IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’

(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩීන්)

ආණ්ඩුව පසුගිය වසර හතරහමාර තුළ මහබැංකුව කොල්ල කෑවා පමණක් නොව, රටේ සම්පත් ටිකත් විකුණා දැමූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැල්සිරිපුර දී පෙරේදා (15) පැවැසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ මැල්සිරිපුර නගරයේ පැවැති පොදුජන පෙරමුණේ ජනරැලියක් අමතමිනි.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

“අද මේ අතිවිශාල සෙනඟක් එකතුවෙලා ඉන්නේ ලබන 16 පැවැත්වෙන මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන්නට කියලා මා කියන්නට කැමතියි. අද බොහොම පැහැදිලිව කියන්න ඕනේ පසුගිය අවුරුදු හතරහමාරේදි මේ රට ආපස්සට ගියා. අපි එය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ රටේ ආර්ථිකයේ ඉඳලා සියලුම ක්‍ෂේත්‍ර පසුගිය කාලයේදී පසුපසට ගියා මිස ඉදිරියට ආවේ නැහැ කියලා කියන්නට කැමතියි. අපි රටේ තිබුණ තිස් අවුරුදු යුද්ධය නිම කරලා අඩුම ගානේ බිම් බෝම්බයක්වත් නැති ලස්සන රටක් භාරදුන්නා. හැබැයි පසුගිය අප්‍රියෙල් 21දා පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් 300 ගණනකට ජීවිත නැතිවුණා. ලංකාවේ පළමු වතාවට වෙසක් පෝයට මේ රටේ මිනිසුන් පන්සලට යන්න බය වුණා. සිකුරාදා පල්ලයට යන්නත් මුස්ලිම් මිනිසුන් බය වුණා. මේ රටේ ඉතිහාසයේ කිසිදිනක ආගමක් අදහන්න බය වුණ ඉතිහාසයක් සඳහන් වෙන්නේ නැහැ කියලා කියන්නට කැමතියි. ඒ විතරක් නෙමේ අද පුවත්පත්වල රූපවාහිනියෙන් කියලා තිබුණා ආයෙත් බෝම්බ තොගයක් හමු වුණා යාපනෙන් කියලා. ඊට කලිනුත් තැන් තැන්වල බෝම්බ හමු වුණා කියලා සඳහන් වුණා. මේ විදිහට රටම අස්ථාවර කරන්න මේ ආණ්ඩුව කටයුතු කළා. මේ ආණ්ඩුව බලයට ආවේ වැඩ කරන්න නෙමේ පළිගන්න. මෙයාලා හැම දේශපාලනඥයකුගෙන්ම පළිගත්තා. ව්‍යවස්ථාව වෙනස් කරලා ජනපතිගේ බලතල කප්පාදු කරලා බලතල අතට ගත්ත රනිල් වික්‍රමසිංහ බලය බාගයක් ගත්තා. අරගෙන මොකද වුණේ.  මෙතන ජනපති ගාව බලතලවල භාගයක් තියෙනවා. අගමැති ගාව ඉතිරි බාගය තියෙනවා. මේ දෙන්නා එක්වෙලා වැඩකරන්නේ නැතිනම් රටකට ඉදිරි ගමනක් නැහැ කියන්නට කැමතියි. එතකොට කැඳ හැලියක් වගේ වෙනවා. මේ ආණ්ඩුව පසුගිය කාලයේදි මහ බැංකුව හොරකම් කළා. ඒ විතරක් නෙමෙයි. මේ රටේ සම්පත් විකුණලා ඒවත් මංකොල්ල කෑවා. අපි මේ සම්පත් එකතු කරලා දුන්නේ මේ රටේ හෙට ඉපදෙන්න ඉන්න දරුවන්ගේ අනාගතයටයි. අවුරුදු පහකට මේ ආණ්ඩුව බලය අරගෙන අවුරුදු සිය දහස් ගණනකට අපේ රටේ වැසියන්ට භුක්ති විඳීමට තිබූ සම්පත් ටික මේ කට්ටියට විකුණන්න කිසිම අයිතියක් නැහැ. ඒක මේ රටේ අනාගතයේ ඉපදෙන්නට ඉන්න දරුවන්ට කරන අපරාධයක්. ඒ අපරාධයට මේ අය වන්දි ගෙවන්න ඕනේ. අප කරගෙන ආපු වැඩපිළිවෙළ විනාශ කළා. අපි හිටිය නම් 2018 දී අධිවේගී මාර්ගයේ වැඩ ඉවරයි. නමුත් කරුමෙට තවම අධිවේගී මාර්ගයේ වැඩ අතරමග නතරවෙලා. මේක තමා මේ රටේ තත්ත්වේ. අධිවේගී මගේ වැඩ මුලක් අගක් නැති තත්ත්වෙට පත්වෙලා. මේ අධිවේගී මාර්ගයට බිලිවෙන මිනිස්සුන්ගේ ඉඩම් තුට්ටු දෙකට තක්සේරු කරලා කොල්ල කන්න පටන්ගෙන තියෙනවා. මේ වන්දි ක්‍රමය සම්පූර්ණ වැරදි වන්දි ක්‍රමයක්. අපි කියපු වන්දි ක්‍රමය නෙමේ අද මේ කුරුණෑගලට දෙන්නේ. මිනිසුන්ගේ ඉඩම් ලබාගත්තා නම් සාධාරණ වන්දියක් ලබාදිය යුතු ක්‍රමවේදයක් තිබියයුතුයි යැයි මේ වෙලාවේ අවධාරණය කර සිටිනවා.

මේ ආණ්ඩුව ඇවිත් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. පොහොර සහනාධාරය කපා හැරියා. මම දවස් 52 මුදල් ඇමැතිවෙලා හිටපු වෙලාවේදි රු. 350 පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා. ලබන 16දායින් පස්සේ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත කරන්න නොමිලයේ ගොවියාට පොහොර සහනාධාරය ලබා දෙනවා යැයි මේ වෙලාවේ කියන්න කැමතියි. අපි කෘෂිකර්මාන්තයට තැන දෙන්න ඕනෑ. ඒකට නිසි මිලක් දෙන්න ඕනෑ. අපි ඉදිරියේදී ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරින්න කටයුතු කරනවා යැයි කියන්නට කැමතියි.  

ඒවගේම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි සූදානම් වෙන්න ඕනෑ. අද ජීවන වියදම ඉහළට ගිහින්. කිසි කාලෙක මෙහෙම තත්ත්වයකට අපේ රට පත් වුණේ නැහැ. ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවට මේවා දැනෙන්නේ නැතිකම. ඒ නිසා මේ තත්ත්වය වෙනස් වියයුතු කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව වෙනස් කරන්න කාලය ඇවිල්ලා. මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරෙන්දු දෙනවා. පැය විසිහතරම ජනාධිපති කාර්යාලය ඇරලා තියෙනවාලු. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිතුමා මට මතක් කර සිටියා ඇමැති කෙනෙක් කීවාලු සතොස පැය 24 විවෘත කර තියෙනවා කියලා මහජනතාවට. කියලා අන්තිමට මොකද වුණේ. මැස්සොයි මදුරුවොයි ඒකේ හිටපු සේවකයෝ විතරයි ඉතුරු වුණේ. බඩු ගන්න මිනිස්සු ආවේ නැහැ. අන්තිමට ඒ වැඬේ අතහැරලා දැම්මා. ඒ වගේ තමයි පාන්දර එකට දෙකට ජනාධිපති කාර්යාලයට ගිහින් මොනවා කරන්නද කියලා මම අහනවා. මේ වගේ මිනිස්සු රවට්ටන වැඩපිළිවෙළවල් ගැන තමයි අද ආණ්ඩුව කථා කරන්නේ. අද එක අපේක්ෂකයෙක් කියනවා උපදෙස් එපාලු. එයා සියල්ල දන්නවලු. අනේ දෙවියනේ මම නම් කියන්නේ අපි නම් සියල්ල දන්නේ නැහැ. නොදන්න දේ ජනතාවගෙන් අහගෙන වැඩ කරන්න කැමතියි කියලා මේ වෙලාවෙදි මතක් කර සිටිනවා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා
