
(අංජුල මහික වීරරත්න)
රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ආපදාවට ලක්වූ ජනතාවට වන්දි ලබාදීමේ ක්‍රියාපටිපාටි පිළිබඳව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම්වල නිලධාරීන්ට දිසාපතිවරුන්ට, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට විධිමත් ලෙස ලිඛිතව දැනුම් දී නොමැති බවද රාජපක්ෂ මහතා කීය.
ජනාධිපතිවරයා වන්දි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් ප්‍රකාශ නිකුත් කර තිබුණද, දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලදී ඊට පටහැනි දේවල් ඉදිරිපත් කර ඇති බව නාමල් රාජපක්ෂ පැවසීය.
“මරණ සහතික නිකුත් කිරීම සඳහා දේශපාලන අධිකාරිය උත්සව පවත්වා තිබීම කණගාටුවට කරුණක් බවද නාමල් රාජපක්ෂ පැවසීය.
බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගේ ගැටළු විසඳීමට සහ කාලෝචිත සහන සහ නැවත පදිංචි කිරීමේ පියවර සහතික කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලා සිටියේය. රාජපක්ෂ මහතා මේ බව කීවේ මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු ප්‍රචාරය කරන්න එපා. ඔය 2.50 වැඩ මාලිමාවේ නැති බව මුළු රටම දන්නවා.
පාඩුවේ හිටපන් බං අප්පිරියයි.
ඔය මහත්තයා ලංකාවේ හිටියේ නැද්ද...?
ඔව් ඉතින් ජවිපය දන්නේ 88-89 කාලයේ ඉදලා මරණ සහතික දෙන්න විතරයි. ඉතින් මොකද? ඔයාලා වගේ තාජුඩීන්ලාට මරණ සහතික නැතුවම දෙන විදිහත් දන්නවා.
එහෙම කළානම් වැරැදියි. ඒ වගේම මේ මිනිහාට කෙටි කාලීන අමතක වීමේ ලෙඩේ තියෙනවා වගේ... ළමයි 200ක් ආයෝජනය කරලා උත්සවත් තිබ්බා ඒ කාලේ...
ඔයා කලබල වෙන්න එපා. සහන නොලැබුනොත් ඒ අය ඊලඟ ඡන්දෙදි ඒක බලාගනීවි.
ඩෝබිලා කොච්චර දැඟලුවත් නාමල් සීඝ්‍රයෙන් ඉහළට යන එකයි, අනුර ඊටත් වඩා වේගයෙන් බිමට වැටෙන එකයි නවත්වන්න බෑ. බොමුද සීතල වතුර එකක්...?
නුඹලාගේ කාලේ උත්සවයකුත් නෑ, දෙන්න මරණ සහතිකයකුත් නෑ, මොකද මරලා, පුච්චලා, රිය අනතුරක් කීවාම ඇඩ්රස් නැහැනේ...
ප්‍රයෝජනවත් දෙයක් කියන්නකෝ පිස්සු කරන්නේ නැතිව...
මරණ සහතික දෙන්න උත්සව තියන්නේ මොකටද? ග්‍රාම සේවකට ඒ දේ ගෙවල් වලට ගිහින් කරන්න පුළුවන් එහෙම කරලා තියෙනවා නම් පට්ට ගොන් වැඩක් මේ වෙලාවේ... රට කාපු මේ නොමෝල් වගේ අයට 'ඉබ්බා දියේ දැම්ම වගේ ' අවස්ථා දෙන්න එපා. මේ මනුස්සයාගේ හැසිරීම හරි අපුලයි...
ඔබලා බලයේ ඉන්න කාලේ මොනවාටද උත්සව නොතිබ්බේ...? වැඩේ කියන්නේ මෙයාව පුම්බන්න හරක් තවම ඉන්න එකයි..
වන්දි මුදල් දෙන්න හරි මාලිමා ආණ්ඩුවට අමාරුවෙන් භාණ්ඩාගාරයේ පුරවගත්ටු මුදල් තිබ්බා.., අපිට මතකනේ දැනට අවුරදු 2කට කලින් මහා බයියාගේ ආණ්ඩුවෙන් ඕක සල්ලි සතයක් නැතිවෙන්න බින්දුවටම හින්දවල තිබ්බා. ඒ කාලේ මේ විනාශය වුණා නම් ලංකාව අද විශාලා මහනුවරක් වෙලා...
ඔයාගේ වත්කම් බැරකම් ප්‍රකාශනයේ අපි දැක්කා ඔයාගේ වත් කම්. අනේ පොඩි පංගුවක් අසරණ ජනතාවට දෙන්නකෝ. ඒක මාධ්‍යයට දාන්නත් පුළුවන්. රාජපක්ෂලා තම ධනයෙන් සතයක් මහජනයාට දෙන්නේ නැහැ. ඒක නම් ෂුවර්.
රටම හොරාකාලා විනාශ කරපු, ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු තමුන්ලා හොන්දට කරපු නිසා වෙන්නැති එළවලාම දැම්මේ? ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගත්තු තමුන් ගැන අපි හොන්දාකාරවම දන්නවා...
