IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මූල්‍ය විනයක් සඳහා විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

මූල්‍ය විනයක් ඇති කිරීමට විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) පැවැසීය.

විගණනය රටට වගේම පාර්ලිමේන්තුවට ද වැදගත් බව අගමැතිවරයා කීය. 

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (5) පෙරවරු 10.00ට රැස්විය.

වාර්තා හා ලිපි ලේඛන යනාදිය පිළිගැන්වීමෙන් පසුව මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

ජාතික විගණන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීම සඳහා ඉදිරිපත් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

කලින් පනතට සංශෝධන කිහිපයක් මෙහි ඇතුළත් වෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව බදු ක්‍රියාත්මක වෙන්න බැහැ. විගණනය පාර්ලිමේන්තුවට වැදගත් දෙයක්. විගණනයේ කාර්යක්ෂමතාව ද රටට වැදගත්. විගණන කොමිෂන් සභාව 19 වැනි සංශෝධනය යටතේ පිහිටවනු ලැබුවා. මේ පනත ඉදිරිපත් කළාට පස්සෙත් යෝජනා ආවා. විගණන ප්‍රශ්න තියෙනවා. අපි බලයට ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා. ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. දැන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තියෙනවා. ජාතික විගණන කොමිසම දෙස බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙනුයි.

පත්කළ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ):

මේ පනත පාර්ලිමේන්තුවට ආවේ අවුරුදු 3ක් පරක්කු වෙලයි. 
(නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන් මහතා මුලසුනට පැමිණියේය)

හඳුන්නෙත්ති මහතා:

මේ පනත ගේන්න විගණකාධිපතිතුමා ලොකු කාර්ය භාරයක් ඉටු කළා. ඒ ගැන අප එතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පනතට අප දැන් ඇත්ත පණ දිය යුතුයි. සමහරු මේක යටපත් කරන්න උත්සාහ දැරුවා. හිස් පඹයකුට නමක් දාලා වැඩක් නැහැ. අපි මේ පනතට සංශෝධන 13ක් ඉදිරිපත් කරනවා. මෙම පනත මේ තියෙන විදියට සම්මත වුණොත් හොරු මහා බැංකු කොල්ලකාරයන්ට මොකුත් වෙන්නේ නැහැ. වංචනිකයන්ට ගහන දඩයත් අඩු කරලා. මේ පනත හරි ගෙනාපු එක ගැන අප සතුටු වෙනවා. උන්න හැටියට මළා මදැයි කිව්වලු. මේ පනත මගින් විනය බලධාරියකු පත් කිරීමෙන් අර්බුදයක් ඇති වෙනවා. ඒ ගැටුම එන බව මම කියනවා. 

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා:-

මුදල් වංචාව, නාස්තිය වැළැක්වීම මේ පනතේ අරමුණයි. 2020 දී මෙරටට හිට්ලර් කෙනකු එන්න හදනවා. ඒ හිට්ලර් මේ විගණන පනත පාවිච්චි කරයි ද? හිට්ලර් ජර්මනිය විනාශ කළා. අන්තිමේදී හිට්ලර් දිවිනසා ගත්තා. හිට්ලර් එන එක වළක්වන්න අපි මරාගෙන මැරෙන සටනක් කරනවා. හම්බන්තොට වරාය හදලා මේ රටට ලොකු ණය බරක් ඉතිරි කළා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-

මේ පනත ප්‍රමාද වුණේ අධිභාර ප්‍රශ්නය නිසයි. බැඳුම්කර මගඩිය එළි පෙහෙළි කර ගන්න වර්තමාන විගණකාධිපති ලොකු කාර්ය භාරයක් ඉටු කළා. එතුමා නිර්භයව ඉදිරියට ආවා. අගමැති සගයන්ගේ වැරැදි වහන්න ඊයේ උත්සාහ දැරුවා. අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් අගමැති කොච්චර සහතික දුන්නාද? මේ වරෙන්තුකාරයා ගෙන්වා ගන්න අගමැති ඉල්ලීමක් කළා ද? ජනාධිපතිතුමාටත් රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ගන්න පුළුවන්.

මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-

විගණකාධිපති ශක්තිමත් කිරීම මේ පනතේ අරමුණයි. අපේ රටේ සම්පත් අවභාවිතාවක් තියෙනවා. විගණන බලතලයයි අධිකරණ බලතලයයි අතර ගැටලුවක් තිබෙනවා. විගණන පනත ගෙන ඒමට ප්‍රමාදයක් ඇතිවුණා. පනත හැදීමට සියලු දෙනාගේ අදහස් ගත්තා. අර්ථ සාධක අරමුදලේ අවභාවිතයක් වෙලා තියෙනවා. මේක අද ඊයේ වුණු දෙයක් නොවෙයි. දැන් ඒ ගැන විගණනයක් යනවා. හොරුන්ට අපෙන් සමාවක් ලැබෙන්නේ නැහැ.
(හේෂාන් විතානගේ මහතා (එජාප) මුලසුනට පැමිණියේය)

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා (එජනිස):-

විගණන දෙපාර්තමේන්තුවට ඍජු තීන්දු ගන්න නීති පද්ධතියක් තිබුණේ නැහැ. බොහෝ රාජ්‍ය නිලධාරින් විශාල වැඩ කොටසක් කරනවා. නමුත් ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් නිසා රටට සිදුවන පාඩුව විශාලයි. මේ නිසා රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් මෙවැනි විගණන පනතක් ලබාදීම යහපත් කාරණයක්. විගණනය පොලිස්කාරයෙක් විදියට රාජ්‍ය නිලධාරින් දඬුවම් ලැබිය යුතු අය වශයෙන් කටයුතු කළහොත් මේ පනතෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටුවන්නේ නැහැ. මේ නිසා මේ දෙගොල්ලන්ටම පුහුණුවක් ලබාදිය යුතුයි. විගණන පනත මගින් තව පොලිස්කාරයෙක් හදන එක නොවෙයි කළ යුත්තේ. 
අප කොයි පැත්තේ හිටියත් මේ පනතට සහාය දෙනවා. 

පරිසර නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතා:-

රට කොයි තරම් සංකීර්ණ වුණත් විගණනය සංශෝධන වුණේ නැහැ. හොරා රාජ්‍ය නිලධාරියෙක් වුණත් හොරකම දිගටම කරගෙන ගියා. 1978 ව්‍යවස්ථාව මගින් මේ ගැන සැලකිල්ලක් තිබුණත් ක්‍රමවේදය සැලසුණේ නැහැ. වංචා දූෂණවලට තිත තියන්න අද ගත් මේ පනත පිළිබඳ තීරණය නිසා අද ස්වර්ණමය දවසක් වෙනවා. 
මේක දේශපාලන වශයෙන් අවාසියක් විය හැකියි. නමුත් රටේ යහපත වෙනුවෙන් ගත් තීරණය ඉතා වටිනා එකක්. 

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා:-

අවංක රාජ්‍ය නිලධාරින් මේ විගණන පනතට බියවිය යුතු නැහැ. සුළුතර නිලධාරින්ගේ බලපෑම්වලට අප බිය වන්නේත් නැහැ. මේ පනතෙන් රාජ්‍ය සේවය ශක්තිමත් කර ගත හැකි වෙනවා. නිලධාරීන් අද විවිධ දඬුවම්වලට හසුවී බන්ධනාගාරගත වෙනවා. විගණකාධිපති ශක්තිමත් කිරීම වැගත්. විගණකාධිපති ශක්තිමත් කිරීම පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමක්. සුනිල් හඳුන්නෙත්තිගේ සංශෝධන මාත් අනුමත කරනවා. අප සමහර නිලධාරින් කාරක සභාවලට කැඳවන කොට රට යනවා. රෝහල්ගත වෙනවා. 

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රි එස්. ශ්‍රීනේෂන් මහතා (දෙජාසං):-

නමට සංවර්ධනය රටට වැඩක් නැහැ. අලුත්ම අල්ලස ලිංගික අල්ලසයි. පාසල්වලත් අල්ලස් ගැනීම් සුලබව වෙනවා. උතුරේ සංවර්ධනය තියෙන්නේ ඉබි ගමනේ. මිනීමැරුම් අපරාධ යුද්ධය පැවැති කාලයේ වුණේ නැහැ. ලිංගික අපචාරත් වැඩිවෙලා. ආවා කල්ලියත් හිස ඔසවලා උතුරේ භීෂණය මර්දනය කරන්න.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා (එජනිස):-

විගණන පනත මාස තුනකින් ගේනවා කිව්වත් ගෙනාවේ නැහැ. මේ පනත මූලික ක්‍රියා මාර්ගයක්. මෙහි දඩ මුදල රුපියල් 5000 වෙනස් විය යුතුයි. දඩ මුදල කනගාටුදායකයි. එදා මහනුවර විගණන නිලධාරියකුට ඇසිඞ් ගැහුවා. ඒ අයට රැවුලයි කැඳයි දෙකම බේරා ගෙන වැඩ කරන්න වෙලා. විගණකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සුපිරි බලවතෙක්. මේ පනත ආරම්භයක් හැටියට ඉතා වැදගත්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රවී කරුණානායක මහතා (එජාප):-

