IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මෙයාලා අපිට මාර බයක්නෙ තියෙන්නේ

(මාවතගම කාන්චන මාලා බණ්ඩාර) 

2019 දෙසැම්බර් වන විට ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න ඕන රටට වැඩක් කරන්න පුළුවන් මහින්ද චින්තනය ක්‍රියාත්මක කළ හැකි කෙනෙකුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා දීමට සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ජනතාවට පැහැදිලිව කියා සිටිනවා යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

මාවතගම වෑඋඩ ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේදී පෙරේදා (30) හිටපු ජනාධිපතිවරයා මේ බව කීය. 

එම විහාරස්ථානයේ වලාකුළු බැම්ම හා භූගත පුස්තකාලය විවෘත කිරීමෙන් පසුව පැවති ජනහමුව අමතා කථා කළ ඒ මහතා ඉහත ප්‍රකාශය කළේය. මෙම ජනහමුව ශ්‍රී විශූද්ධාරාම විහාරස්ථානයේ භූමියේදී පැවැත්විණි. 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. 

පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට තියන්න ඕනෑ කියලා කට්ටියක් කියනවා. තව කට්ටියක් කියනවා අලුත් ක්‍රමයට තියන්න ඕනෑ කියලා. අපි කියනවා මොන ක්‍රමයට තිබ්බත් අපි මේක දිනනවා කියලා. 

එන අවුරුද්ද වනවිට මේ අයගෙ කාල පැනලා 2019 දෙසැම්බර් වනවිට ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න ඕනෑ. ඒ අනුව රටට වැඩක් කරන්න පුළුවන් මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න හැකි කෙනෙකුට අපි අපේක්ෂත්වය ලබා දෙනවා. 

හයිවේ එකක් හදනවා නුවරට යන්න. ඒක හදන්නේ නෑ. ඒ අයට වන්දි ගෙවන්න ගියාම කොස් ගහට දෙල් ගහට පේර ගහට ගෙවන්න බෑ කියලා. අපේ කාලෙ ඕවාට ගෙව්වා. මිනිස්සුන්ගේ ඉඩම්වලට දැන් තිබෙන වටිනාකම නොවෙයි දෙන්න ඕනෑ. වසර 30ක් ඉදිරියට බලල අපි ගෙව්වා. 

එදා මිනිස්සු බය නැතුව අපට ඉඩම් දුන්නා. අපි ඉඩම් පිළිබඳ අවබෝධයක් ඇතිවයි එදා වැඩ කළේ. අද ඒවා නෑ. 
බලත්කාරයෙන් ඉඩම් ටික ගන්න හදනවා. මුදල් ගෙවන්නේ නෑ හරියට මේක තමා මේ ආණ්ඩුව කරන්නේ ඔක්කොටෝම නඩු දමමින් අපි හිර කරමින් අපිට අපහාස කරමින් මේවා කරගෙන යන්නේ. සමහරු හිට්ලර්ගේ අයියා කියා මට කියනවා. බලපුවාම පොල්පොට්ගේ මල්ලිලා මේ කතා කරන්නේ. කතා කරලා වැඩක් නෑ. මහජනතාව දන්නවා මට වඩා හොඳට දේශපාලනය, කඬේට ගියාම බඩු මිල බලද්දි. 

මේ රට බිල්ලට දෙන්න බෑ. අපි හදපු දේවල් විකුණන්න දෙන්න බෑ. 

වරාය විකුණුවා, වරාය හදන්න අපිට දුන්නා කියලා වරාය හදනකෙනාට ද විකුණන්න හදන කෙනාට ද කොමිස් හම්බ වෙන්නේ. මේක තමා අපිට හොයන්න ඕනෑ. 

