
(අංජුල මහික වීරරත්න)
මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනාගෙන් හතර දෙනකු ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ප්‍රතිඥා දී තිබේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මොණරාගල සිලැන්රිච් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී ඔවුහු මෙම තීරණයට එළඹුණහ.
මෙම සාකච්ඡාව සඳහා මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5න් 4 දෙනක් පැමිණ සිටියහ.
ජගත් පුෂ්පකුමාර, විජිත බේරුගොඩ, ගයාෂාන් නවනන්ද, කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරුන් ඊට සහභාගී වූ අතර පොහොට්ටුවේ මොනරාගල දිස්ත්‍රික් නායක ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට සහාය පළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මෙවර ජනාධිපතිවරණයේදී රනිල් 80%ක් ගන්නවයි කියන එකද? අනේ අපොයි...!