නාලක සංජීව දහනායක
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් දුන් බවට චෝදනා එල්ලවන චයිනාහාබර් සමාගමට වත්මන් රජය ද සංවර්ධන ව්‍යාපෘති ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා අද (20) පැවසීය.
පුළුවන්නම් එම සමාගම්වලට සංවර්ධන ව්‍යාපෘතීන් ලබාදීම නතර කරන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී අද (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
(ඡායාරුපය - ඉෂාන් සංජීව )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd