අනීෂා මානගේ
නාමල් රාජපක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් සීයක් අරගෙන තිබුණා නම් යහපාලන ක්‍රමවේදය අනුව නාමල් රාජපක්ෂ සැකකරු වන බවත් අර්ජුන් ඇලෝසියස් රජයේ සාක්කිකරු වන බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (25) විතාරන්දෙණිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
ජාතික මැතිවරණයක් කැදවන ලෙස රජයට බල කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් නාමල් රාජපක්ෂ මහතා එසේ කීය.
එහිදී මාධ්‍යවේදීන් අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීවේය.
නාමල් රාජපක්ෂ අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් සීයක් අරගෙන තිබුණා නම් මේ යහපාලන ක්‍රමවේදය අනුව නාමල් සැකකරු, අර්ජුන් ඇලෝසියස් මුදලාලි රජයේ සාක්කිකාරයා. අපිට ඇගිල්ල දික් කරපු අය අපිට හොරා කියපු අය ඇලෝසියස් මුදලාලිගේ අරක්කු බෙදීම පටන් අරගෙන. බෙදාහරින්නෙත් බලන කොට එයාලා. ඇලෝසියස් මුදලාලිගෙන් සල්ලි ගත්තු එක කොටසයි එළියට ඇවිත් තියෙන්නේ. තව මේ ආණ්ඩුව අපිට හොරා කිය කිය සුද්ධ කරපු බැංකු වගේම තවත් හොරකම් රාශියක් මේ රටේ තියෙනවා.
රටේ ජනතාවගේ සංවර්ධනය සම්පූර්ණයෙන් අඩාල කරලා රාජපක්ෂලාට හොරා කිය කිය ගිය ආණ්ඩුව අද හොරා කියල ඔප්පු වෙලා තියෙනවා. ඇලෝෂියස් මුදලාලිගෙන් මමත් සල්ලි අරන් තියෙනවා නම් මමත් සීඅයීඩීයට දාලා මමත් නාමල් රාජපක්ෂවත් අත්අඩංගුවට ගන්න. මට තියෙන ප්‍රශ්නෙ ඒක නෙවෙයි.
සල්ලි ගත්තු අය තාම එලියේ ඉන්නවා. මට කෝල් අටසීයක් දුන්නා නම් දීපු සල්ලි තියෙනවා නම් ඒවා හොයාගෙන මාව හිරේ දාන්න. හැබැයි අර සල්ලි ගත්තු අයත් හිරේ දාන්න. එතකොට අපි තුන්හතරම එකට ඉන්නම්. එතකොට හරිනේ වැඩේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇලෝසියස්ලාගෙන් ඉල්ලන් කන්න වුවමනා නැහැ. රජ කමයි. මුදල් ඇමතිකමයි දෙකම කෙරුවේ. මහ බැංකුව හිස් වෙනකම් මුළු පවුලම රජ සැප වින්දා. නූගතුන් ටික එකතුවෙලා රට විනාශ කෙරුවා.
ගොනාගෙ ශරීරය වැඩුනට මොලය වැඩෙන්නේ නැත .
මොනවටද ඇලොසියෙස් ලාගෙන් රුපියල් 100ක් ගන්නේ. මේගොල්ලෝ තනියෙන් ගහපුවා පරම්පරා 100 කට ඇති.
මෙවැනි අහිංසක අයව මේ ලෝකෙන්වත් හොයාගන්න පුලුවන්ද ? මෙවැනි අයට එක එක කතා කියන අයට හොදක් වෙන්නේ නම් නැහැ .
එතකොට දැන් නඩු කියන ඉස්සර අරගත්තයි කියන දේවල්.
අර්ජුන ම ඕන නෑ. මෙයාල කෝටි ගණන් හොරකම් කලේ නෑ වගේ දැන් කතාව.
මුල්‍ය අවභාවිතා පිලිබඳ නඩු කියක් ඔබට එරහිව උසාවිවල තිබෙනවාද? නොදන්නා නිසයි අහන්නේ.
අනේ අපේ නාමල් බේබිට මොකුත් කියන්න එපා එයා පව්. කවදාවත් කිසිම වැරද්දක් කරලා නැහැ. නිධන් අරන් නැහැ සල්ලි වංචා කරලා නැහැ.