“මේ රටේ ජනතාවට ආරක්ෂිත රටක් සෞභාග්‍යමත් දේශයක් ලබාදෙනවා. අපි තමුන්නාන්සේලා ඉදිරියට එන්නේ වැඩ කරපු කොටසක් විදිහට. අපි පොරොන්දු දෙන කණ්ඩායමක් විදිහට නෙමේ. මොකද අපි පොරොන්දු දී ඒවා ඉටුකරපු පිරිසක් විදිහට තමයි අප මේ ඔබ ඉදිරියට පැමිණ සිටින්නේ. ඔබලා දන්නවා 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විදිහට මේ රට භාරගන්නකොට මේ රටේ අභියෝග ගණනාවක් තිබුණා. අපිට ඒ කාලයේදි වන්නියෙන් ඉහළට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නැගෙනහිර ප්‍රදේශයේ තුනෙන් දෙකක් ත්‍රස්තවාදීන්ට යටවෙලා තිබුණා. දකුණෙත් බෝම්බ පිපිරුනා. අවුරුදු ගණනාවක් ජනාධිපතිවරු ගණනාවක් යටතේ තිබුණ මෙරට වැසියන් ත්‍රස්තවාදයෙන් බැටකෑවා. අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඒ වෙලාවේදි රට වැසියන්ට පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය තුරන් කරනවා කියලා.
එතුමා අවුරුදු දෙකහමාරක් යන්න කලින් මේ රටෙන් ත්‍රස්තවාදය සහමුලින්ම තුරන් කළා. ත්‍රස්තවාදය අවසන් කරලා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් මේ රටේ ඇතිකළා. අධිවේගී කාපට් මාර්ග, ගුවන් තොටුපොළවල්, වරායන් ඇතුළු අංශ ගණනාවක් මේ රටේ සංවර්ධනයට ඉවහල් වුණා. ඒ  සංවර්ධනය හරහා අපි මේ රටේ රැකී රක්ෂා විශාල ප්‍රමාණයක් නිර්මාණය කළා. ඒ නිසා ව්‍යවසායකයින් ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුගේ අතමිට සරු වුණා කියලා ඔබ දන්නවා. මේ රජය බොරු ප්‍රචාර කරලා මහින්ද රාජපක්ෂ යුගය අවසන් කරලා බලයට පැමිණියට පසු අදූරදර්ෂී ක්‍රියාකලාපය නිසා සංවර්ධන වැඩපිළිවෙළවල් අඩාල වුණා. අපි රණවිරුවන් අභිමානයෙන් සැමරුවා. ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ රණවිරුවන්ගේ මානසිකත්වය කඩා දැම්මා. බුද්ධි අංශ විනාශ කළා. අපි එදා යොදා තිබුණ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බුද්ධි තොරතුරු ජාලය කඩා වැටුණා. මේ හේතු නිසා අවුරුදු දහයක් යන්නට මත්තෙන් එදා තිබුණ සුරක්ෂිත රට නැතිවෙලා නැවතත් බෝම්බ පුපුරලා පන්සලකට පල්ලියකට කෝවිලකට යන්න බැරි තත්ත්වයක් උදා කළා. අප මහින්ද රාජපක්ෂ යුගයේදි මේ රටේ සංස්කෘතියත් එක්ක බැඳුනු කෘෂිකර්මාන්තය අපි නගාසිටුවූවා. එවකට අපිට ආර්ථික අභියෝගයක් තිබියදීත් යුද්ධය තිබියදීත් එතුමා ගොවියන්ට පොහොර සහනාධාරය ලබා දුන්නා. ඒ හරහා අපට පුළුවන් වුණා මේ රට සහලින් ස්වයංපෝෂිත කරන්න. අප දන්නවා මේ ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වැදගත් අංගයක් කියලා. අපට පුළුවන්කමක් නැහැ. ආහාර වෙනුවෙන් වෙනත් රටක් දිහා බලන් ඉන්නට. ඒවගේම අප කෘෂිකර්මය හරහා විදේශ විනිමයක් ලබාගැනීමට හැකියාවත් තිබෙනවා.

