IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහ ඡන්දයේ ප්‍රතිඵලය දන්නා විපක්ෂය දැන් බයේ දඟලනවා

(***නාලක සංජීව දහනායක)


මහමැතිවරණයේ ප්‍රතිඵලය කුමක්දැයි දන්නා බැවින් විපක්‍ෂයමැතිවරණයට මුහුණදීමට දැඩි බියක් දක්වන බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (26) පැවසීය.

බේද බින්නවී නන්නත්තාරව සිටින විපක්‍ෂයට මහ මැතිවරණය ජය ගැනීමට කිසිදු හැකියාවක් නැතැයිද ඔහු කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.  

අපේ රට තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගනු ලැබූ ක්‍රියාමාර්ග ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක්වෙලා තිබෙනවා. එහෙත් මේ වයිරස ව්‍යාප්තිය නිසා අපි දැඩි ආර්ථික පීඩාවකට ලක්ව සිටිනවා. ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට දෙක දක්වා කඩා වැටුණා. ඒ වගේම පසුගිය වසරේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් සමගම ආර්ථිකය කඩා වැටීමේ වේගය තවත් වේගවත් වුණා.

වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු අපේ ආණ්ඩුවට බාරගන්න වුණේ කඩා වැටුණු ආර්ථිකයක් සහිත රටක්. ඒ අභියෝගය බාරගෙන ක්‍රමානුකූලව ආර්ථිකය නගාසිටුවීමේ කටයුතු ආරම්භ කරන කොට කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භ වුණා. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩ නගමින් ජන ජීවිතයට නැවත පණපොවමින් රට සංවර්ධනය කිරීමේ අභියෝගය අපිට තිබෙනවා. ඒ සඳහා මේ රටට අලුත් පාර්ලිමේන්තුවක් ඕන. සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසම කටයුතු කරාවියැයි අපි විශ්වාස කරනවා.

කවුරු කොහොම කිවුවත් කවදහරි මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ නිසා මැතිවරණය කල් දමමින් ව්‍යවස්ථාපිත සීමාවෙන් පිට පනින්න කාටවත් බැහැ. අපේ රටේ සමහර දේශපාලනඥයන් කළු සල්ලි මැතිවරණ ව්‍යාපාරයට මුදාහරිනවා. විශේෂයෙන්ම බැඳුම්කර වංචාවේ මුදල්, රාජ්‍ය නොවන සංවිධාන අන්තවාදී සංවිධානවලට එවන සල්ලි මැතිවරණ කාලසීමාවේදී එළියට දානව. ඒ නිසා මැතිවරණ ක්‍රියාවලිය නිසා අපේ රටේ මුදල් සංසරණය වැඩි වෙනවා. ආර්ථිකය සක්‍රීය කරන්න මැතිවරණ හේතුවෙනවා.

මැතිවරණය පැවැත්වුවහොත් තමන්ගේ ප්‍රතිඵලය කුමක්ද කියන්න විපක්‍ෂය දන්නවා. ඔවුන් භේදබින්න වෙලා නන්නත්තාරවෙලා. ඔවුන්ගේ සමඟි බලවේගය තුළ කිසිම සමඟියක් නැහැ. ඒ නිසා ඔවුන් මැතිවරණවලට බයයි. එමෙන්ම අපේ තානාපති කාර්යාලවල හොල්මන් කරන්නේ පහුගිය ආණ්ඩුවේ හොල්මන් ටිකයි. මේ හොල්මන් නිසා විදේශ රටවල සේවය කරන අපේ රටේ ජනතාවට නිසි ප්‍රතිඵලයක් ලබාගන්න බැරිවුණා. මේ බව දන්නා නිසාම විදේශ රටවල සිටින අපේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් රජය නිරන්තරයෙන්ම කැපවී කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කරන්න හැකිවුණ නිසා මුළු රටේම ඇඳිරි නීතිය ඉවත් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ අනුව ජනජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග රජය අනුගමනය කරමින් සිටිනවා. ලෝකයේ බලවත්යැයි කියාගන්නා රටවලටත් මේ කොරෝනා වයිරසය පාලනය කරගන්න බැරිවුණා. නමුත් ජනාධිපතිවරයාගේ නිවරදි නායකත්වය තුළ මෙම වයිරසය පාලනය කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. අපේ රට තුළ මෙම වයිරසය පාලනය කර තිබෙන නිසා විදේශගතව සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා මෙසේ පැවසීය.

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා රටේ අපනයන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. මේවා අපිට විතරක් නෙමෙයි මුළු ලෝකයටම පොදු දෙයක්. මේ නිසා අපිට ආර්ථිකමය ප්‍රශ්න ගණනාවක් උද්ගතව තිබෙනවා. 1929 වසරේ පැවැති ආර්ථික අර්බුදයට පසුව ලෝකය මුහුණදෙන විශාලතම ආර්ථික අර්බුදය මෙය වෙන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයාගේ නිවැරදි නායකත්වය යටතේ මේ ආර්ථික අර්බුදයත් ජයගැනීමට හැකිවේවි. මේ අර්බුද ජයගන්න නම් ජනාධිපතිවරයා යටතේ වෙනස් පාර්ලිමේන්තුවක් බිහිවිය යුතු යැයිද ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

මහ ඡන්දයේ ප්‍රතිඵලය දන්නා විපක්ෂය දැන් බයේ දඟලනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17598 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site