(ඩයනා උදයංගනී)
යහපාලන රජය ක‍්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත‍්‍රය මෙතෙක් පැවතියේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල අවම වශයෙන් රුපියල් 20 කින් අඩුකර බස් හා ත‍්‍රීවීල් ගාස්තු ද අඩුකිරීමට තිබූ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
වර්තමානයේ පවතින තෙල් මිල ගණන් අනුව දැනට රුපියල් 137ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 117 කටත්, රුපියල් 161ක් වන ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 141කටත්, රුපියල් 104ක් වන ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 84 කට හා රුපියල් 132ක් වන සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 112 කටත් ලබාදීමේ හැකියාව තිබෙන බව ද හිටපු ඇමැතිවරයා කියා සිටී.
පසුගිය රජය සමයේ ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් මිල සුත‍්‍රය මගින් සෑම මසකම 10 වැනිදා මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබූ බවත්, ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තමා තෙල් මිල සූත‍්‍රය හඳුන්වා දෙන අවස්ථාවේදී පොරොන්දුවක් දුන් බවක් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
දැනට පවතින ඉන්ධන මිල ගණන් මිල සූත‍්‍රය අනුව 2019 සැප්තැම්බර් මාසයේ දී ප‍්‍රකාශයට පත්කරන විට සිංගප්පූරු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 65 ක් වූ බවත් අද වන විට එය ඇමෙරිකානු ඩොලර් 45ක් දක්වා පහත වැටී ඇති බවත් සමරවීර මහතා සඳහන් කර ඇත.
යහපාලන රජය මගින් ගෘහස්ථ ගෑස් සඳහා ද මිල සූත‍්‍රයක් හඳුන්වාදීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 දී රු 2000 ට වැඩි මිලකට පැවති කිලෝ ග‍්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 දක්වා අඩු කිරීමට හැකි වූ බව ද මංගල සමරවීර මහතා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 2019 සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව 30% කින් පමණ අඩු වී ඇති බැවින් එම සහනය ජනතාවට හිමිවිය යුතු බව ද හිටපු ඇමැතිවරයා එහි දක්වා තිබේ.
මෙම රජය ජනතාවට සහනදීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ පෙට‍්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙන බව ද මංගල සමරවීර මහතා කියා සිටී.
නමුත් වත්මන් මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදීමෙන්ම පැහැදිලිවන්නේ යැයි ද බව මංගල සමරවීර මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ අත්තනෝමතිකව ගහපු බදු අඩු කළ නිසා ඉන්ධන මිල අඩු නොකළාට කමක් නැහැ. රටම කාලා දැන් ඉන්ධන මිල අඩු කොරන්න කතා කොරනවා.
කටින් තමයි ඔක්කොම සූත්තර. මිනිසුන්ට විනකරන එකම තමා ඉන්නකම් කළේ... ආයෙත් නම් කවදාවත් දේශපාලනයට නොඑ්වා..!
ඔයගොල්ල තියලා ගිය සුත්තරේ දැන් පාරලා තියෙන්නේ. දැන් ඒක කැඩිලා.
2015 දී එනකොට තෙල් බැරලය තිබ්බේ ඩොලර් 75ට 2016 සහ 2017 දී තෙල් බැරලය තිබුනේ ඩොලර් 27 ට. කෝ එදා අඩු කලාද?
අනේ යන්න. ඔය කරපු හරිය හොඳටම ඇති...
මමත් මංගල විරෝධියෙක්. සුදුසුකම් ඇති ආචාර්ය හර්ෂද සිල්වා වැනි පුද්ගලයන් ආණ්ඩුවේ ඉන්දැද්දී කිසිම සුදුසුකමක් නැතුව ඔහු මුදල් ඇමැතිවෙලා කරපු දේවල් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් කරුණාකර මෙතන ඔහුගේ දේශපාලනය පටළවගන්න එපා. රටක ඉන්ධන මිල තීරණය විය යුත්තේ ලෝක වෙළදපලේ බොරතෙල් මිල මත. දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නේ මෙම ක්‍රමය.
මෙයාට අඩුකරන්න පුළුවන්.