නමුත් මේ රජය ආවාට පස්සේ විදේශීය උපදේශකවරුන්ගේ යෝජනා මත මේ රට කෘෂිකර්මයට දුන්න ප්‍රමුඛත්වය නැතිකර දැම්මා. එදා සහලින් ස්වයංපෝෂිත වුණු රට අද පිටරටින් හාල් ගේන තත්ත්වෙට පත්වෙලා. ඒ පමණක් නොවේ අර්තාපල්, මිරිස්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණ රටට පිටරටින් මේවා ගෙන්වනවා. ගම්මිරිස් හා කිරි ගොවියා අද අසරණ වෙලා. අපි කෘෂිකර්මාන්තයට මුල්තැන දෙනවා. අපි ගොවියාට නොමිලයේ පොහොර සහනාධාරය දෙනවා. ඒවගේම ගොවි ණය සම්පූර්ණයෙන්ම කපා හරිනවා. ඒ වගේම සහනදායී මිලට කෘෂි උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ගොවියාගේ ජීවන තත්ත්වය ඉහළ නංවනවා කියලා මතක් කරනවා.

මේ සහන අපි ලබා දෙන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නටයි. අපේ ආර්ථික සැලැස්ම පදනම් වෙලා තියෙන්නේ මිනිස් සම්පත මත. ඉදිරියේදී අප උස්ස පෙළ හදාරණ සෑම සිසුවෙකුටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව ලබා දෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ නිපුණත්වයක් තිබෙන තරුණ තරුණියන් බිහි කිරීමයි. කාර්මික අධ්‍යාපනය හා තාක්ෂණික අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය හරහා අපි මේ තරුණ තරුණියන්ට හොඳ වේතනයකට රැකියාවක් ලබාගැනීමට අවශ්‍ය පසුබිම මේ තුළින් සකස් කරනවා. මේ රටට සංචාරක ව්‍යාපාරය හරහා විශාල රැකියා ප්‍රමාණයක් හා විදේශීය විනිමයක් ගෙන එන්නට පුළුවන්. ඒකට සුරක්ෂිත ආරක්ෂිත රටක් අවශ්‍යයි. අපි ත්‍රස්තවාදය අවසන් කළා විතරක් නෙමේ නැවත ත්‍රස්තවාදය එන්නේ නැති විදිහට වැඩපිළිවෙළක් සකස් කර තිබුණා.
 
ඒ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරලා මේ රට සුරක්ෂිත රටක් කරන්න කටයුතු කරනවා. අද ව්‍යාපාරිකයින් දේශීය කර්මාන්තකරුවන් අසරණ තත්ත්වෙට පත්වෙලා පිටරටින් භාණ්ඩ ගෙන්වීම නිසා. ඒ නිසා අපි නැවතත් දේශීිය කර්මාන්තකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඔවුන් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මා මත විශ්වාසය තබන්න. මගේ යුතුකම මම ඉටුකරනවා.”

මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, ටී.බී. ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් හා හිටපු පළාත් සභා මන්ත්‍රී මංජුලා දිසානායක හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.කේ. සුමිත් මහතා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (0)

’’මේ ආණ්ඩුව රණවිරුවන්ටත් රටටත් කොඩිවිනයක්’’

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 940 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1189 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7411 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 889 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2054 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3761 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 334 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 86 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1112 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site