IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


‘මා කරන සටන නවත්වන්න දේශපාලන කුහකයන්ට බෑ‘

‘‘විවේචනය කිරීමෙන්, අවලාද කිරීමෙන් තමන් ජනතාව වෙනුවෙන් කරන සටන නතර කිරීමට දේශපාලන කුහකයන්ට සහ ඩීල් කාරයන්ට හැකියාව නැතැයි සමගි ජන බලවේගය නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දඹුල්ලේදී පැවසීය.

රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජනතාව අසරණකාරී, පීඩාකාරී තත්ත්වයට ගොදුරුව ඇති බවත්, අගෝස්තු පස්වැනිදායින් පසු මේ තත්වය වෙනස් කිරීමට තමන් ඇතුළු සමගි ජන බලවේගය කැපවන බව ද  සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මහ මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දඹුල්ලේදී සංවිධානය කළ ජන හමුවට එක්වෙමිනි

වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

   “ අපි මැතිවරණය ජයග්‍රහණය කරනවා. දුරකථනයට විශිෂ්ට ජයක් ලැබෙනවා. ඒ එක්කම ඊළඟට පළාත් සභා මැතිවරණයත් එනවා.   අප වෙනුවෙන් කැපවෙන සියලුදෙනා ජයග්‍රහණය කරවීමට අපේ උපරිම දායකත්වය දෙන්නත් කටයුතු කරනවා.   

කැප කිරීම් කරන නියෝජිතයන් බලාගන්නවා වගේම, ඉදිරියේදී අපේ ප්‍රමුඛස්ථානය ලැබෙන්නෙත් අද දුක් විඳිමින් අපත් එක්ක එකට එකතුවෙලා කැපවෙන අයට කියා මා කියන්න කැමැතියි. ඒ නිසා දැනටමත් එකතු වුණේ නැති අයගෙන් මා ඉල්ලීමක් කරනවා. දැන්ම අපත් එක්ක එකතු වෙන්න කියා. මොකද, පස් වැනිදායින් පසුව එකතු වෙන අයට වඩා දැන් එකතුවෙන අය විශේෂයි.

රටක් හැටියට අද අපි සියලු දෙනාම ඉතාමත්ම අවාසනාවන්ත තත්වයකට මුහුණදීලා අද වෙනවිට රටේ ආර්ථිකය මට්ටම ඉතාම පහළට ඇද වැටිලා. රටේ සාමාන්‍ය ජනතාව ඉතාමත්ම අසරණකාරී - පීඩාකාරී තත්ත්වයකට ගොදුරුවෙලා.

වර්තමාන ආණ්ඩුව කොරෝනා ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුවායි සමහරුන් හිතාගෙන හිටියා. කොරෝනා දිනූ අපේ ආණ්ඩුවට සුබ පැතුම් කියා සමහර තැන්වල පොහොට්ටු අපේක්ෂකයෝ පෝස්ටර් ගැහුවා.  කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් විනාශ වුණානම් කොහොමද  දෙවැනි රැල්ලක් ආවේ? දෙවැනි රැල්ල ආවම තුන්වැනි හතරවැනි රැල්ලකුත් එන්න පුළුවනි.  

කොරෝනා වසංගතය විනාශ කළා කියන්නේ දෙවැනි, තුන්වැනි  රැලිත්  එක්ක ද කියා මා පොහොට්ටුවේ සාමාජිකයන්ගෙන් අහන්න කැමැතියි. පහුගිය දවස්වල කොරෝනා ව්‍යසනය උග්‍ර වෙනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙච්ච දේ මතක ඇති.

එක පැත්තකින් ගොවියන් අනාථ වෙනවිට තව පැත්තකින් සුළු වෙළෙන්දන් පාඩු පිට පාඩු ලබනවිට මේ ප්‍රදේශවල පොහොට්ටු දේශපාලන හෙංචයියන් ගජරාමෙට තමන්ගේ බිස්නස් කරගෙන ගියා.

රට පුරා සමහර පොහොට්ටු අය කළුකඩ කළා. අප බලයට පත්වූ වහාම ඒවා පිළිබඳ පරීක්ෂණ කරනවා. වැඩ බැරි ආණ්ඩුව රටත් නන්නත්තාර කරලා. ජනතාවත් නන්නත්තාර කරලා. අප ජයග්‍රහණය කළාට පසු ජනතාවට කඩිනමින් සහන රැසක් දෙන්න සූදානම්.
පළමු සහනය තෙල් මිල අඩු කිරීමයි. අද වෙනවිට බොරතෙල් මිල පතුළටම වැටිලා. නමුත් මේ ආණ්ඩුව ඒ සහනය ජනතාවට දෙන්නෙ නෑ.  තෙල්වලින් ලාභ පිට ලාභ ලබනවා.

