(රන්න චන්ද්‍රසේන ගමගේ)
ලබන 04 වැනි දින පැවැත්වෙන 70 වැනි නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම මේ පාලකයන් ගේ නිවටකම ප්‍රදර්ශනය කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගුණකොළපැලැස්සේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පලාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියේදී පැවසීය.
මෙම රැළියේදී අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා, “ මේ රට යටත් කර ගෙන හිටපු රටක නායකයෙකු ගෙන්වා මේ රටේ නිදහස් උළෙලක් පැවැත් වීම සුදුසු දෙයක් විධියට මම සලක්නේ නෑ. එඩ්වඩ් කුමාරයා වෙන උත්සවයකට ගෙනාවානම් ඒක වරදක් විධියට මම දකින්නේ නෑ .මමත් චෝගම් එකට චාල්ස් කුමාරයත් ගෙන්නුවා . එඩ්වඩ් කුමාරයාට සුභ පතන ගමන්ම මම මේ ආණ්ඩුව වැටී ඇති තත්වය ගැනද කණගාටු වෙනවා.
අද බලන්න මේ ආණ්ඩුව රට වටේම තියෙන අපේ භූමි භාගය පිටරට වල් වලට විකුණනවා. දකුණ චීනෙට ඉන්දියාවට උතුර ඉන්දියාවට නැගෙනනහිර ඉන්දියාවට සිංගප්පූරුවට කොළඹ චීනෙට උකස් කරනවා.පිට රටවල් වලට මේ රට පාවා දෙන්න ආණ්ඩුව පියවර අරගෙන තිබෙනවා.මේ ඡන්දයේදී පොදු ජන පෙරමුණට දෙන ඡන්දය රට විකුණනවාට විරුද්ධව දෙන ඡන්දයක් වගේම ප්‍රභාකරන්ට කර ගන්න නොහැකි වූ දේ සිදු කරන්න මාන බලන සම්බන්ධලාට විරුද්ධවත් දෙන ඡන්දයක් බව අමතක කරන්න එපා.“ යැයිද පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින්ද කියන්නේ කියලත් හිතෙනවා. මෙයාට මතක නැති ලෙඩේ තියෙනවා...
කියන්න දෙයක් නැතිවුණාම ඔයවගේ විකාර තමයි කරන්නේ...
මේ කතාව ගමේ ගොඩේ සාමාන්‍ය මනුස්සයෙක් කීවානම් ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් අපේ හිටපු ජනාධිපතිතුමා මේ කතාව කීම ගැන හරිම කණගාටුවක් ඇතිවෙනවා. එතුමා දන්නවා මේක ශිෂ්ඨ ජාතින් දෙකක් අතර ඇතිවුණු රාජ්‍යතාන්ත්‍රික ගමනක් කියන එක.
බොළඳ කතා ... අඟුණකොළපැලැස්සේ බයියන්ට අල්ලලා යන ඒවා දෙන්නත් එපැයැ. රටකින් අරාධිතයෙක් ගෙන්නුවා කියල වරදක් වෙනවද? තමන්ගෙ ඇහේ පොල්පරාලේ නොදකින අනුන්ගෙ පොල්කෙන්ද දකින අප්පලා පුතාලම තමයි..
මෙහෙම කෙහොමද කතා කරන්නේ? නාමල් බේබිට කියලා ඉන්දියාවෙන් නැට්ටුක්කාරියක් ගේන්න තිබුණා බලය තිබුණානම්...
1815 ඌව වෙල්ලස්සේ කැරැල්ලේදී ලක්ෂ ගානක් සිංහලින් මරන්න අන දීපු අයගේ මුණුපුරන් නිදහස් දිනේට ගෙනල්ල මිය ගිය වීරයන්ට කරපු අපහාසයක්.
සුද්දෝ මොකටද ඉන්දියාවෙන් නළු සල්මන් කාන් ගේන්න තිබුණානේ... එයා මෙයාගේ යාලුවා නේද?
අන්න අන්න මමත් ඔබට විරුද්ධ වෙනවා... මෙතනදී දකුණු ඉන්දියාවෙන් වඩුග දෙමළෙක් ගේන්නද කියන්නේ?
ඊට හොඳයි ස්වාසිලන්තයෙන් වනචාරීන් ගෙන්නුවා නම්... අනේ මන්දා...
