IMG-LOGO

‘මාධ්‍ය මර්දනයට එක එක ඇමැතිවරුන් බාර අරගෙන තිබෙනවා’

අනීෂා මානගේ
 
මාධ්‍ය ආයතන පිළිබදව සොයාබලා ඒවා මර්දනය කිරීමට එක් එක් ඇමැතිවරුන් බාර ගෙන ඇතැයි ද රට බෙදීමට ඉඩ නොදී කටයුතු කිරීමට මාධ්‍යයටද වගකීමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවැති ජනහමුවකදී පැවසුවේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය. 


අද ආණ්ඩුව සූදානම් වෙනවා මාධ්‍ය මර්දනය කරන්න. ඇමැතිවරු එක එක්කෙනා එක එක පත්තරයට දාලා. පසුගිය කාලයේදී පත්තරවල මොනවද ගියේ, මොන ආකාරයට ද ඒව ඉදිරිපත් කරල තිබුණේ, රූපවාහිනි ආයතන වලින් මේව මොන ආකාරයට ද ඉදිරිපත් කළේ, මේ දේවල් පාලනය කරන්නේ කොහොමද කියන එක ගැන පසුගියදා සාකච්ඡා කරලා එක එක ඇමැතිවරු බාර අරගෙන තියෙනවා ඒවා පිළිබඳව සොයාබලා මාධ්‍ය මර්දනයට. ඒ 20 වැනි සංශෝධනය ගේන වෙලාවට. එයයි ඔවුන්ගේ අවසාන තීරණය. මේ රට බෙදන්න ඉඩ නොදී කටයුතු කරන්න මාධ්‍යයටත් අපිටත් සියලුම දෙනාට වගකීමක් තිබෙනවා.


රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට දිවුරුම් දුන්නා. අපි එතුමාටත් සුබ පතනවා. දෙයියන්ගේ පිහිටෙන් අපේ රට බේරගන්න තමයි අපිට වෙලා තියෙන්නේ එතුමාගෙන්. අපි එතුමාට කියනව අපි ඒකත් කරනවා කියලා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරළුවා. පෝයට පෙරළනවා කියපු නිසා. අපි ඒ වැඩෙත් කළා. ඊළගට අපි මේ ආණ්ඩුවත් පෙරළනවා කියන එක මම මතක් කරනවා යැයිද කීය. 



අදහස් (16)

‘මාධ්‍ය මර්දනයට එක එක ඇමැතිවරුන් බාර අරගෙන තිබෙනවා’

ravi Sunday, 16 December 2018 10:10 AM

දැන් ඉතින් නහයෙන් අන්දලා... වැඩක් නැහැ අප්පච්චි.

:       320       397

shan saudi Sunday, 16 December 2018 02:23 PM

මාධ්‍යයට කළ හරිය අගමැතිකම ගත්ත දවසෙම රාත්‍රියේ රටම දැක්කා වැදී බණ නොකියා දැන්වත් පාඩුවේ ඉන්න... තමන්ගේ කෙරුවාව ලෝකෙම දන්නවා.

:       654       721

chanak los angelesMonday, 17 December 2018 04:47 AM

ඒක තමයි කියන්නේ .....මෙහෙම කියනකොට ළඟ ඉන්න ගෝලබාලයෝවත් කියන්නේ නැතිද ඔහොම කතා කරන්න අපිට අයිතියක් නැහැ මිනිසුන් මැරිලා ඉපදිලා නැහැ කියා ?

:       90       160

පෙරුමාල්Wednesday, 26 December 2018 12:05 PM

නෑ නෑ එතුමා කියන්නේ තමන් බලයේ ඉඳිද්දී ගෝඨාභයත් එක්ක තනියම කරපු මර්ධනය කීපදෙනෙකුට බාර දීලා තියෙන්නේ ඇයි කියලයි..

:       1       3

V.warnakulasuriya Sunday, 16 December 2018 03:41 PM

ධනවාදී දේශපාලන කඳවුරක නායකයෙක් නිසා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන මහතාව අපි පිළිනොගත්තත්, විශ්‍රාමික දේශපාලකයෙක් වශයෙන් අද අපි එතුමාව ගෞරවයෙන් සිහිපත් කළයුතුව ඇත. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සිය විශ්‍රාම ගැනීමෙන් පසු කරන ලද කතාවක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ දකින්නට ඇත. එය දකින අපිට මහින්ද රාජපක්ෂ මහතා ගැන ඇති වෙන්නේ කණගාටුවකි. අද රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට වගකිවයුත්තා බල තන්හාව පසුපස යන මෙතුමාය. ශ්‍රී ලංකා නි.පක්ෂයේ නායකත්වය නිසි හිමිකරුවන්ට ඉදිරියට ගෙනයාමට මෙතුමා කටයුතු කළේ නම් මෛත්‍රිපාල සිරිසේන මහතා රට නිසි තැනකට ගෙන යාමට ඉඩ තිබුණි. තුට්ටු දෙකේ දේශපාලන මත ගොඩ නගා පවුල රැකගනිමින් පුතුන් රජුන් කරන්න යාමක් අද මෙතුමාගෙන් අපි දකින්නෙමු.