අද මාවතගම වෑඋඩ ආඳාගල ශ්‍රී විශුද්ධාරාම විහාරයේ හුණුපොල සද්ධානන්ද හාමුදුරුවෝ වළාකුළු බැම්මක්, භූගත පුස්තකාලයක් ඉදි කරලා තිබෙනවා මේ වැදගත් කාර්යයක් මේවා හදන්න හාමුදුරුවන්ට වැලි පස් දීලා නෑ. පර්මිට් දීලා නෑ. හැබැයි හොරුන්ට ව්‍යාපාරිකයන්ට දේශපාලඥයන්ට පර්මිට් දෙනවා. පර්මිට් ඕනෑත් නෑ. පසුගිය කාලෙ කැලෑ කපන හැටි පස් කපන හැටි දැක්කා. මිනිස්සු ඒ දෙස බලාගෙන ඉන්නේ. 

වසර 3 ක මේ අයගේ පාලන කාලය ගැන ජනතාව අසරණවෙලා. මේ පාලනය තුළ මේ රටේ මහසඟරුවනට ඉතා දරුණු ලෙස අපහාස කරන්නට පටන්ගෙන තියෙනවා. සාලින්ද මන්ත්‍රීතුමා කීවා වගේ භික්ෂූන් වහන්සේලා හා ජනතාව ඈත් කරන විදියක් සොයා දෙන්න කියා එදා සුද්දා කියා තිබෙනවා. 

ජනතාව එහාට මෙහාට කරන බලයක් සංඝයා වහන්සේලාටත් තිබුණ බවට මතයක් සුද්දාට එදා තිබුණා. සුදු අධිරාජ්‍යයා කළ දේ ආයෙමත් පටන් අරගෙන එදා සුදු අධිරාජ්‍යවාදීන් කළ දේ අද කළු අධිරාජ්‍යවාදීන් එකතුවී කරනවා. 

අද කතා කරන විදිය බැලුවොත් උගත් හාමුදුරු කෙනෙක් වේවා නායක හාමුදුරුකෙනෙක් වේවා අනු නායක හාමුදුරු කෙනෙක් වේවා ඒ හැමෝම චීවරධාරීන් වෙලා. එක්කෝ තේරුම් දන්නේ නැතුව නැතිනම් අපහාස කරන්නයි මේ. අපි එදා පුවත්පත්වලින් දුටුවේ යම් වරදක් කළ අයකු හඳුන්වන්නේ චීවරධාරියකු ලෙසට ඒත් මේ ආණ්ඩුව අද නායක අනු නායක හැමෝම චීවරධාරීන් බවට පත් කරන්න සූදානම් වෙලා. 

පන්සල හා භික්ෂූන් වහන්සේලා ජනතාව අතර බැඳීම ඉවත් කරන්න ඇති හැකියාව බලනවා. අපේ රටේ සංස්කෘතිය සභ්‍යත්වය ඈත් කරන්න විනාශ කරන්න භික්ෂු සහභාගීත්වය ඈත් කරන්න ඒ අය කරන ව්‍යාපාරයක් බවට පත් කරලා තිබෙනවා. මේ දේවල් කරන්න ඇමැතිවරු අගමැතිවරු ජනාධිපතිවරු පත් වෙනවා නම් ඒ කණාගාටුවට කාරණයක්. 
අපට මේ අය පුදුම බයක්නේ තියෙන්නේ. ආපු ගමන්ම කළේ 19 වැනි ව්‍යවස්ථාව සම්මත කිරීමයි. ගෝඨාභයට බැසිල්ට පුරවැසි භාවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් එය ලියුම් කෑල්ලකින් අයින්කර ගන්න පුළුවන් දෙයක්. ඊළඟට කළේ කලින් 32 ට පුළුවන් එක වැඩි කළා. 36 දක්වා මේක කළේ පොඩි එකා ඉල්ලයි කියලා. අපි මන්දබුද්ධිකයො නොවෙයි පොඩි අයට ජනාධිපතිකම් කරන්න දෙන්න. මේක ඉස්සරහට දාලා පෙන්නුවා. 