කෙක්කෙන් බැරිනම් කොක්කෙන් කිව්වලු . දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙන්වාලු. මෙයා බලයේ සිටියා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවාද ? අදත් මෙයා ජනාධිපති නම් , අපේ නිදහස් උත්සවයට සහභාගී කරගන්න අනිකුත් රාජ්‍ය නායක්යින්හට ආරාධනා කරනකොට පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව අත්හැර සිටිනවාද? නැතිනම් ඇරියුම් ලබන අනිකුත් රාජ්‍ය නායකයින් අතරින් බ්‍රිතාන්‍ය අගමැති අත්හැර සිටිනවාද ? මෙයා එලෙස ඇරියුම් කළා නම් අඩුම තරමින් මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හෝ සහභාගී වනවා නේද? අද සහභාගී වුනේ එක රටක නොවෙයි පදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාවගේ නියෝජිතයා නේද ? මේවා තමයි යමක් නොතේරෙන හෝ නොපිළිගන්නා හෝ කැපුවත් අපි මෙහෙමයි කියන හෝ මිනිසුන්ගේ ඔළුගෙඩි කුරුවල් කරන වැඩ. අලුත් මාර්තෘකාව නම් අගෙයි.
මහරජ ගෙන්නුවේ සුවාසිලන්තයේ නායකයෝනේ... බලලෝභීකම නිසා අවසානය ලංවෙලා වගේ... මේ වගේ නායකයොත් අපේ රට පාලනය කළානේ..
කටින්ද මේ කතා කරන්නේ? 1998 දී නිදහස් ස්වර්ණ ජයන්තියට චාල්ස් කුමාරයාව ගෙන්නන කොට ඇයි ඔය කතා කිව්වෙ නැත්තේ මෙයා?
ඔව් ගෙන්නුවා නම් හොඳයි. මේ නඩුව ගෙනාවා නම් නරකයි. මේ අය ගෙන්නුවේ ඉතින් කොයි වගේ කට්ටියද කියල අපි දන්නවා.. චෝගම් එකට අාපු දකුණු අප්‍රිකානු නායකයා හෝටලේ කට්ටියගෙනුත් මොකක්ද ඇහුවලු...
මහත්මයා ඔබ රාජ්‍යනායක යෙක් නොවේද? ඇයි මේ වගේම වගකීම් රහිත කතා කරන්නේ? ඔබ කලානම් පමණද නිවැරදි?
මෙතුමා කියන කතා ඇසූවිට වසර 10 ක් රට කල නායකයෙක්ද කියා සිතේ.
බ්‍රිතාන්‍යන් ඇතුළු බටහිරයන් කල අපරාද බොහොය එසේ වුවද අප රට ශිෂ්ඨත්වයට පත්විමට මෙම ආගමන බලපා ඇත. මොවුන් නොපැමිනියේ නම් අපිද තවමත් දරුවන් වංගෙඩියේ දමා කොටවන ජාතියෙකි. ඇතැම් අයට එවැනි කාලයන්ට යාමට අවශ්‍යව ඇත.
මහින්ද රාජපක්ෂ ගේ පවුල ගැන කතාකරවට වඩා වැදගත් ඒ ගොල්ලන් රටට කරපු සංවර්දනය ගැන කතාකරන එක. රාජපක්ෂ ඩොලර් ට්‍රිලියන් 2 ක් අරගෙන යුද්දේ ඉවරකරලා, වරාය, ගුවන් තොටුපල, පාරවල් හදල ගියත් යහපාලනය ඩොලර් ට්‍රිලියන් 3 ක් අවුරුදු 3 ක් ඇතුලත අරගෙන මොනවද කලේ? ඒ නිසා ඇත්ත තේරුම් ගන්න එක හොඳයි.
ඔච්චරම දේශප්‍රේමී නම් පොදුරාජ්‍ය මණ්ඩලයෙන් අයින්වෙන්න තිබුණනේ.. තමුන්ට බලය තිබුණු කාලේ, ලක්ෂ ගනන් වියදම් කරලා චෝගම් පවත්වන්නේ නැතුව. දැන් ගැලරියට බයිලා කියනවා.
ඒක කොහොමද රට පාවා දීමක් වෙන්නේ?