(නිමල කොඩිතුවක්කු)
රටට එරෙහිව ආණ්ඩුව සිදුකරන කුමන්ත‍්‍රණ සහ විවිධ ව්‍යාපෘති වලට එරෙහිව හඬක් නගන භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමේ සහ නිහඬ කිරීමේ උත්සාහයක ආණ්ඩුව දිගින් දිගටම නිරත වෙමින් සිටින බව මව්බිම සුරැකිමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී අද (9) පැවසූහ.
රටට ද්‍රෝහි ආණ්ඩුවේ කටයුතු වලට එරෙහිව භික්ෂුන් වහන්සේ පෙළගැසෙන කාළය වැඩි ඈතක නොවන බවද ආනන්ද හිමියෝ සදහන් කළහ.
මවුබිම සුරැකිමේ ජාතික සංවිධානය නාරාහේන්පිට අභයාරාමයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මව්බිම සුරැකිමේ ජාතික සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ එහිදී වැඩිදුරටත් මෙසේද කීහ.
‘‘රටට එරෙහිව ආණ්ඩුව සිදුකරන කුමන්ත‍්‍රණ, ව්‍යාපෘති වලට එරෙහිව හඬක් නගන භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමට, භික්ෂුන් වහන්සේලා නිහඬ කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිටිනවා.
අපි ආණ්ඩුවට කියන්න කැමතියි අපි නිහඬ නැහැ කියලා. ඒ වගේම අපි නිහඬ කිරිමටත් මේ අයට හැකියාවක් නැහැ. අපි හැම වෙලාවෙම සටන් පෙරමුණේ සිටිනවා.
භික්ෂුන් වහන්සේට පුලූවන් තරම් පළතුරු දෙන්න, අටපිකරිකර දෙන්න, දාන දෙන්න ඔවුන් කටයුතු කරාවි. නමුත් ප‍්‍රබුද්ධ භික්ෂුන් වහන්සේලා දානයටවත්, අටපිරිකරටවත්, පලතුරු වට්ටියටවත් නැමෙන්නේ නැහැ කියලා අපි මේ අපි ආණ්ඩුවට කියනවා.
අපි තවම එළියට බැස්සේ නැහැ. අපි තවම මේ ආණ්ඩුවට කාළය දෙනවා. ආණ්ඩුව දෙන ආයුධ මුවහත් කරමින් අපි ඉදිරි කාලයේදී එළියට බැහැලා ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් පෙළ ගැහෙනවා කියලා අපි ආණ්ඩුවට කියනවා.
2025 ඔක්තෝබර් මස 08
1486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘භික්ෂුන් වහන්සේලා නිහඬ කිරිමේ උත්සහයක ආණ්ඩුව නිරතවෙනවා’
Chanak Los angeles Tuesday, 14 August 2018 07:35 AM
මේ වගේ සඟයන්ට කරන්න ඕනේ මොනවද කියල ජෝන් කොතලාවල නම් කියලා තිබුණා ..