:       86       129

pREMMonday, 17 December 2018 03:15 PM

ඔයාගේ ළමයට ඔයා සලකන්න බලන්නේ කොහොමද? මේ තාත්තත් එහෙම නේද?

:       58       23

chanak los angelesFriday, 21 December 2018 04:00 AM

ඒ සැලකීම වෙන එකක් ....මේ තාත්ත පුතාට සලකන්න යන්නේ තව ජ්‍යෙෂ්ඨයෝ පක්ෂයේ ඉන්දැද්දී ...එකෙන් ගම්‍ය වෙන්නේ බලය තාම පවුල වෙත තියාගන්න හදනවා කියන එකනේ ?එය කෙසේ වෙතත් පොහොට්ටුවක් වහන්න ගිහිල්ල ඔන්න යන එනමන් නැතිවෙලාලු නේද ?

:       70       126

maheshikaThursday, 20 December 2018 05:58 PM

ඇමෙරිකාවේ මිනීමරු ජන නායකයන්ව අපේ රටේ නායකයෝ සමග සසඳන්න එපා. අපේ රටට කරන අවමානයක්....

:       30       44

chanak los angelesFriday, 21 December 2018 10:41 PM

සසඳන්න දෙයක් තිබෙනවාද ...එදා පාර්ලිමේන්තුවේදී පෙන්නුවේ කොහොමදකියලා ලාංකික දෙසපාලකයන්ගේ අවමානය ලෝකයටම ,ඒ වෙලාවේ ඔබ හිටියේ නිදියගෙනද ?

:       81       130

chanak los angeles Sunday, 16 December 2018 10:20 PM

දැන් ඉතින් .බේරේ වැවෙන් නාලා නඩු වලට මුහුණ දෙන්න ලෑස්ති වුනොත් හොඳයි ..

:       96       121

parakkrama Monday, 17 December 2018 04:06 PM

තමන්ට වාසි වන පැත්ත සහ බැසගත් මඩ ගොහොරුවෙන් ගොඩ යාම ගැන ගණන්බලා, සැලසුම් කැර, පාරම් බා , ජනතාව උසි ගන්වලා මහපාරට ගෙනැල්ලා, රාජ්‍ය තන්ත්‍රයටත්, අධිකරණයටත් ව්‍යංගයෙන් අනතුරු ඇඟවීම් සිදුකොට ජඩ මාධ්‍ය ඔස්සේ මහජනතාවට තම යටි අරමුණ කාවැද්දීමට උත්සහ කළේ කවුද ? ඒ එක්කම ගණන් බැලුවොත් තමන්ගේ පාලන කාලයේ නිදහස් ස්වාධීන ජන මාධ්‍යයන් පවතවාගෙන යාමට ඉඩ නොදුන් ආකාරය අමතක වීම කනගාටු දායකය . මාධ්‍ය ආයතන කීයක් ගිනිබත් වුනාද , මාධ්‍යවේදීන් කීදෙනෙකු පහර කෑවාද, මිය ගියාද, අතුරුදහන් වුනාද කියා අපට නම් මතකය. මේවා මාධ්‍ය අනිසි ලෙස යොදාගැනීම හා මර්ධන ක්‍රියාවලියට අදාළ නැති ද? පසුගිය මාස එකහමාරේ රාජ්‍ය මාධ්‍ය හා පක්ෂග්‍රාහී ජඩ මාධ්‍යයන් යොදාගත් ආකාරයද මැනවින් ප්‍රදර්ශනය වුනි . එසේ වූ එකේ මාධ්‍ය මර්ධනය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් තිබෙනවා ද යන්න ගැටළුවකි .

:       24       73

Kumar Wednesday, 19 December 2018 05:10 PM

මහින්ද මහත්මයා ජනාධිපති කාලේ නේද? පත්තර සහ රූපවාහිනී වාර්තාකරුවන් අතුරුදහන් වුනේ... දැන් කිඹුල් කඳුළු හෙලනවද?

:       71       124

ransi Thursday, 20 December 2018 03:32 PM

මාධ්‍යයට කළ හරිය අගමැතිකම ගත්ත දවසෙම රාත්‍රියේ රටම දැක්කා. වැදී බණ නොකියා දැන්වත් පාඩුවේ ඉන්න... තමන්ගේ කෙරුවාව ලෝකෙම දන්නවා.

:       50       158

maarayi! Thursday, 20 December 2018 03:48 PM

නැතුව, නැතුව!! ඒ කාලේ මමයි, ගෝඨාමලයයි නේ කළේ..

:       1       95

Sugath Friday, 21 December 2018 04:46 AM

මෙවැනි වැදි බණ කියන තවත් නායකයෙක් අපේ දේශපාලන ඉතිහාසයටම නැත.

:       27       87

rocky Wednesday, 26 December 2018 08:57 AM

ලසන්තා වික්‍රමතුංග... ප්‍රදීප් එක්නැලිගොඩ...?

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 541 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 970 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site