තොරතුරු දැන ගැනීමේ පනත අප ලැබූ ලොකු ජයග්‍රහණයක්. එදා අප ඉල්ලූ තොරතුරු දුන්නේ නැහැ. එදා මොකුත්ම ලැබුණේ නැහැ. පලිගැනීම්වලටත් සමහරු විගණනය කරනවා. මට ඒ ගැන අත්දැකීම් තියෙනවා. විගණන පනත හරහා අපට අවශ්‍ය වුණේ බල්ලකු මිසක් හපන බල්ලකු නොවෙයි. මේ පනත ගේන්න දේශපාලනඥයන් අකමැති වුණේ නැහැ. අධිභාරය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස)

ලංකාව දැකපු සිහිනයක් අද සැබෑවන දිනයක්. ඒ ගැන සතුටු වෙනවා. නමුත් එසේ අඩු බර දරුවෙක් කෘෂිකර්ම අමාත්‍යංශය කුලී ගොඩනැගිල්ලට කෝටි ගණන් වැය කළා. අධිභාර පැනෙව්වද, මේ පනත සම්මත කළාට පසුව පළමු අධිභාරය එහි ප්‍රධානින්ට නියම කරන්න ලක්ෂයේ අධිභාරය පන්දහස කළේ කොයි තක්කඩියද? 

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා (එජාප):-

දුෂණයට කැමැති දේශපාලනඥයන් නිලධාරින් මේ පනතට විරුද්ධ වුණා. වෙන කිසිම නායකයකු මෙවැනි පනතක් ගේන්න උත්සාහ දැරුවේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඒක ගෙනාවා.

පත් කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එජනිස):- 

මෙය සම්පූර්ණ පනතක් නොවෙයි. සංශෝධනවලට අවධානය යොමු කරන්න. පාර්ලිමේන්තුවට අයවැය කාර්යාලයක් අවශ්‍යයි. මයන්ත දිසානායක මහතා (එජාප) මුලසුනට පැමිණියේය.

සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධක නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා:-

මේ පනත එදා වළක්වපු තක්කඩීන් ටික හෙලි කරන්න. අද විගණන අංශ කරන්න ඕන දේවල් කරන්නේ ජනමාධ්‍යයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ඒ කාර්ය භාරය කළා. පක්ෂවල අරමුදල්වල ලෝකයේ ලොකුම වංචා වෙනවා. ඒවා ගැන විගණනයක් වෙන්නේ නැහැ. මම කියන්නේ හැම පක්ෂයටමයි.
කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එජනිස)
ස්වාධීන කොමිෂන් සභා ජනතාවගේ යහපත සඳහා ස්වාධීනව කටයුතු කළ යුතුයි. වැඩියෙන් දූෂණ වන්නේ සංවර්ධනය වන රටවලයි. 

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-

මේ වගේ ශක්තිමත් ආයතන අපට අවශ්‍යයි. විගණකාධිපති කාර්යාලයට මූල්‍ය ස්වාධීනත්වය තිබිය යුතුයි. එදා ස්වාධීන කොමිෂන් සභා නැති කළා. මූල්‍ය පාලනය පාලකයන් අතට ගත්තා. ඉස්සර තිබුණේ රහසිගත තොරතුරු.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂණ ප්‍රේමරත්න මහතා (එජනිස):-

ඇලෝසියස්ගේ සිර මැදිරියෙන් ජංගම දුරකථන තුනක් අද සොයා ගෙන තියෙනවා. රවී කරුණානායක මහත්තයාගේ ලේකම්වරයකුටත් මෙන්ඩිස් සමාගමෙන් මිලියන පහක් දීලා කියලා අද අධිකරණයේ දී හෙළිවෙලා තියෙනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි හේෂාන් විතානගේ මහතා (එජාප):-

හිට්ලර් පන්නයේ ආණ්ඩුවකට මේ වගේ පනතක් අවශ්‍ය නැහැ. රටේ  මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ එකම භාණ්ඩයේ මිල තුනකට ගන්නවා. නිසි ටෙන්ඩර් පටිපාටියක් ඇති කළ යුතුයි. ප්‍රාදේශීය සභාවලට භාණ්ඩ මිලදී ගැනීමේදී විනිවිදභාවයක් නැහැ. 

