IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


‘බොරු කියා බලයට ආ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා‘

(*** අංජුල මහික වීරරත්න)

බොරු කියා බලයට පැමිණි ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුව පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට අන්තිමටම පිරිහී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම්, කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා ජාඇල දී පැවසීය.

කොරෝනා වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කර, සෞඛ්‍ය නිර්දේශ පවා බැහැර කරමින් බලලෝභී වුවමනා වෙනුවෙන් ආණ්ඩුව ජන ජීවිත අනතුරේ හෙළා අවසානැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

මහ මැතිවරණය වෙනුවෙන් ජාඇල ප්‍රදේශයේ පැවති රැලියකදී තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.

“රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා හෝ කොරෝනා වසංගතයෙන් ජන ජීවිත ආරක්‍ෂා කරගැනීමට හෝ රජයට කිසිදු ප්‍රතිපත්තියක් නැහැ.
කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තොරතුරු වසන් කරමින් රජය කටයුතු කරන බවට මේ වනවිට ජනතාව තුළ විශාල සැකයක් මතුවෙලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්‍ෂණ පැවැත්වීමෙන් ඉවත් වූයේ ඇයි? ඊට හේතුව රජය සත්‍ය තොරතුරු වසන් කිරීමයි.

මේ වනවිට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ රජය බැහැර කරමින් කටයුතු කරන තත්ත්වය නිර්මාණය වෙලා. මේ තත්ත්වය තුළ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් රාජකාරියෙන් පවා ඉවත් වූවා.

බලයට ඇති කෑදරකම හේතුවෙන් මැතිවරණය පසුපස දිවයන ආණ්ඩුවට ජනතාවගේ ජීවිතවල සුරක්ෂිත බව පිළිබඳ වගකීම අමතක වෙලා.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් කණ්ඩායම් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයත්, පක්‍ෂ මූලස්ථානයත් ඇල්ලීම පිළිබඳ කතා කරමින් යන නමුත් රටේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය ආර්ථික සහ දේශපාලනික දැක්ම ඉදිරිපත් කිරීමට මෙතෙක් අපොහොසත් වෙලා.

ජනතාවට වැදගත් වන්නේ පක්‍ෂ ගොඩනැගිලි අත්පත් කර ගැනීම නොව රට වෙනුවෙන් ක්‍රියාවට නංවන දේශපාලන ප්‍රතිපත්ති” බවද එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

මේ අවස්ථාවට හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, මහ මැතිවරණ අපේක්‍ෂක අර්ජුන රණතුංග යන මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (2)

‘බොරු කියා බලයට ආ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා‘

chandana Sunday, 26 July 2020 08:13 PM

ඔබතුමා කියනවා. අපි ඇත්ත වගේ අහගෙන ඉන්නවා. ඒත් ඔබතුමා කියන්නෙ බොරු කියලාත් අපි දන්නවා

:       0       0

sugath Sunday, 26 July 2020 10:06 PM

පසු ගිය කාලේ කව්රුත් බලයට ආවේ බොරු කියලා තමයි. හඳෙන් හෝ හාල් ගෙන ඒම, හාල් සේරු දෙකක් නොමිලේ ලබා දීම, ඇට වර්ග අටක් ලබා දීම, ජනාදිපති තනතුර අහෝසි කිරීම, රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, මනංකල්පිත ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලා ඇති කිරීම, එම් සී සී ගිවිසුම ඉරා දැමීම මේ කිවූ බොරු වලට උදාහරණ කිහිපයක් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1447 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1305 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site