(රංජිත් රාජපක්‍ෂ )
හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත මේ රටේ බලය ලබා ගැනිමට උත්සහයක නිරත වෙන බවත් වතුකරයේ දෙමළ ජනතාව සමග එක්ව එය පරාජය කිරිමට ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
දිසානායක මහතා මේ බව පැවසුවේ හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේ දී අද (16) පැවති කඳුරට ජනතා පෙරමුණේ කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනයට සහභාගි වෙමිනි.
“මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ඒමට වපුරවන ජාතිවාදය පරාජය කිරිමට වතුකරයේ දමිළ ජනතාව සමග එක්වි දිවි හිමියෙන් කටයුතු කරනවා. මේ රටේ ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වි සිටින ජනතාවක් සිටින්නේ වතුකරයේ .ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට වතුකරයේ වෘත්තිය සමිති සමග එක්ව කටයුතු කරනවා.. ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සෑම ජාතියකටම සම අයිතීන් ලැබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වන්නේ නම් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට ජනතා විමුක්ති පෙරමුණ උපරිම අයුරින් කටයුතු කරනවා“යැයි දිසානායක මහතා ප්‍රකාශ කරයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 වත් ජනතාව දිනාගෙන දූෂිතයන් රජයේ දේපොළ මංකොල්ලකන්නන් පලවාහැරීමට පෙළගැසෙන්න. ජය පතමි!
ද්‍රවිඩ දේශපාලකයින් කරන්නෙත් ඒකමයි. අහිංසක සිංහල මිනිස්සු වගේම මේ වතුකරයේ ඉන්න ද්‍රවිඩ ජනතාවත් හැමදාම අවස්ථාවාදීන්ට රැවටෙමින් ඉන්නේ. ජවිපෙට හැකිනම් ඔය ජන කොට්ටාශ දෙක සමගි කරලා අන්තවාදීන් කොන් කරවන්න. අන්න ඒක ලොකු ජයග්‍රහණයක්.
මේ ගොල්ලන්ට කවදාවත් එහෙම කරන්න බෑ. අයර්ලන්තෙට ගරිල්ලාගෙන් උපදෙස් ගන්නතාක් කල්. උඩරට මැණිකේ බදුල්ලට යන කොට අපි දකිනවා නිවාඩුවෙන් පසු නැවත යන හමුදාවේ මහත්තුරු ද්‍රවිඩ කාන්තාවන්ට තම ආසනය දීලා ඒ අය හිටගෙන යනවා. සමාන්‍ය මගියත් එහෙමයි. එ්ත් වතු ජනතාවට මේ කීව දේට උඩරට ජනතාව ඡන්දේදි පිළිතුරු දෙයි.
ලංකාවට දැනට ඇති එකම විකල්පය ජවිපෙයයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති කාලානුකූලව වෙනස් කරන්න පුළුවන් වුනොත්, ලංකාවේ දැන් උදාවෙලා තියෙන දේශපාලන තත්වයත් එක්ක ඔවුන්ට මහඟු අවස්ථාවක් උදාවෙලයි තියෙන්නේ. පොදු ප්‍රශස්ත ජනතාවගේ සිත් දිනාගැනීමට අවශ්‍ය සැලසුම් සමඟ ක්‍රියාත්මක වුනොත්, ඔවුන්ට සාර්ථකවෙන්න පුළුවන් බව මාගේ හැඟීමයි.