IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘මැතිවරණ ප්‍රචාරණයට අභියෝග එන තරමට එජාපය ජයග්‍රහණය වෙත යනවා’

(රංජිත් රාජපක්ෂ)         
             
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට විපක්ෂයෙන් අභියෝග පැමිණෙන තරමට පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සහ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
රවි කරුණානායක මහතා ඒ බව කියාසිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන කේ.කේ.පියදාස, එස්.කේසවමුර්ති යන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා (22) හැටන් නගරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
 
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඇති කළ තාවකාලික පක්ෂයට අධිකරණය හොඳ තීන්දුවක් ලබා දී ඇති බවයි.
 
ලබන මස 5 දින පැවැත්වෙන මහ මැතිවරණයෙන් තම පක්ෂයට අභියෝග කරන අයට හොඳ  විසඳුමක් ලබාදෙන බව රවි කරුණානායක මහතා පැවසීය.
 
මැතිවරණයක් ආසන්නයේ තම පක්ෂයට විරුද්ධ මත දරන අය බැඳුම්කර සිද්ධිය යලිත් කරලියට ගෙනවිත් මැතිවරණ වේදිකාවල කතා කරන බවත්, බැඳුම්කර සිද්ධියට වසර පහක් ගත වී තිබියදි එම සිද්ධියට අදාළ අයට එරෙහිව නීතිමය පියවර මෙතෙක් නොගැනීමට එම පිරිස කටයුතු නොකර ඇති බවද රවි කරුණානායක  මහතා පැවසීය.    



අදහස් (0)

‘මැතිවරණ ප්‍රචාරණයට අභියෝග එන තරමට එජාපය ජයග්‍රහණය වෙත යනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17524 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 716 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site