IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


‘මැතිවරණය කල්දාන්න හදනවා නම් දිස්ත්‍රික් මට්ටමින් පාරට බසිනවා’ - එස්එම් රංජිත්

(දයාරත්න ඇඹෝගම)
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන ගඟට බිය වී පළාත් පාලන මැතිවරණය කල් තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා නම් සල්ගාදු පිටියට නොදෙවිණි ජන ගඟක් සමඟ මැතිවරණය ඉල්ලා දිස්ත්‍රික් මට්ටමින් පාරට බැසීමට වුවද ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බව උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (17) පැවසීය.
 
යහපාලන ආණ්ඩුවේ අමාත්‍යධුර දරණ ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සමීපතයන් පිරිසක් විසින් පළාත් පාලන මැතිවරණය කල් තැබීම සඳහා අධිකරණයට යාම සම්බන්ධයෙන් ඔහු ගෙන් විමසු අවස්ථාවේ හෙතෙම මේ බව කීය.
 
අපි දැනගෙන හිටියා අනුරාධපුරයේ ජන රැලියෙන් පසුව පළාත් පාළන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනවයි කියන එක.එදා අපි වේදිකාවෙත් මේ කතාව කිව්වා.අද එය සැබෑවක් බවට පත් වෙලා තිබෙනවා.ජන වරමක් නොමැතිව මැතිවරණයකට යන්නට බෑ තමයි.අපි ඒක පිළිගන්නවා.
 
මැතිවරණය ඉදිරියේ තබාගෙන මංගලගේ මංගල අයවැයෙන් ජනතාව අතරට යන්නට බලන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ගමේ නායකයින්ගේ බලාපොරොත්තු සියල්ල මේ වන විට සුන් වෙලා ගිහින්. 
 
දැන් අයවැයෙන් ගොවියාට කම්කරුවාට, රජයේ සේවකයාට සහනයක් ලැබුණේ නෑ. කුස්සියේ අර්බුදය දවසින් දවස වර්ධනය වෙනවා.ඒ තුළ ගමට බැස ගන්නට බැරි පාලකයින්ට මොන ගැටයකින් හෝ ඡන්දය කල් දමනවා හැරෙන්නට වෙන කරන්නට දෙයක් නැතැයි ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

‘මැතිවරණය කල්දාන්න හදනවා නම් දිස්ත්‍රික් මට්ටමින් පාරට බසිනවා’ - එස්එම් රංජිත්

erdi Friday, 17 November 2017 03:40 PM

කෑම පරක්කුයි නේද හිටපු තුමා? රටේ නිකං ජරාව කකා ඉන්න පින්ගුත්තරයන්ට ලොකු රුදාවක් හැදිලා තියෙන්නෙ රට කන්න. අපි තමයි ලෝකෙ ඉන්න තකතීරුම අය... රටේ දේශීය අදායමෙන් වැඩි කොටසක් නිකමුන්ට කන්න දීලා උඩ බලන් ඉන්න.

:       0       82

silva Sunday, 19 November 2017 12:45 PM

තනතුරුවලට අවම සුදුසුකම් ඇති කෙනෙක්.... කොහොමද ගමක්, නගරයක්, දිස්ත්‍රික්කයක් දියුණු වෙන්නේ? පාරට බහින්න මොලේ තියන පිරිස මෝඩයින් සමග එකතුවෙන්නේ නැහැ.

:       0       4

bandula Monday, 20 November 2017 01:03 AM

වැඩිකල් නොගොහින් කට්ටියටම පාරට බහින්න වෙයි , අමුතුවෙන් බහින්න ඕනත් නැ, මිනිස්සුම පාරට ඇදල දායි වෙලාවට. මේ දගලන්නේ මොකටද කියල හැමෝම දන්නවා.

:       0       0

srath Monday, 20 November 2017 04:27 AM

රට කන්න එන්න තියෙන හදිස්සිය. මිනිස්සු ඔක්කොම එකතුවෙලා මේ රට ඉක්මනිනින් ප්‍රතිපත්තියක් තියෙන රටක් නොකෙරුවොත් යන්නේ වලපල්ලටම තමයි. ඉක්මනින් සොමාලියාවක් ,සිම්බාබ්වේ වගේ වෙනවා සිකුරුයි. මොකක් දෝ පිනකට තවම යහතින් තියෙනවා හැබැයි කැරකෙන්නේ නම් වලපල්ලට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site