(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ හෝමාගම ප්‍රියන්ත ජයලත්)
“හාල්පාරුවන් “හාල්පාරුවන් පිරිසක් ඇමැතිකම් දරනවා. වැඩ කරන්න පුළුවන් අප වගේ දක්ෂයන්ට තනතුරු ලැබිලා නැහැ. මේ ආණ්ඩුව පත්කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාවත්, රනිල් වික්‍රමසිංහ මහතාවත් නොව අපි වගේ තරුණයන් පිරිසක් සටන් කරලා යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මහරගමදී පැවසීය.පිරිසක් ඇමැතිකම් දරනවා. වැඩ කරන්න පුළුවන් අප වගේ දක්ෂයන්ට තනතුරු ලැබිලා නැහැ. මේ ආණ්ඩුව පත්කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාවත්, රනිල් වික්‍රමසිංහ මහතාවත් නොව අපි වගේ තරුණයන් පිරිසක් සටන් කරලා යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා මහරගමදී පැවසීය.
මෙහිදී සේනසිංහ මහතා මෙසේද කීය.
අමාත්‍යාංශයක් බාරදීලා සමථ මණ්ඩල සභාපති කෙනෙක් කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව පත් කළේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් නොවේ. අපි වාගේ තරුණයන් විශාල පිරිසක් සටන් කරලා මේ ආණ්ඩුව ගත්තේ. මේ දේශපාලනයේ අපි සෑහෙන කාලයක් ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියා වගේ තමයි හිටියේ” අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ සේනසිංහ කාන්තා පදනම විසින් සංවිධානය කරන ලද ස්වයං රැකියා පුහුණු පාඨමාලාව නිමකළ කාන්තාවන් 300 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීම නිමිත්තෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.
මේ ආණ්ඩුව ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයවත් රනිල් වික්‍රමසිංහ මහත්තයවත් නෙවෙයි. අපි වගේ තරුණයෝ විශාල පිරිසක් සටන් කරල මේ ආණ්ඩු බලය ගත්තේ. ආණ්ඩුව පත්වුණාට පස්සේ අපි බලාපොරොත්තු වුණා දක්ෂයො සුදුසු තැන්වලට පත්කරල විශාල සංවර්ධනයකට රට අරගෙන යාවි කියල. එත් දැන් වෙලා තියෙන්නේ හාල්පාරුවෝ පිරිසක් ඇමතිකම් අරගෙන වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ආණ්ඩුවෙන් අවස්ථාවක් ලැබිල නැහැ යැයි විදේශ වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
සේනසිංහ මහතා එසේ පැවසුවේ මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති සහතිකපත් බෙදාදීමේ උත්සවයකට සහභාගි වෙමිනි.
උත්සවය සුජීව සේනසිංහ පදමනම සංවිධානය කර තිබූ අතර පදනමෙන් වෘතිය පුහුණුව ලැබූ සිසු සිසුවියන් 162 කට සහතික පත්‍ර ප්‍රදානය කෙරිණ.
සේනසිංහ මහතා මෙසේද කීය.
මට දීල තියෙන අමාත්‍යාංශයේ මට කිසිම බලතලයක් නැහැ අපිට වැඩ කරන්න.
බලතල ඕන නැහැ. බලතල නැතුවවත් වැඩක් කරන්න දෙන්නේ නැහැ. වැඩ කරන්න පුළුවන් දක්ෂයො විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂෙ ඉන්නව. ඔවුන්ට අවස්ථාවක් දෙන්නේ නැහැ. මලික් සමරවික්‍රම මහත්තය කිව්ව මට ගැසට් කරල බලතල දුන්න කියල. මට ගැසට් කරල දුන්න ආරවුල් සමථයකට පත්කරන්න කියල. මට අමත්‍යාංශයක් බාරදීල මම සමථ මණ්ඩල සභාපතිකෙනෙක් කරල තියෙන්නෙ. අපිට මේ ආණ්ඩුව වැඩක් කරන්න දෙන්නෙ නැහැ. එහෙම කියල අපි බලාගෙන හිටියොත් රටට විශාල පාඩුවක් වෙනව.
ඩී.එස්. සේනානායකල, ඩඞ්ලි සේනානායකල, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජේ.ආර්. ජයවර්ධන වගේ දක්ෂ නායකයෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂෙ හිටිය. ඒ අය හොරකම් කළේ නැහැ. රට දියුණු කළා. ඒ වගේ පිරිසක් නැවත අපි ගොඩනගන්න ඕනැ මේ රට බාර ගන්න. ඒ වගේ දක්ෂ තරුණ පිරිසක් එක්සත් ජාතික පක්ෂෙ ඉන්නව. අපේ ප්‍රතිරූපෙ යම් ප්‍රශ්නයක් තිබුණ. අන්තිම ඡන්ද ටික බලනකොට ඒ බව අපිට තේරුණා. අපි බලාපොරොත්තු වෙනව අලුත් ප්‍රතිරූපයක් එක්සත් ජාතික පක්ෂෙ ඇති කරල නැවත ඒ ස්වර්ණමය යුගය ඇති කරන්න.
