පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මාල්
ප්‍රසන්න රණතුංග මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ රෝ සංවිධානයට අවශ්‍ය ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා රට අස්ථාවර කිරීමට උත්සාහ කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පස්සර වැල්ගොල්ල ගම්මානයේ දී අද පැවැති ශ්‍රීලනිප ක්‍රියාකාරීන් හමුවකදීය.
‘ජනාධිපතිට මේ පක්ෂය ශක්තිමත් කිරීමේ ලොකු උවමනාවක් තියෙනවා . ඒ අනුව තමයි එතුමා කාටත් එකතුවෙන්න කියලා ඉල්ලීමක් කරල තිබුණේ . එන්න කතාකරන්න කියලා ඒකාබද්ධයේ අයට ඉල්ලීමක් කළා. ඒගොල්ල මොකක්ද කළේ කොන්දේසි 6 ක් සහිතව ලිපියක් යවලා තියෙනවා .
ඒ කොන්දේසි 6 ගැන හරි සාකච්චා කරන්න එන්න තිබුනා නේ. මොකද එතුමා කාලයක් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලෙක්ම්තුමානේ . කාරනා කාරනා හරිද වැරැදිද , ඒවාට එකග වෙනවාද නැද්ද ඒගොල්ලන්ගේ අදහස් මොනවාද සංවාද ශීලීව සාකච්චා කරනන් එන්න තිබුණා.
එහෙම ඉන්නේ නැතිව රට අස්ථාවර කිරිම සඳහා විවිධ දේ කරන්නේ ඉන්දියාවේ උවමනාවට. ඉන්දියාවට ඕන විදියට මේ රට මෙහෙයවන්න දෙන්න මේ රටේ කවුරුවත් කැමැති වෙන්නේ නැහැ. මගෙන් සමහරු අහනවා මහ ඇමතිතුමා මහින්දගෙ ද මෛත්‍රීගේද කියලා. ඒක අහන්න ඕන මගේ අම්මාගෙන් නේ. මම ඉතින් එහෙම උත්තර දෙනවා.‘ යැයි මහ ඇමතිවරයා කීවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමර, තමුන් වදාපු අම්මටත් අපහාස කරන එකේ ජනතාවට කොහොම කරයිද? ජනතාව ඉතා සරල ප්‍රශ්නයක් අහපුවම ඒක අම්මාගෙන් අහන්න කියන්න තරම් ඇයි පහත් තත්වයකට වැටුනේ? ජනතාව ඔබට වඩා බුද්ධිමත් බව ඔබට තේරේවි ඊළඟ ඡන්දෙදි.. එදාට ඔබට අම්මා මතක් කරකර ඉන්න වෙන බව නම් සිකුරුයි..
ඔයා නිකන් රෝ එකට ගතුකියලා, හොඳ පරිප්පුවක් කන්න වගේ බලන්නේ....
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කලේ දැනට ඉන්න සභාපතිතුමා. පසුගිය ඡන්දෙදි එතුමා කිව්වා. දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කිව්වේ කව්ද? ඒවා පක්ෂෙට වැටෙන ඡන්ද නැවතීමක් නෙමෙයිද? එ්කේ වාසිය ගත්තේ එජාප එක. ඒ නිසා කොහෙවත් ඉන්න රෝ එකක් ගාව ගන්න ඕනේ නැහැ. රෝ එකට ඕනේ නම් සභාපතිතුමා කියන සුනන්ගුවට එ්ක කරාවි.
අනේද කියන්නේ මේ අය පක්ෂ, පාට බදාගෙන එකිනෙකාට ආඩපාලි කියමින් කාලය ගතකරනවා හැර වෙනත්දෙයක් නොමැත. රට වෙනුවෙන් වැදගත් වන වැඩ ගැන කතා කරන්න.
අපේ වැරදි වලට කාට හරි චෝදනා කිරීම, බොහෝ කලක සිට පැවතිගෙන සිරිතක්.සමහරු සතියකට වරක් මොනවා හරි දොඩනවා, මහජනයාගේ අවධානය ලබා ගන්න.
ගිය ඡන්දයට ඔය මහත්හොරු කගේ උවමනාවටද කඩේ ගියේ?????