසක් යන්නටත් ප්‍රථමයෙන් පොහොර මිටියක් යළිත් රුපිවල් 350/- ගොවියන්ට ලබා දිමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද (16) හල්මිල්ලේ පැවැති ජන හමුවක දී පැවසීය.
මේ ආණ්ඩුව මේ අවුරුදු තුනට මොනවද කරේ.මහ බැංකුව කැඩුවා.ඊයේ පෙර්දා රනිල් වික්‍රමසිංහ මහත්තයා දඟලපු හැටි ටී.වී. එකේ දකින්න ඇති නේද.තමුන්නාන්සේලා දකින්න ඇතිනේ.හොරා හොරා කිය කියා දඟලපු දැඟලිල්ල.ඒ වගේ මහ බැංකුව කැඩුවා. ඊලගට තමුන්න්නසේලාගේ පොහෙර සහනාධාරය සම්පූර්ණ කපා හැරලා දැම්මා.
අද පොහොර මිටියක් ගන්න නෑ. අද කුඹුරු විනාශවෙමින් පවතිනවා. කන්න කිහිපයක් වර්ෂාව නැතුව ඉඳලා ඉඳලා ලැබුණු වර්ෂාවෙන් යම් කිසා ප්‍රමාණයක් වගා කරගත්තා. ඒවාත් අද වෙනකොට විනාශ වෙලා ඉවරයි. වැස්සත් නෑ. පොහොරත් නෑ. ඒනිසා අද මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ තමුන්නාස්සේලාගේ බෙල්ල කැපීම පමණයි යැයි චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කීවේය.
මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන්, හිටපු සභාපති ටී.එම් ආර්. සිරිපාල,පළාත් සභා මන්ත්‍රී උපාලි විජේකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කෘෂි රක්ෂණ මණ්ඩලයේ වන්දි මුදල් වංචා කලා......... කන්තලේ ගොවීන්ට වන්දි ගෙවනවා කියා වන්දි මුදල් වංචා කලා. ඒවාට නඩු නීතිපති දෙපාර්තුමේන්තුවේ හිරවී ඇත. පට්ට හොරෙක්.
මාවිල් ආරු ගොවි සහණාධාර ගසාකාපු සල්ලි වලින් ද දන්නෙ නෑ පොහොර සහණාධාර දෙන්නේ?
ඔව් එතකොට ලෝකේ වටේ තියන කුණු අපද්‍රව්‍ය වලින් හදපු රටේ තහනම් කරපු රසායනික ද්‍රව්‍ය ගෙන්වලා කුට්ටිය කඩා ගන්න පුළුවන්... කලින් කලෙත් ඔය ටිකමයි. එ්කෙන් තමයි වකුගඩු රෝග රටේ වැඩි වුණේ...
මෙයාගේ සල්ලි වලින් පෝර සමාගම්වලට සහනාධාර දීලා පෝර 350ට දෙන්න. අපි බදු සල්ලි වලින් පෝර සමාගම් පෝසත් කරන්නෙ ඇයි? මේ 350ට පෝර දීමේ ප්‍රෝඩාව හින්දා පෝර සමාගම් පෝසත් වුනා. ගොවියො වස විස ගොවිතැනට ඇබ්බැහි වුනා. රටේ මිනිස්සුන්ට වහ කැව්වා.
හීන දකිනවා
බලය නැතුව ඉන්නකොට මතක් වෙන ඒවා මේ.
මහින්දගේ රජයක් එන්න අවශ්‍ය නැහැ. පොහොර අඩුවට ගන්න මෛත්‍රී ජනපති කියන්නේ ඉතාම කරුණාවන්ත කෙනෙක්. හිටපු හොරු වගේ නෙමේ. නිකම් දෙන්න පුලුවන්නම් මිනිසුන්ට දේවි.
ඊට පස්සේ අපි ගෙවනවා.
පොහොර 350 ට දෙන ගමන් අර 2500 ත් දෙනවද ?