තමුන් දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තියපු එකා.. කරපු පව තමා දූෂිත පව්ල් පාලනේ අයට සාපයක් උනේ?
එහෙම දෙයක් වුනානම්. නාමල් බේබි ඔබ වගේ කෙනෙක් ඉදලා තියෙනවා. මාලිමාවේ මැති ඇමැතිවරු ඇර කුලියට ගන්නවනේ උදව්වට කට්ටිය එතැන කෙනෙක් ඉදලා තියෙනවා... රට හිගා කනවා නාකි මයිනා රජ කරනකොට... ඉන්දියාවෙන් නළු නිළියෝ ගේනවා කෝටි ගණන් දීලා. ඒ මෝඩ චූන්... කැපී පේන්න. මම කැමැති. මෝඩ චූන් එක්ක. තමුන්ගේ කරපටිය ගැන විවාදයට එන්න කැමතිද? පිටකොටුවේ... පදික වේදිකාවේ... රටේ සේරම ජනයා මුන ගැහෙන තැනක්. ඔට්ටු අල්ලනවා. දේශපාලනෙන් සමුගන්න. ඉඩ සලසනවා කියලා. මගේ ගෙදර බල්ලා. ඔයාට වැඩිය ලක්ෂ වාරයක් බුද්ධිමත් කවදාවත් හොරා කන්නේ නැහැ. පිට්බුල්. හොරෙක් ඇර අනිත් අයට කිසිම කරදරයක් නැහැ මේ සතාගෙන්... අනෙ බන් ඔයා ගැන නම් කියන්න වචන නැහැ. කනපුරෝලා එකක් දෙනවා ඇර...
යකෝ නාමල් ඔයා හැමදේම කළේ උත්සව තියලනේ...
මෙයා මේ කියන්නේ අවමගුල් උත්සවය ගැනද? රටටම ආදර්ශමත් වෙන්නකෝ.
සුනාමි ආධාර ගැනද මෙයා කතා කරන්නේ...? එහෙනම් හරි එක තාම ජනතාවට ලැබුණේ නෑ තමයි.
ඔය සාටකේ දාගෙන රට රවට්ටපු කාලේ ඉවරයි මල්ලි. ඔහේලා ගැන හොඳ කියන්නේ කුඩු වලට සම්බන්ධ අය විතරයි...
විකාර තමයි ....
අදාළ අය රැස් කරලා නම් කතා කරලා මේවා දෙන්න ඕන බව ඕන බබෙක් දන්නවා මේ අවස්ථාවාදී තොත්ත බබාලා විහිලුවට ගත්තාම. මේක රජය උත්සවයක් කළා වගේ මේ මොනාද බබලා හිතන් ඉන්නේ
ඇයි බන් උබලා අයියලා, මල්ලිලා කාර් රේස් දුවලා අම්මා අතින් සම්මාන සහතික ගත්තේ.. අමතකද? අයියලා මල්ලිලා රගර් ක්ලබ් තමන්ගේ කරගන්න ගියා මතකද? බලයට ආවාම ඔබලා හැසිරෙන්නේ වෙනම සත්ව කොට්ටාශයක් වගේ.. ඔබලාගේ වටේ ඉන්න එවුනුත් එහෙමයි.. එකයි බන් ඔබලාගේ පවුලම අපිට එපා වුනේ... මහින්දට නම් එතුමා මැරෙනකල් රෙස්පෙක්ට්.. උබලා පට්ට ෂෝ ඔෆ්.. වටේ එවුනුත් එහෙමයි.. ඔබලා සහ පවුලේ එවුන් මේ රටේ හැසිරුනේ අර අරාබි රජ පවුල් වගේ.. එව්වා මැද පන්තියේ මිනිස්සුන්ට අල්ලන්නේ නෑ මචන්..
මේ නාමල් නාම්බට ඡන්ද විතරක් නෙමෙයි මොළෙත් නැහැ. ඔහේ කියවනවා. තවම ඉන්නේ ඇප පිට...
එය දේශපාලනඥයින් විසින් ලබාදෙන එකක් නොව, මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතින් අසල ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගොස් රෙජිස්ට්‍රාර් ජෙනරාල් විසින්ම ලබා දෙන එකකි...
මේ අතරේ අපරාධකාරයොත් මැරුණයි කියල රජයේ නිලධාරීන් නොමගයවා මරණසහතික ලබාගන්නට වන්චාකාරයින්ට හොඳවෙලාවක්. මැරුණු අයගැන ඉදිරියෙදී ප්‍රශ්නයක් උනොත් මේ විඩියෝ කිරීම විද්‍යාත්මකව, අනාගත සාක්ශියි. එහි මෙම සහතික බාරගන්නා අයටත් යම් වගකීමක් පැවරෙනවාමයි. කව්රු කලත් මෙය විද්යත්මකව සිතාබලා ගත් හොඳ තීරණයක්.