IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා

(*** නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාවට සෙත සලසන බවට පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව උහුල ගන්න බැරි පීඩනයකට අසහනයකට ජනතාව පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රත්මලානේදී පැවති ජන හමුවක දී පැවසීය.

ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව දිගින් දිගටම සටන් කරන බවද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල පිළිගැනීමේ හමුවලට එක් වූ අතර එහිදී අදහස් දක්වමින් මේ බව පැවසීය.

රත්මලාන, කොතලාවලපුර, රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට පැවැති පිළිගැනීමේ හමුවට සහභාගි වී එම හමුව අමතමින් සිටිය දී කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් වේදිකාවට ගල් ප්‍රහාරයක් ද එල්ල කරනු ලැබීය.

එම ගල් ප්‍රහාරය නොතකමින් විපක්ෂ නායකවරයා සිය කතාව අඛණ්ඩව කරගෙන ගිය අතර එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

ජනාධිපතිවරණයේදී, මහ මැතිවරණයේදී අපට ඡන්දය ලබා දුන් පොදු ජනතාවට කෙළෙහිගුණ දැක්වීමක් වශයෙන් රට වටා යන්න අපි තීරණය කරලා තියෙනවා. සමගි ජනබලවේගය මේ රටේ ජනතාවගේ ජන සවියෙන් රාජ්‍ය බලය ලබාගන්න විට රටේම ජනතාවට කෙළෙහි ගුණ දැක්වීමේ යුගය ආරම්භ කරනවා.

හැටනව ලක්ෂයක් ජනාධිපතිවරණයේදී ඡන්දය දීපු ජනතාව තුනෙන් දෙකකට ආසන්න ආසන පිරිසක් මහ මැතිරවණයේදී මේ ආණ්ඩුවට ලබා දුන්නා. මේ තරම් සුවිශාල ජනවරමක් ලබාගත්තු වත්මන් ආණ්ඩුව පොදු ජනතාවට කෙළෙහිගුණ දක්වලා තියෙනවද කියලා අපි අහනවා.

ආණ්ඩුවක් පත් වෙන්නේ රටේ ජනතාවට හොඳ ජන ජීවිතයක් ලබාදීමටයි. ඒත් මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ රටේ ජනතාවගේ ප්‍රශ්න එමටයි. ජීවන බර ඉහළ ගිහින්. ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ.

මේ රජය පත් කරපු ජනතාව අද සම්පූර්ණයෙන්ම අනාත තත්ත්වයට පත් වෙලා තියෙනවා. රටේ සමස්ත ජනතාව විපතට පත් වෙලා ඉන්න වෙලාවක පැය 24ම ඒ ජනතාව වෙනුවෙන් සටන් වඳින්න රටේ ප්‍රධාන විපක්ෂය විදිහට අපි සුදානම් කියලා මම මේ අවස්ථාවේ කියනවා.
අපි ගෙන යන මේ ජනතාවාදී වැඩපිළිවෙලට එරෙහිව අද වෙන විට විවිධ පුද්ගලයන් බොහොම නොඉවසිල්ලෙන් කටයුතු කරනවා. සත්‍ය කතා කරන විට මේ පුද්ගලයන්ට ඒවා දරාගෙන ඉන්න බැහැ. ඒ නිසා තමයි අද මේ මැර ප්‍රහාර එල්ල කරන්න හදන්නේ. අපිට ගහපු මේ ගල් යොදා ගෙන මේ ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක් ඉදි කරන්න අපි කටයුතු කරනවා.

ආණ්ඩුවේ වැරදි ආර්ථික සැලසුම් හේතුවෙන් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත දමා තිබෙනවා. මේ ශ්‍රේණිගත කිරීමෙන් අපි පහළ බැස්සා කියන්නේ ජාත්‍යන්තරයෙන් අපේ රට කෙරෙහි තිබෙන විශ්වාසය පළුදු වීමයි.

අපේ රටට ජාත්‍යන්තර විශ්වාසය අහිමිවීම තුළ විදේශ ආයෝජන අපේ රටට අහිමිවීමේ අවදානමක් තියෙනවා. විදේශ ආයෝජන නොමැතිව අපේ රටට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමට බැහැ.

මේ ශ්‍රේණිගත කිරීම් වලින් පහළ දැමීමෙන් ආර්ථික සංවර්ධන මර උගුලක අපි හිර වෙනවා.

විගනණයේ ප්‍රසම්පාදනයේ යෝජිත වෙනස්කම් ජාත්‍යන්තරයට වැරැදි පණිවුඩයක් ලබාදීලා තියෙනවා. පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය පාලනය පිළිබඳ තියෙන තත්ත්වය දුර්වලවීම මේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටීමට දැවැන්ත ලෙස බලපාල තියෙනවා. මේ අනුව අද රටේ ආර්ථික තත්ත්වය ඉතාම ඛේදනීය තත්ත්වයකට පත් වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව පත් වුණේ ජනතාවට සෙතක් සලසනවා. ජනතාවට සේවය සලසනවා කියලා ඒත් ඒ දේවල් කරන්න වර්තමාන රජය අද අපොහොසත් වෙලා තියෙනවා.

උහුලගන්න බැරි පීඩනයක් අසහනයක් මේ ආණ්ඩුව අද ජනතාවට ඇති කරලා තියෙනවා. මේ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව අපි දිගින් දිගටම කටයුතු කරනවා. පොඩි මිනිසා වෙනුවෙන් අපි පෙනී ඉන්නවා යැයි ද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 



අදහස් (1)

මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා

Raveendra Tuesday, 06 October 2020 03:15 AM

හදේ ජිවත් වෙමින් මම කොහොමද මහපොළොවේ ජිවත් වෙන මිනිසුන්ගේ පීඩන ගැන විමසන්න ඇසීමට එකෙක්වත් ඉදිරියට ආවේ නැහැනේ හැබැටම.....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1429 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1300 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 469 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site