(නිමල කොඩිතුවක්කු)
රට සුඛිත මුදිත කරන බවට බොරු පොරොන්දු දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ අලූත් අවුරුද්ද සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.
ආණ්ඩු බලය ලබාගෙන ජනතාවට සහන නොදී සති 13ක් මර නින්දේ සිටි වත්මන් ආණ්ඩුව මැතිවරණය ආසන්න වීමේදි ජනතාවට සහන දිමට එක්වරම සිහිවීම ගැන ලක්ෂ 69 ජනතාව තීන්දුවක් ගත යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා සඳහන් කළේය.
තමන්ගේ නොහැකියාව සහ අකාර්යක්ෂම තාවය සඟවා ගනිම සඳහා රටේ ජනතාවට බොරු බේගල් ඇදබාන හෙඩ්ලයින් නිර්මාණය කිරීමෙන් වළකින ලෙසත් වර්තමාන රජයෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂනායකවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීවේය.
‘‘අපේ ප‍්‍රතිපක්ෂ නායකයින් සහ කණ්ඩායම් විසින් පහුගිය දින කිහිපය තුළ මේ රටේ ජනතාව දිගින් දිගටම මංමුලාවට ලක්කළා. මේ ආණ්ඩුව පත්වෙලා මාස තුනක් ඉක්මවලා තියෙනවා. මේ සති 13ක කාළය තුළ මේ රජයට වුවමනාවක් තිබුණා නම් ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමේ අයවැයක් ගෙන ඒමට ඕනෑ තරම් කාළය තිබුණා.
ජනතාවට සහන සලසන, රටතුළ සංවර්ධනය සහ සෞභාග්‍යය උදාකරවන අයවැයක් අනුමත කිරීමට විපක්ෂයේ අපි සැදී පැහැදි සිටියා. සති 13ක් එවැනි දෙයක් නොකර මරනින්දක පසුවුන වත්මන් රජය හිටි හැටියේම ප‍්‍රධාන අංශ දෙකකින් සමන්විත වූ යෝජනා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ඉන් එක යෝජනාවක් සංවර්ධන යෝජනාව. දෙවැනි යෝජනාව ණය සීමාව ඉහල දැමීමේ යෝජනාවයි. වගකිවයුතු විපක්ෂයක් විදියට අපි පළමුවෙනි යෝජනාවට එකඟ වුණා. ණය සීමාව ඉහළ දැමිමේ යෝජනාවට විරුද්ධ වුනා. අපිට අවශ්‍ය වුණේ ණය බරතාවය වැඩි නොකරන සංවර්ධනයට පක්ෂපාති වැඩපිලිවලක් ගෙනයාමයි.
අපි සංවර්ධනයට පක්ෂයි ණය සීමාවට විරුද්ධයි කියනවිට රජය යෝජනා දෙකම හකුලා ගත්තා. විපක්ෂයේ සහයෝගය නැති නිසා මේ යෝජනා ක‍්‍රියාතමක කිරීමට නොහැකි බව මෙම යෝජනාව හකුලගෙන ආණ්ඩුව ජනතාවට කිව්වා.
රජයට තිබුනා අපේ සහයෙන් සංවර්ධනය සඳහා වූ ඒ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. නමුත් රජය එවැනි ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. රජයේ යටි අරමුණ මෙතනින්ම පැහැදිලි වෙනවා.’
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බලයේ ඉන්න හාදයන් බොරු පොරොන්දු දී බලයට පැමිණි බව කියන මේ හාදයා ඇත්ත පොරොන්දු වෙන්න ඇති දුන්නේ බලය දෙන්න බලය දෙන්න කියමින් " බලු පොරයේදී ". එතකොට 2015 වේදීත් ඇත්ත පොරොන්දුමද දුන්නේ ඔහෙලා ඈ... හාදයෝ...? බොරු කප්පරක් කියලා තවත් බොරුමයි කියන්නේ නේද? විපක්ෂයේ නායක බොබිලන්... ලැජ්ජා නැද්ද...? 225ම හැමදාම බොරුවෙන්මයි ජීවිතේ ගැටගහ ගත්තේ... අට පහ දන්නා මිනිසුනුත් දන්නවා ඔබලා උපන්දා සිටම බොරුවෙන් වංචාවෙන් ජීවත්වෙන "මුර්ගයින්" කියලා..
හලෝ කියනවද? බොරු පොරොන්දු මොනවද කියා. වැට් බදු, උපයනවිට බදු, විත් හෝල්ඩින් බදු, විදේශීය විනිමය රටට ගෙන එනවාට ගහපු බදු, මේ සියල්ලම අඩුකළා. නැත්නම් නවතා දැම්මා. ඔහෙලා කාර් ගෙන්නන්න ඉහළ දාපු බදු... ඕවා නැතිව රට සංවර්ධනය කරන්න ගහපු බදු නොවෙයි. ඔහෙලා ගිය අවුරුදු 4 1/2 රටට කරපු එක වැඩක් කියන්න බලන්න. ඔහෙලගේ පව් මේ ආණ්ඩුවයි ගෙවන්නේ. අපිට තවත් පව් නොදී යන දේවාලෙක ගියොත් හොඳයි.
හැබැයි ඔහෙලගේ පොරොන්දු ඉෂ්ට කරන්න ගියොත් මහ කලබැගෑනියක් වෙනවා. ඔය තරමට සනීපාරක්ෂක තුවා කොහෙන් හොයන්නද? උත්සවයක් තියලා ඔබතුමා සනීපාරක්ෂක තුවා බෙදනකොට කට්ටිය රබන් ගහවි නේද...?
ඇයි සජිත් මහත්තයෝ අපිට ගිය අවුරුද්දේ අවුරුදු, වෙසක්, පොසොන්, නැතිවුණානේ.. ඔයාලගේ කාලේ මතකම නැද්ද?
මේ මනුස්සයා ගිය අවුරුදු 5 තුළ තමන්ගේ දෙයක් කියලා හඳුන්වලා දෙන්න බැරිවුණා... තමන්ගේ තාත්තා කරපු දේ පමණක් කරපු කෙනා. අපිට තේරෙන්නේ නැහැ.. යූ.එන්.පී අයට මෙයා දක්ෂයෙක් නොවන බව... යූ.එන්.පී එකේ නැද්ද මීට වඩා බුද්ධිමත් අය?
මේ කියන්නේ ජ‘පාලන ආණ්ඩුව ගැන වෙන්න ඇති...!