අහෝ ඛේදයකි. මෙයාගේ අඩු කිරිල්ල... මොකක් නැතත් වැඩිම කළා.. දැන් මහලොකුවට කියවනවා. මෙයා හිනාවේවි මිල සූත්‍රයක් කියලා අකුරු හතරක් පෙන්වලා මාධ්‍ය සංදර්ශන තියලා හිනා වුනේ අපිටයි කියලා අපි හොඳටම දන්නවා...
මෙයා කතා කරන්නේ මොන කටින්ද?
තව චුට්ටක් ඉවසලා ඉන්න... ඡන්දෙ ලං වෙනකොට අඩුකරයි... !!!
තෙල් මිල අඩු කල යුතු බව ජනතාව බලාපොරොත්තු වෙනවා.
අනේ මෙයාගේ කතා තවත් පත්තර වල දානවනේ. තවම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ කියනදේ එහෙයි කියන ජාතියක් කියලා.
බැරි වෙලාවත් මිල සුත්තරෙත් දිගටම තිබිලා, ඔයාලගෙ ආණ්ඩුවත් දිගටම උන්නනම්. මේවෙනකොට මොනවා වෙයිද?
මිල සූත‍්‍රයට වඩා බඩු මිල අඩු කරපු එක හොදයි. මොකද වාහන නොමැති අයටත් එහි ප්‍රථිලාබ ලබන්න පුලුවන්.
පැට්‍රල් මිල රුපියල් 20ක් අඩු වුණාම ඒ වාසිය ලැබෙන්නේ වාහන තිබෙන එකාට විතරයි හලෝ පරිප්පු මිල 65 වෙලා සැමන් 100 වුණාම රටේ හැම කෙනෙක්ම ඒ වාසිය ලබන බව සමහර මොළ වලට නොතේරීම රටේ අවාසනාවයි.
මළ මිනී මතින් දේශපාලනය කරන්න හදන, බුදු දහමටත් නිගා කළ කළ රටටම පිළිකාවක් වූ දේශපාලුවෙකි.
ඔයගොල්ලන්ගේ සුත්තර වලට මිනිස්සු රැවටුනානම් අද රට තුනකට කැඩිලා.
පහුගිය කාලේ ආගිය අතක් නැතුව හිටිය දැන් ආපහු කට ඇරිලද කොහෙද.?
මේ සතියේ අපේ නගරයේ පැට්‍රොල් ගැලුමක් (ලීටර් 3.5) ඩොලර් 2 ට තිබුණා. පරිසරය දුෂණය වලකන සංයෝග නිසා කැලිෆෝනියාවේ පැට්‍රොල් මිල අනෙක් ප්‍රන්තවලට වඩා වැඩියි. නැගෙනහිර ප්‍රාන්තවල ගැලුම ඩොලර් 1 ට විකුනනවා. ලංකාව පැට්‍රොල් ගන්නවා ඇත්තේ සිගපුරුවෙ ගල් අඟුරු විකුණන කොම්පැනියෙන් වෙන්න ඇති.
ඔය තෙල් ගහගෙන මේ ඇදිරිනී තියන වෙලේ කොහේ යන්නද.?
මංගල කියන්නේ ඇත්ත. මේ ආණ්ඩුව ආපු දවසේ ඉදල රට හෙන ගැහුවා. 2015 පෙර ගතත් නය නිසා තමඊ මේ තරම් රටට අමාරු... කෝ මේ වියත්තු වියත්තු කියා ගත්තු හරක් ටික. දැන් රට කරන්නේ උගත් අමතිලද?
ඉන්ධන මිල අඩු වුනාම ඒකෙ වාසිය ලැබෙන්න ඕනේ... වාහන අයිතිකාරයට විතරක් නෙවෙයි . ප්‍රවාහනය මත සියලු බඩු මිල අඩු විය යුතුයි. කරුමෙට ශ්‍රී ලංකාවේ එහෙම බඩු මිල අඩු කරන්න ආණ්ඩුවට වුවමනාවක්, ක්‍රමවේදයක්වත් නැහැ.