අප පැය විසි හතරක් තුළ වහාම තෙල් මිල පහළ දානවා. ලෝකයම පිළිගත්ත ක්‍රමවේදය ආර්ථිකය ගොඩ ගැනීම වෙනුවෙන් ජනතාව අතට මුදල් දීමයි. එහෙම මුදල් දුන්නම ඒ ජනතාව පරිභෝජනය කරනවා, ආයෝජනය කරනවා. ඉතිරි කරනවා. ඒ තුළින් ආර්ථිකය ඉහළට එනවා. මේක තමයි, ලෝකයම පිළිගත් ක්‍රමවේදය වන්නේ.  

ජන සමාජය තුළ ජීවත්වෙන අන්ත අසරණ ජනතාව, එදිනෙදා කුලී වැඩකරන ජනතාව, සාමාන්‍ය ස්වයං රැකියා කරන ජනතාව මේ වගේ සමාජයේ පහළ පීඩිත ජනතාව අගාධයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් අප බලයට පත් වූ වහාම රුපියල් විසි දහස බැගින් මාසෙකට දෙන බවට සහතික වෙන්න කැමැතියි.

එහෙම දෙන්න සල්ලි කෝ කියා දේශපාලන කුහකයන් අහනවා. දෙපැත්ත පත්තුවෙන විලක්කුවක් වගේ තිබිච්ච රට භාර ගත්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පාසල් දරුවන් හතළිස් තුන් ලක්ෂයකට නොමිලේ දිවා ආහාරය දුන්නා. නොමිලේ නිල ඇඳුම් දුන්නා. රට පුරා ඇඟලුම් ශාලා ආරම්භ කර දහස් ගණන් රැකියා අවස්ථා උදාකර දුන්නා.

ගම්උදාව නිර්මාණය කර ආර්ථික නවෝදයක් ගෙනත් දුන්නා. ජනාධිපති ජංගම සේවය රට පුරා තියා විශාල වැඩ කොටසක් කළා. මුළු
 රට පුරාම ගෙවල් හැදුවා. එහෙම කළේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දෙපැත්ත ගිනි ගත්ත රටකයි.

 ඒ තරම් විශාල වැඩ කොටසක් කරන්න එතුමාට පුළුවන් වුණා නම් එතුමාගේ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසට රටේ පීඩිත ජනතාව වෙනුවෙන් රුපියල් විසි දාහක් දෙන්න බැරිද කියා මා අහනවා.

අනිවාර් යෙන්ම දිනා මා ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවනවා. එහෙම පිහිටුවන ආණ්ඩුව යටතේ ඔබව හමුවෙන්න එනවා

පහුගිය දවස්වල පොල් ගෙඩි අකුරෙන් පත්තරවල හෙඩ්ලයින් ගැහුවා සියයට 4 සහන ණය ජනතාවට දෙනවා කියලා. මුළු රටම  ජනතාවට ඒ සහනය ලැබෙයි කියා සිතුවා.  ඔය කියන සහනය ලැබුණු අය ඉන්නවද? ඒ වගේම මාර්තු, අප්‍රේල් විදුලි බිල කපනවා කීවා. එහෙම කපලද?. අප මේවා කියනවිට ආණ්ඩුව අවලාද නඟනවා. චෝදනා කරනවා. ආණ්ඩුවේ ඩීල්කාරයන් කලබල වෙනවා. අවලාද - චෝදනා මොනතරම් නැඟුවත් ජනතාව වෙනුවෙන් කරන මෙහෙවර නතර කරන්නේ නැතැයිද ඔහු පැවසීය.

මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත අලුවිහාරේ සහ රංජිත් අලුවිහාරේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

(*** නිමල කොඩිතුවක්කු සහ *** දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



අදහස් (3)

‘මා කරන සටන නවත්වන්න දේශපාලන කුහකයන්ට බෑ‘

Bamunuarachchi Wednesday, 22 July 2020 01:06 AM

ඔබ කරනා දේශපාලනය අපි නවත්වන්නෙත් නැහැ.

:       0       11

sampa Wednesday, 22 July 2020 06:24 AM

දුරකතනයකින් මම ඔබ අමතමි කොරෝන නිසා පැමිණිය නොහැකි නිසා.

:       0       8

Raveendra Wednesday, 22 July 2020 11:26 AM

අපගේ දැනුමේ හැටියට නම් "225 ම" දේශපාලන කුහකයන් බවත් නොබියව පැවසීමට කැමැත්තෙමු.. දියවන්නාව පට්ටියේ අනෙකුත් අයට කුහකයන් ලෙස කීමට මොහුට ඇති සුදුසුකම දැනගැනුමට කැමැත්තෙමු. සජිත් "ගොයියාගෙන්" ඍජුවම මෙම පැනයට පිළිතුරු අප බලාපොරොත්තු වන්නෙමු.. එලෙසම වෙනකෙකුට ඇඟිල්ලක් දික්කිරිමේදී තමන් දෙසට ඇඟිලි කීයක් දිගුවී ඇද්ද යන්නවත් නොදන්නා මෙවන්නන්ද රටේ පාලනය බාරගන්න ඡන්ද හිඟාකන්නේ යන්න සජී නොහොත් ප්‍රේම්ගේ උගත් බුද්ධිමත් සියල්ල දත් පුතාගෙන් විමසීමට කැමැත්තෙමු.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 655 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 541 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 444 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site