එක්සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණ වෙනස් කිරීම සඳහා ඇති සූදානමක් පිළිබඳව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කීය.
මේ පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහත්තයගෙවත් මගේවත් නෙවෙයි. මේ පක්‍ෂය රටේ ජනතාවගේ. රටේ පිරිසුදුම පක්‍ෂය. මේ පක්‍ෂයේ ලාංඡනය, පක්‍ෂයේ පාට, පක්‍ෂයේ ප්‍රතිපත්ති හැමදේම හැදුවේ ඩී.එස්. සේනානායක මහත්තයා. මේ පක්‍ෂයෙන් තමයි රට විශාල සංවර්ධනයකට අරන් ආවේ. කාටවත් ඕන විදියට පක්‍ෂයේ පාට, ලාංඡනය, ප්‍රතිපත්ති වෙනස් කරන්න බැහැ.
පක්‍ෂය ගැන විශාල කලකිරීමක් තියෙනවා. කලකිරීමක් තිබුණත් අපි පක්‍ෂය අතාරින්නේ නැහැ. කොහොම හරි පක්‍ෂය ඉස්සරහට ගෙනිහිල්ල රට ජයග්‍රහණය කරා ගෙනියන අධිෂ්ඨානය මගේ හිතේ තියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ ඔළුගෙඩි මාරුකරන නායකත්වය තමයි මේකට වගකියන්නේ ඕනේ.
හාල්පාරුවන්ට ඇමතිකම් ගන්න දීලා ඔබතුමා සුන්සහල් පාරුවකට නැග්ගේ සටනේ දුර්වල සෙනෙවියෙක් නිසාද? මහා බැංකුවේ හොරකමක් වුනේ නැහැ කියලා ලියපු පොත නැවත මුද්‍රණය කරලා සටන් සගයන්ට නැවත බෙදලා දෙන්න.
අනිවාර්යෙන්ම මමත් ඔබ සමඟ එකඟයි වෙන කිසිම පක්ෂයක නැති තරම් රටට ආදරය කරන දක්ෂ උගත් තරුණ පිරිසක් ඉඳිද්දීත් නාකි හුරතල් කරන පක්ෂයක් වෙලා යු.එන්.පී
මගේ අම්මේ ... මේ අපේ ෆුට්නොට් මස්සිනා නේද "තල් අත්තට බොරළු" හලනවා වගේ මිහිරි නදින් කෑමොර දෙන්නේ. අනේ මලය 118 ඇතුලේ නේද අසුන්දර නම තියෙන්නේ ?ජාතික ඇදුමටත් ගරහනවා නේද?? හා හා හොදා.......
වැඩකරන්න පුළුවන් දක්ෂයෙක් කියල හොදට පෙන්නුවනේ, තඹ කන්ටේනර් බේරලා, ෆුට් නොට් දමල. එනිසා කොහොමහරි මෙයාට කැබිනට් ඇමතිකමක් දෙන්නම ඕනේ.
දක්ෂයා කවදාවත් මම දක්ෂයි කියන්නේ නැහැ. මෝඩ කමේ ප්‍රතිරූපය.
ඇත්ත නැත්ත පොතෙන් අපි ඔබ කියන දේවල් වල ඇත්ත නැත්ත අපිට පෙනෙනවා.
අනේ මන්දා! වෙනත් කිසිම පක්ෂයක් නැති තරම් ගවේශනාත්මක පොත් ලියන්න පිළිවන් දක්ෂයෝ සිටියදී නුසුදුස්සෝ ඇමතිකම් අරගෙන . විදි සටන්වලට යන්න.
මෙහි දැක්වෙන ඉලංගරත්න මහතාගේ කියමන සමග මම එකඟයි. හැබෑ දක්ෂයෝ තමන් දක්ෂයි කියල තමන්ම කියාගන්න යන්නේ නැහැ. දියවන්නාව දිහා හැරිලාවත් නොබලන එහි ඉන්න අයට වඩා දක්ෂ හැබෑ දක්ෂයෝ තව කී ලක්ෂ ගණනක් මේ රටේ ඉන්නවාද? .
ඔය පොතට ලක්ෂ 40ක් විතර යන්න ඇති මට හිතෙන්නේ.
මේ තනතුරු හම්බවෙලා නැහැලු. හොඳටම තරහ ගිහිල්ලා.. හරි පව්..
ලංකාවේ කවුරුත් කාටවත් වැඩක් කරන්න නොදෙන එක හැමෝටම පොදුයි. තමන් දැනගන්න ඕනෙ ඒවායින් බේරිලා වැඩකරගන්න. මේ තත්වය ආයතනවල හොඳටම තියෙනවා. ඕකනම් මොනවද?
අර්ජුන් ඇලෝසියස් ගෙන් අල්ලස් ගත්තේ කව්ද කියල මුළු ලංකාවම දන්නවා. නම්බු ඇතුව ගෙදර යන්න කලේ ඇවිල්ලා ඔබතුමාට............
කතාවට දක්ෂකම සබැ දක්ෂකමක්නම් ගිරවුන්ද මොවුන්ට වඩා දක්ෂයෝය...............