අනීෂා මානගේ
මාධ්‍ය ආයතන පිළිබදව සොයාබලා ඒවා මර්දනය කිරීමට එක් එක් ඇමැතිවරුන් බාර ගෙන ඇතැයි ද රට බෙදීමට ඉඩ නොදී කටයුතු කිරීමට මාධ්‍යයටද වගකීමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවැති ජනහමුවකදී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
අද ආණ්ඩුව සූදානම් වෙනවා මාධ්‍ය මර්දනය කරන්න. ඇමැතිවරු එක එක්කෙනා එක එක පත්තරයට දාලා. පසුගිය කාලයේදී පත්තරවල මොනවද ගියේ, මොන ආකාරයට ද ඒව ඉදිරිපත් කරල තිබුණේ, රූපවාහිනි ආයතන වලින් මේව මොන ආකාරයට ද ඉදිරිපත් කළේ, මේ දේවල් පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන පසුගියදා සාකච්ඡා කරලා එක එක ඇමැතිවරු බාර අරගෙන තියෙනවා ඒවා පිළිබඳව සොයාබලා මාධ්‍ය මර්දනයට. ඒ 20 වැනි සංශෝධනය ගේන වෙලාවට. එයයි ඔවුන්ගේ අවසාන තීරණය. මේ රට බෙදන්න ඉඩ නොදී කටයුතු කරන්න මාධ්‍යයටත් අපිටත් සියලුම දෙනාට වගකීමක් තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට දිවුරුම් දුන්නා. අපි එතුමාටත් සුබ පතනවා. දෙයියන්ගේ පිහිටෙන් අපේ රට බේරගන්න තමයි අපිට වෙලා තියෙන්නේ එතුමාගෙන්. අපි එතුමාට කියනව අපි ඒකත් කරනවා කියලා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරළුවා. පෝයට පෙරළනවා කියපු නිසා. අපි ඒ වැඩෙත් කළා. ඊළගට අපි මේ ආණ්ඩුවත් පෙරළනවා කියන එක මම මතක් කරනවා යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් නහයෙන් අන්දලා... වැඩක් නැහැ අප්පච්චි.
මාධ්‍යයට කළ හරිය අගමැතිකම ගත්ත දවසෙම රාත්‍රියේ රටම දැක්කා වැදී බණ නොකියා දැන්වත් පාඩුවේ ඉන්න... තමන්ගේ කෙරුවාව ලෝකෙම දන්නවා.
ධනවාදී දේශපාලන කඳවුරක නායකයෙක් නිසා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාව අපි පිළිනොගත්තත්, විශ්‍රාමික දේශපාලකයෙක් වශයෙන් අද අපි එතුමාව ගෞරවයෙන් සිහිපත් කළයුතුව ඇත. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය විශ්‍රාම ගැනීමෙන් පසු කරන ලද කතාවක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ දකින්නට ඇත. එය දකින අපිට මහින්ද රාජපක්ෂ මහතා ගැන ඇති වෙන්නේ කණගාටුවකි. අද රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට වගකිවයුත්තා බල තන්හාව පසුපස යන මෙතුමාය. ශ්‍රී ලංකා නි.පක්ෂයේ නායකත්වය නිසි හිමිකරුවන්ට ඉදිරියට ගෙනයාමට මෙතුමා කටයුතු කළේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා රට නිසි තැනකට ගෙන යාමට ඉඩ තිබුණි. තුට්ටු දෙකේ දේශපාලන මත ගොඩ නගා පවුල රැකගනිමින් පුතුන් රජුන් කරන්න යාමක් අද මෙතුමාගෙන් අපි දකින්නෙමු.
දැන් ඉතින් .බේරේ වැවෙන් නාලා නඩු වලට මුහුණ දෙන්න ලෑස්ති වුනොත් හොඳයි ..
තමන්ට වාසි වන පැත්ත සහ බැසගත් මඩ ගොහොරුවෙන් ගොඩ යාම ගැන ගණන්බලා, සැලසුම් කැර, පාරම් බා , ජනතාව උසි ගන්වලා මහපාරට ගෙනැල්ලා, රාජ්‍ය තන්ත්‍රයටත්, අධිකරණයටත් ව්‍යංගයෙන් අනතුරු ඇඟවීම් සිදුකොට ජඩ මාධ්‍ය ඔස්සේ මහජනතාවට තම යටි අරමුණ කාවැද්දීමට උත්සහ කළේ කවුද ? ඒ එක්කම ගණන් බැලුවොත් තමන්ගේ පාලන කාලයේ නිදහස් ස්වාධීන ජන මාධ්‍යයන් පවතවාගෙන යාමට ඉඩ නොදුන් ආකාරය අමතක වීම කනගාටු දායකය . මාධ්‍ය ආයතන කීයක් ගිනිබත් වුනාද , මාධ්‍යවේදීන් කීදෙනෙකු පහර කෑවාද, මිය ගියාද, අතුරුදහන් වුනාද කියා අපට නම් මතකය. මේවා මාධ්‍ය අනිසි ලෙස යොදාගැනීම හා මර්ධන ක්‍රියාවලියට අදාළ නැති ද? පසුගිය මාස එකහමාරේ රාජ්‍ය මාධ්‍ය හා පක්ෂග්‍රාහී ජඩ මාධ්‍යයන් යොදාගත් ආකාරයද මැනවින් ප්‍රදර්ශනය වුනි . එසේ වූ එකේ මාධ්‍ය මර්ධනය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා ද යන්න ගැටළුවකි .
මහින්ද මහත්මයා ජනාධිපති කාලේ නේද? පත්තර සහ රූපවාහිනී වාර්තාකරුවන් අතුරුදහන් වුනේ... දැන් කිඹුල් කඳුළු හෙලනවද?
මාධ්‍යයට කළ හරිය අගමැතිකම ගත්ත දවසෙම රාත්‍රියේ රටම දැක්කා. වැදී බණ නොකියා දැන්වත් පාඩුවේ ඉන්න... තමන්ගේ කෙරුවාව ලෝකෙම දන්නවා.
නැතුව, නැතුව!! ඒ කාලේ මමයි, ගෝඨාමලයයි නේ කළේ..
මෙවැනි වැදි බණ කියන තවත් නායකයෙක් අපේ දේශපාලන ඉතිහාසයටම නැත.
ලසන්තා වික්‍රමතුංග... ප්‍රදීප් එක්නැලිගොඩ...?