(නිමල කොඩිතුවක්කු)
ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන කිසිසේත් අනුමත නොකරන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර වන ප්‍රදේශයේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එම නිවේදනයෙහි තවදුරටත් මෙසේද දැක්වේ.
"ජනාධිපතිතුමන් විසින් අම්පාර උහන ප්‍රදේශයේ දී කළ කතාව විවිධ පැතිකඩ වලින් අවධානයට ලක්ව ඇති බව පෙනේ.රටේ රාජ්‍ය නායකයාගේ කතාබහ, ගමන්බිමන්, ඉරියව් මෙන්ම එතුමා විසින් කෙරෙන සෑම ප්‍රකාශයන් හා ක්‍රියාදාමයන් මහජන අවධානයට යොමු වීම නොවැලැක්විය හැකිය. රටේ නායකයන් මේ සත්‍යය වටහාගත යුතුය.
අප වෙත ලැබුණු වාර්තා හා විස්තර අනුව මෙය තර්ජනයක් වශයෙන් බොහෝ දෙනෙකු සලකන අතර ප්‍රභාකරන් ගේ ඝාතනය ගැන සඳහන් කරන හේතුවෙන් එය මරණීය තර්ජනයක් වශයෙන් ද හැඳින්වීමට පටන්ගෙන තිබේ.
සමහර ස්වාමින් වහන්සේලා විසින් එතුමාට ජනාධිපති මෙන් නොව හිටපු ආරක්ෂක ලේකම් ලෙස ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් වී ඇති හෙයින් ඒ කරුණ ගැන සමාජයේ හා සංඝරත්නය තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබීම ගැන අපි අතිශය කණගාටුවට පත්වීමු.
බෞද්ධ භික්ෂුන් වහන්සේනමක් විසින් කිසි දිනක ප්‍රාණගාතය අනුමත නොකරන බැවින් කිසි විටෙකත් උන්වහන්සේලා තුළ එවැනි සිතිවිල්ලක් ඇති නොවුනු බව අපගේ දැඩි විශ්වාසයයි. මෙම සිද්ධිය නිසා රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුව තිබේ.
මීට අමතරව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද තම ජීවිතය ආරක්ෂා කරදෙන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවට වාර්තා වී ඇත. ඒ පිළිබඳවද රජයේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ අවධානය යොමු විය යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ප්‍රචණ්ඩත්වයට හා ජීවිත තර්ජන අපි කිසිසේත් අනුමත නොකරමු. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට හෝ ඕනෑම මහජන නියෝජිතයකුට මරණ තර්ජන කරමින් බිය ගැන්වීම ශීලාචාර සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘මහජන නියෝජිතයන්ට මරණ තර්ජන කර බියගැන්වීම ශීලාචාර සමාජය ප්‍රතික්ෂේප කරනවා‘
Babun Wednesday, 13 January 2021 04:37 PM
රංජා ඇතුළට ගියේ ඒකයි.
BamunuarachchiWednesday, 20 January 2021 06:25 AM
ගියේ යායුතු නිසයි. එහෙම කිව්වොත් වඩාත් නිවැරදියි..