ජනාධිපති කාලය වසර 6 කට තිබුණා ඒක 5ක් කළා. ජනාධිපති කිවා 4කුත් ඇති කියා රට හදන්න කියා අගමැති අයින් කරන්න බෑ කියලා දැම්මා. පසුගිය කාලේ අගමැති අයින් කරන්න ඕනෑ වුණා. දැන් බලනවිට 19න් බලය තියනවා ජනාධිපතිට වඩා අගමැතිට. 

පාර්ලිමේන්තුවේ 118 ක්ම සල්ලි අරන් කීවාම ඒකත් ප්‍රශ්නයක් වෙලා. 

මේ රටේ මහ මංකොල්ලය මහ බැංකු බැඳුම්කර මංකොල්ලය ගැන තද චෝදනා තියෙද්දි මේ පිටරට පත්තරයක් අරගෙන මට මඩ ගහනවා. 

බඩුමිල ගැන කතා නොකරන්ඩ විරැකියාවෙන් පෙළෙන එක ගැන කතා නොකරන්න තරුණයන්ව නිහඬ කරවන්න මේ සියල්ල අවුරුදු තුනක් තිස්සේ ගහලා තවත් ගහනවා. මේවාට සීමාවක් තියෙන්න ඕනෑ. රටේ බෝක්කුවක් හදන්නේ නෑ. මම හදන්න දාපු සල්ලි ටිකෙන් තමා තාමත් කරගෙන යන්නේ. 

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා: 

ඔබතුමාගේ පැමිණීම කුරුණෑගල දිස්ත්‍රික්කයට හා මහනුවර දිස්ත්‍රික්කයේ කෙළවරේ තිබෙන මෙම ස්ථානයට මාවතගම ජනතාවට විශාල ගෞරවයක් මහ විශාල සෙනඟක් ඉන්නවා. පන්සල් භූමියේ ඉඩත් මදි. 

හුඟක් අය කීවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ විට පොඩි විපක්ෂයට කවදාවත් දිනන්න බෑ කීවා. යූ.එන්පීය. දිනනවා කීවා. පළාත් පාලන ඡන්දෙදි ඒක බොරු වුණා. ඔබතුමා මුල් වතාවට පක්ෂයක් හදලා මුළු රටේම බහුතරය දිනුවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 26 න් 20 ක්ම දිනුවා. ජනතාව අපට ශක්තිය දුන්නා. ජනතාව විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුව පිහිට වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. 

මෙම අවස්ථාවේදී පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෑගම පියතරන, ආඳාගල ශ්‍රී විශුද්ධාරාමාධිපති හුණුපොළ සද්ධානන්ද යන හිමිවරුන් අනුශාසනාවක් කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සාලින්ද දිසානායක, තාරානාත් බස්නායක, හිටපු ඇමැතිවරයෙකු වූ ජයරත්න හේරත්, වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන අශෝක ප්‍රේමදාස, අසංග නවරත්න, ඩි.බී. හේරත්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව, මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් පෙරේරා යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාවතගම ප්‍රාදේශීය සභාවේ හා කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු රැසක් සහභාගී වූහ.

 



අදහස් (4)

මෙයාලා අපිට මාර බයක්නෙ තියෙන්නේ

රොෂාන් Monday, 02 July 2018 09:27 AM

අනේ ඔව් මහත්තයෝ. එයාල විතරක් නෙමේ අපිත් මර බයේ ඉන්නේ ඔබ තුමාන්ලා ආයෙත් ආවොත් කියලා.

:       61       653

chathuri Monday, 02 July 2018 10:57 AM

බය නැතිව ඉඳීද බලය. තියෙන කොට කරපු දේවල් අමතකද ?

:       26       862

shan saudi Monday, 02 July 2018 12:20 PM

බය නෙවේ අපට හිරිකිතයි ඔය පරම්පරාවම...

:       8       1162

Bamunuarachchi Tuesday, 03 July 2018 11:38 AM

කියලා වැඩක් නැහැ ඔබතුමන්ලාට තිබෙන බය. අපි බය නැහැ... අපිට ඔබතුමන්ලා සමග ගැටෙන්න දේවල් සිදුවන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 703 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 944 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1195 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site