පත්කළ මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):-

අප අයවැය කාර්යාලය පිහිටුවනවා. ගල් අඟුරු වාර්තාවේ අඩුපාඩු ගැන අපි සාකච්ඡා කළා. මේ විගණන පනත තවත් පොලිස්කාරයකු නොවිය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා (එජාප)

අප අල්ලස් කොමිසම ශක්තිමත් කළා. වංචා, දූෂණ නැති කරන්න එෆ්.සී.අයි.ඩී. එක පිහිටෙව්වා. රට තුළ ලොකු දේශපාලන පරිවර්තනයක් කළා. පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාව දත් නැති කටක් වගෙයි. නිර්දේශ ඉදිරිපත් කරනවා. නමුත් ක්‍රියාත්මක වන්නේ නැහැ. විදේශ ණය අරගෙන කරන ව්‍යාපෘති විගණනය වන්නේ නැහැ. ඒ ව්‍යාපෘති විගණකාධිපතිවරයාට යටත් කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා (එජනිස):-

විගණන පනත ගැන රටට ස්තුතිවන්ත වෙනවා. මගේ වත්කම් ගැන ආශු මාරසිංහ කිව්වා. මගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළා. මම හොරෙන් හම්බ කරපු දෙක් නැහැ. අම්මට තාත්තාට සලකපු නැති කෙනෙක් අපට බොරු චෝදනා කරනවා.

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා (එජාප)

රාජ්‍ය ආයතන රැසක් දිගින් දිගටම පාඩු ලබනවා. මේවාට සමහර නිලධාරින් වගකිවයුතුයි. මේ පනත ප්‍රමාද වුණේ නිලධාරින්ගේ විරෝධය නිසයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා (එජාප)

මේ පනත නිසා රටේ බොහෝ දේවල් ඉදිරියේදී වෙනස් වේවි. අද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ඕපා දූපයි. 
(නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මුලසුනට පැමිණියේය)

අප්පුහාමි මහතා:-

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී ස්වයං විගණනයක් කරගත යුතුයි. 

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප)

සමහර විගණන නිලධාරින් අදාළ පාර්ශ්ව බිය ගන්වනවා. එය හොඳ තත්ත්වයක් නොවෙයි. සෑම නිලධාරියකුගේම මේසය මත විගණන වාර්තාව තිබිය යුතුයි. සමහර ව්‍යාපෘති විගණනයෙන් නවත්වලා. පසුගිය රජය විගණන නිර්දේශ ගණන් ගන්නේ නැහැ. 

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. තිලකරාජා මහතා (එජාප)

මේ පනත ගෙන ඒම ගැන අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. 

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා:-
විගණන පනත යහපාලනයේ ජයග්‍රහණයක්. මේ පනත නිසා රටේ සමෘද්ධිමත් අනාගතයක් ඇතිවේවි කියන විශ්වාසය මට තියෙනවා. 
පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (6) උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය.

 



අදහස් (4)

මූල්‍ය විනයක් සඳහා විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත්

Raveendra Friday, 06 July 2018 08:21 AM

මූල්‍ය විනයක් ඇති කිරීමට විගණනයේ කාර්යක්ෂමතාව රටට වැදගත් යැයි දැනගත්තේ අපි අදමනේ හැබෑට.... මෙතෙක් කල් අම්බරුවන් රෑනම හොරා කෑවේ මෙහෙම අටමඟලයක් ගැන නොදැන සිටිය නිසානේ... ඉතින් දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. දැන් ඉතින් අම්බරුවන් නොවෙයි සක්කරයාටවත් හොරා කෑම බොරු...

:       0       70

senarath Friday, 06 July 2018 08:37 AM

අපූරු මිනිහෙක්නේ මුල්‍ය විනය ගැන කතාකරන්නේ. කොහෙද රටක හිටපු කම්බා හොරෙක් මෙහෙට ගෙනැල්ලා, අනෙකුත් උදවියගේ විරෝධතාව මධ්‍යයේ මහබැංකු අධිපතිකම දීලා මුළු රටේම හදවත වගේ මහබැංකුවට වැඩේ දුන්න‍ා. එකට කරපු විරෝධතාවයන් සතේකටවත් ගණන් නොගෙන ඒ හොරකම යටගහලා පාර්ලිමේන්තුවත් විසුරුවලා නැවත ඒ වගේ කිහිපගුණයකින් හොරකම කළා.

:       258       301

Bamunuarachchi Friday, 06 July 2018 12:34 PM

තමන්ට ලැබිලා තිබෙන කාලය තුළ පනතට අදාලව කතා කරනවා විනා අර මොකද හිට්ලර් කෙනෙක් ගැන කතා කර කර කාලය කාදමන්නේ...?

:       137       32

kalani Sunday, 08 July 2018 12:04 PM

බමුණු ඔය ගිරව් දන්නේ කවුරු හෝ කියපු දෙයක වචන දෙක තුනක් පමණයි.. එ්කනේ විගණන පනත ගැන කතා නොකර හිට්ලර් ගැන කියන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 689 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 374 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site