ද ෆිනෑන්ස් ආයතනය 2009 සිට ම පාලනය සහ නිරීක්ෂණය වූයේ ධ්‍යම බැංකුව මගිනි. වසර 80ක පමණ ඉතිහාසයක් ඇති මෙම ද ෆිනෑන්ස් ආයතනය කඩා වැටෙන්නේ නම් අනෙකුත් ෆිනෑන්ස් ආයතන පිළිබඳ කුමන කතාද. මිල සූත්‍ර ගැන කතා කරන මොහු ගේ කාලයේ මෙම ආයතනය කඩාවැටීමට කටයුතු කළ පුත් පුද්ගලයන් අතර මොහු ද සිටී. මෙවැනි ූල්‍ය ආයතන රැක රැකගැනීමට ඔය කියන මහාචාර්යවරුන්ට හැකියාව නොතිබ්බා ද ??
මොකද?, මිනිසුන්ට මේ දවස්වල තියන එකම ප්‍රශ්නය කොරෝනා සහ කෑම බෙහෙත් ද‍්‍රව්‍ය යනාදියයි. . පෙට්‍රල් බොන අය මෙහෙ නැහැ . අහිංසක මිනිස්සු ඔලුවට කුහක අදහස් දෙන්නේ නැතිව යන්න.
බැංකුව කැඩුවෙ නැති නම් නිකම්ම ඉන්ධන දෙන්න තිබුණා.
ඔය බිස්නස් ලෝකයම දන්නවා සූත්තර පුංචා.
මේවත් ඩීල් වගේ පේන්නේ...
ඔයාට පිස්සුද?
ආදායමක් නැති ආණ්ඩුවට රැකියාවක් නැතුව නිවෙසට වී ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න වෙන්නේ මොනවා විකුණලද?
මොංගල් වැඩ තමයි....
හ්ම් හිටියා නම් මිනිස්සුන්ට රුපියල් 20 දීලා කෝටියක් විතර ලොක්කගේ ගෝලබාලයන්ට හම්බකරලා දෙන්න තිබුණු වාහන ගෙන්නලා බෙදාහදාගෙන කන්න තිබුණා...
මොංගල් නම් ලංකාවට බිහිවුණු සාපයක්...
මෙච්චර මේ ඇඳිරි නීති දාල තියෙන වෙලාවේ අඩු කරපු පෙට්‍රල් ගහන් මොන අට මගලෙක යන්නද මනුස්සයෝ? ඔහොම බූරුවෝ තමයි අර 45000ක් විතර පොලිසියට අහු වෙලා ඉන්නේ... ඕනවට වඩා කරන්න ගියාමත් අගයක් නෑ... මුන්ට මෙච්චර සහන දීලත් කිසිම කෙලෙහි ගුණයක් නෑනේ. වෙන රටවල වැටුන තැනින් නැගිටින්න උත්සහ කරනවා අපේ එවුන් කුලල් කකා ඉන්නවා රට කන්න. දැන් වත් ලංකාවේ මනුස්සයෙක් විදියට රට ගොඩ දාන්නයි උත්සහ කරන්න ඕන. මේක තමයි හොඳම අවස්ථාව. මොකෝ අපිට අමුතුවෙන් වැටෙන්න දෙයක් තිබ්බේ නෑනේ. 2015 ඉඳන් කාල කාල තාම දිරවගන්නත් බෑ... ඒ උනාට තාම බලේ අල්ලන්න කතාව. අම්මප සිරිසේනගේ ආණ්ඩුව තිබ්බ නම් මේ කමෙන්ට් එක මාවත් අද වලපල්ලේ කොරෝනා හැදිලා. මෙච්චර දේවල් වෙලත් තවත් මුන්ව සුද්ද කරන උන් ඉන්නවනේ. ප්‍රභාකරන් වලේ ඉඳන් බඩ අල්ලන් හිනාවෙනවා ඇති. කිව්වා හරි මුන්ට මතක සතියයි. එක අතකට පෙට්‍රල් අඩු කරලා ඇඳිරි නීති කඩන උන්ගෙන් ඒවා අල්ලන්න ඕන පොලියත් එක්ක දැඩි දඩ එක්ක. පෙට්‍රල් ගහන අහවල් මගුලක යන්නද අඩු කරලා. මිනිස්සුන්ට මොලයක් දීල තියෙන්නේ හිතන්න. පුතානෝට වගේ සෙල්ලම් බත් උයන්න නෙමේ...
නරකද අර තෙල් ටැංකි, ඔක්කොම රජයට අරගෙන ගෙන්නලා ස්ටොක් කළොත්?
මේ වගේ අය ඉන්නකොට රටට හරියයිද?